රතන හිමි රෝහලින් පිටව යයි | දිනමිණ

රතන හිමි රෝහලින් පිටව යයි

මහනුවර දළදා මාලිගාවේ උඩමලුවේ සිව්දිනක් උපවාසයෙන් පසු මහනුවර මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලැබු පූජ්‍ය අතුරලියේ රතන හිමි සුවය ලබා අද(05) රොහලෙන් පිටව ගියේය.
 
මහනුවර රෝහලේ අධ්‍යක්ෂ සමන් රත්නායක මහතා කියා සිටියේ දින 4ක කාලයක් උපවාසය සිදුකිරීමෙන් ඇතිවූ විජලන තත්වය හැර වෙනත් කිසිඳු රෝගී තත්වයක් උන්වහන්සේට නොමැති බවයි.
 
රිෂාඩ් බද්යුදීන්, අසාද් සාලි හා හිස්බුල්ලා යන අයට තනතුරුවලින් ඉවත් වන ලෙස බල කරමින් උපවාසයක් පසුගිය සිකුරාදා මහනුවර දළදා මාලිගාවේ උඩමළුවේ දී ආරම්භ කෙරිණ. උන්වහන්සේ කළ ඉල්ලීම් පසුගිය සඳුදා දහවල් ඉටුවීම හේතුවෙන් පස්වරු 2.00ට පමණ උපවාසය අවසන් කෙරිණ.

අදහස් 1ක් ඇත

siya athma parithyagayak kala haki theranuweki, !jathiye pinata pahalawu uthumeki ,, namuth jathiya yanu mata therum gatha nohakiya!siyalu jathin iwa simen jeewath wiya yuthuya! wisesayen ratata wenna giya abagya sampanna karmaya kin jathiya goda wuyeya, unwahnseta jeewitha danaya labuneya!!! oba wahanse ta deergayu,,,,! jathika kathawa wisala gaburu darmayakiya!

නව අදහස දක්වන්න