අයථා මුදල්-දේපළ නඩුවට විමල් වීරවංශට අධිචෝදනා | දිනමිණ


 

අයථා මුදල්-දේපළ නඩුවට විමල් වීරවංශට අධිචෝදනා

කුමුදු හෙට්ටිආරච්චි

තම ආදායම්වලින් උපයාගත නොහැකි රුපියල් මිලියන හැත්තෑ පහකට ආසන්න මුදල් හා දේපළවල හිමිකාරීත්වය දැරීම සම්බන්ධව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව ඊයේ (11) අධිචෝදනා පත්‍ර බාර දුන් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඔහු රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළේය.

අධිකරණ සිතාසි මත ඊයේ (11) කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා වෙත එසේ අධිචෝදනා පත්‍ර බාරදීම සිදු කෙරුණි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අල්ලස් පනතේ ප්‍රතිපාදන මත මෙම නඩුව පවරා ඇති අතර නඩුව ඔප්පු කිරීම සඳහා සාක්කිකරුවන් 32 ක් නඩු භාණ්ඩ 40 ක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව අල්ලස් කොමිසම අධිකරණයට දැන්වීය. 2009/01/01 හා 2014/12/31 අතර කාලය තුළදී තම ආදායමෙන් උපයාගත නොහැකි රුපියල් මිලියන 75 කට ආසන්න මුදල් හා දේපළවල හිමිකාරීත්වය දැරූ බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විමල් වීරවංශ මහතාට එරෙහිව අධිචෝදනා නඟා ඇත. නඩුව නැවත කැඳවීම ලබන පෙබරවාරි මස 19 වැනිදාට කල් තැබුණි. 

අදහස් 2ක් ඇත

It is clear beyond doubt that Mr Weerawansa robbed the nation if not how could he build such a huge mansion around Thalawathugoda., in addition to acquiring other properties. Even if the Government fails to win the case, every one knows tat he robbed tax payers money, he is a total parasite on ta payer. He must be punished.

රජයේ නිලධාරින් ගැනත් මෙලෙසම හොයනන්. විශේෂයෙන් 2015 ට පෙර සහ යුද්ධය දිනුවට පුසව තමයි හිටපු අරමතිලා සහ හිටපු රජයේ නිලධාරින් වැඩිපුරම හොරකම් කළේ . හේතුව යුද්දය දිනුවට පස්සෙ ්හිතුවා කවර තවදාවත් රජපක්ෂ රජය වෙනස් නොව්යි කියලා. ඒ නිසා බය නැතුව අයථා ලෙස දේපොල රැස් කෙරුවා තමන්ගේ, බිරිදගේ දරුවන්ගේ නෑයන්ගෙ නමින්ත මෙම නිලධාරි්න මේ වනවිට පවතින රජයට පක්ෂයි කියලා බොරු රඟපෑමක යෙදෙනවා. පරණ වැරදි වහගන්නග වසර ගණන් ගිහින් නොව වහා වහාම මේවත් සොයනන්. මන්ද ඇමතිලාට මුනා වෙලා හොරකම් කරන්නේ දේහපාලනය හයියෙන් ඉක්මනින් ඉහල ලිය රජයේ නිලධාරින් සමහරක් තමයි

නව අදහස දක්වන්න