මාවනැල්ලේ බුදුපිළිම කැඩීමේ සිද්ධිය ගැන පුළුල් පරීක්ෂණ සිදුකරනවා | දිනමිණ

මාවනැල්ලේ බුදුපිළිම කැඩීමේ සිද්ධිය ගැන පුළුල් පරීක්ෂණ සිදුකරනවා

ස්වර්ණා විජේකෝන්, රෝෂන් තුෂාර, සුභාෂිණි සේනානායක

මාවනැල්ලේ බුදු පිළිම කැඩීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයන්ගේ නිවෙස්වල තිබි සොයාගත් අවි ආයුධ තොගය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ සිදුකරන බව සභානායක, ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (23) ප්‍රකාශ කළේය.

මේ සිදුවීම සම්බන්ධයෙන් අඛන්ඩව පරික්ෂණ සිදුවන බවත් පරික්ෂණ සිදුවන හෙයින් මේ පිළිබඳ තොරතුරු අනාවරණය වෙමින් පවතින බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ පොලිසිය විසින් නිසි පරිදි පරික්ෂණ සිදුකරන හෙයින් මේ සිදුවීම සම්බන්ධ තොරතුරු හෙළිවූ බවත් මේ සිද්ධිය සම්බන්ධයෙන් කිසිඳු යටගැසීමකින් තොරව පරික්ෂණ සිදුවන බව විමල් වීරවංශ මහතා ඉදිරිපත් කළ කරුණුවලින් පවා තහවුරු වන බවත් ඇමැතිවරයා සඳහන් කළේය‍.

විමල් වීරවංශ මහතා - බුදු පිළිම කැඩීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාවනැල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට පත් මුස්ලිම් තරුණයන් දෙදෙනාගේ තාත්තලාගේ නිවාසවල අවි ආයුධ විශාල ප්‍රමාණයක් තිබී පොලීසිය සොයාගත් බව මාධ්‍ය වාර්තා පළවී තිබෙනවා. මෙය ඉතාමත් බැරූරුම් තත්ත්වයක්. මේ සම්බන්ධයෙන් සිදුකරන පරික්ෂණ සම්බන්ධ තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිනවා.

සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා - හරියට පරීක්ෂණ සිදුවී තිබෙන නිසා තමයි මේවා හෙළිදරව් වුණේ. මෙතුමාගේ කතාවෙන්ම තහවුරු වෙනවා මේක යට ගහන්නේ නැතිව නිසියාකාරව පරික්ෂණ සිදුවෙනවා කියලා.

කතානායක කරූ ජයසූරිය මහතා - මේ ගැන පැහැදිලි කිරීමක් කරනවාද

සභානායකවරයා - පරික්ෂණ නිසියාකාරව සිදුකෙරෙනවා.

විමල් වීරවංශ මහතා - පරික්ෂණ නිසියාකාරව කෙරෙනවාද කියන්න අපිට තේරෙන්නේ නැහැ.පොලිසිය මේ අත්අඩංගුවට ගත් ප්‍රමාණයට වඩා මෙහි තත්ත්වය බරපතළ බවයි අපට තේරෙන්නේ.

සභානායකවරයා - මේ සඳහා මම සරළ පිළිතුරක් ලබාදුන්නේ අද දවසේ වැඩකටයුතු නිසයි. දැන් මෙතුමාම කියනවා, පොලිසිය ගිහින් අවි ආයුධ තොගයක් සොයාගත් බවට. ඒ ගැන විමර්ශන සිදුකෙරෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා - පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ මෙවැනි ආයුධ විශාල ප්‍රමාණයක් හමුවුණා. මේක දේශපාලනීකරණය කරගන්න උත්සාහ කරන්න එපා. තමන්ගේ දේශපාලන කටයුතු සඳහා මෙය යොදා ගන්න එපා. මේ සිදුවීම ගැන කඩිනමින් වාර්තා කරන්න කියා අපිත් ඉල්ලනවා.

නියෝජ්‍ය ඇමැති නලින් බණ්ඩාර මහතා - මීට කලින් ඔය ආයුධ ගැන කතාකිරීමේදී කෑගල්ලේ පළාත් සභා මන්ත්‍රීවරයෙක්ගේ නිවසක තීබි ආයුධ අසුවුණා. අපි මේ කිසිවක් ජාතිවාදි හැගීමෙන් කතාකරන්න හොඳ නැහැ. මුස්ලිම් හෝ දෙමළ හෝ සිංහල හෝ ගෙදරක තිබී ආයුධ හමුවුනෝතින් එය වැරැදියි. අපට ආරංචියි අද මාවනැල්ලේ උද්ඝෝෂණයක් පවත්වන්නට නියමිත බව මේ සිදුවීම මුල්කරගෙන. මේවා නීතිය ඉදිරියේ විසඳ‍ගන්න දෙන්නේ නැතිව අපි පාරට බැහැල දේශපාලන වුවමනා‍වන් ඉටුකරගන්නට යාම වැරදියි.

නැති ගින්නක් රටතුළ ඇතිකරනවාද , මේවා නීතිය ඉදිරියේ විසඳ ගන්න දෙනවාද කියා අපි සිතිය යුතුයි. දේශපාලන අරමුණු වෙනුවෙන් බෞද්ධ භික්ෂූන් වහන්සේලා හා වෙනත් පිරිසක් අද උද්ඝෝෂණය කරන්න යනවා කියා ආරංචියි.මේ සමහරු සුදු පිරුවට ඇදගෙන හිටියට අනුන්ගේ පොත් හොරකම් කරලා අච්චු ගහපු අයත් පාර්ලිමේන්තුවේ ඉන්නවා. අනුන්ට සුදු පිරුවට අන්දවන්න ඉස්සරවෙලා තමන්ගේ හෙළුව වහගන්න කියා මම බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.


අදහස් 1ක් ඇත

mama thada bawuddayek, mage hadawatha budu gunayen sath sith wadawa ganna athi uthsahaya apamanayi,, namuth mila kala nohaki budu ruwa handi ganeyi , bokku udayi gas yatayi, mamath walayi godana ga ,, kollantayai ballantayi winasa karanna ida thiyana epa , ema pilima nirmanaya kala yutthe watinama sthana wala pamanayayi,, ! lowa an agamka nayakathwayan mese hanidi gane , sthupa nokarana neethiye watinamkama ape bawuddayan therum ganne naha , , meya bala darsanayak nowana widihata darma pracharanayak wiya yuthuya;!

නව අදහස දක්වන්න