Tuesday, පෙබරවාරි 16, 2016 - 01:00
ගම්පහ - යාගොඩ නිවෙසක අත්තිවාරමකින් හමුවූ මාපිල් වර්ගයකට අයත් මාපිල් පැටවුන් 74ක් ඉකුත්දා වනජීවී නිලධාරීන්ට භාර දී තිබිණි.
මේ නිවෙසේ කුඩා දරුවකු විසින් සතකු සිටින බව දැක ඒ පිළිබඳ වැඩිහිටියන්ට දැනුම්දීමෙන් අනතුරුව එම ස්ථානය පරීක්ෂා කිරීමෙන් පසු මෙලෙස පැටවුන් සහ බිත්තර සොයා ගැනිණි.
අනතුරුව වනජීවී නිලධාරින්ට දැනුම්දීමෙන් පසුව ගම්පහ වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට භාර දී ඇත.
ඡායාරූපය හා සටහන :- ගම්පහ දිස්ත්රික් විශේෂ - සිසිල ගුණතිලක
අදහස් 1ක් ඇත
මෙහි දක්වා ඇති සර්පයන්ගේ නම් නිවැරදි විය යුතුය
නව අදහස දක්වන්න