මත්ද්‍රව්‍ය ජාවාරම්කළ 04කට මරණ දඩුවම දෙන්න | දිනමිණ


 

මත්ද්‍රව්‍ය ජාවාරම්කළ 04කට මරණ දඩුවම දෙන්න

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයින් සිව් දෙනෙකුට මරණ දඩුවම ලබාදීම සඳහා තමා අත්සන් තැබූ බව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි. 
 
ජනාධිපති මන්දිරයේ අද(26) පැවති මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවේ දී ජනාධිපතිතුමා මේ බව කියා සිටියේය. ජනාධිපතිතුමා කියා සිටියේ, ඒ සඳහා දිනය ද තීරණය කර ඇති බව යි.
 
“සෝෆා“ සහ අමෙරිකානු හමුදාවට මෙරටට ගොඩබැසීමට හැකි ගිවිසුම්වලට තමන් සම්පූර්ණයෙන් විරුද්ධ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සඳහන් කළේය.
 
වත්මන් දේශපාලන අස්ථාවරත්වයට හේතුව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බව ජනාධිපතිතුමා පැවසීය. එමෙන්ම 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසා රට තුළ නායකයින් දෙදෙනෙකු බිහි වූ බව ජනාධිපතිවරයා සදහන් කළේය.
 
ඉරියේදී ජනාධිපතිවරයා ලෙස පත්වන කවුරුන් හෝ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට කටයුතු කර යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.
 
මේ අතර ජනාධිපතිවරයෙන් මාස දෙකකට පසු මහ මැතිවණයක් පැවැත් වෙන බවත් රටට ශාපයක් වී ඇති 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රාජ්‍ය නොවන සංවිධානවල අවශ්‍යතාවයක් බවත් ජනාධිපතිවරයා පවසා ඇත.
 
එමෙන්ම ජනමත විචාරනයක් පැවැත්වීමට යන බවට පළ වන වාර්තා අසත්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එහිදී සඳහන් කළේය.

අදහස් 3ක් ඇත

mathata goduru karana jawaram karuwanta , daduwam diya yuthuya !palopiya nala wahuwata wada sinhalaya wada karana jawarama karanne math jawaram kara yinya! eka mathaka thiya gatthoth sinhalaya bera gatha hakiya!

math drawya jawaram karuwo alla sira gatha karanna , ahinsaka yin maranna epa, sudu redi adan mini maranna epa!

sithwalin mathuwana math kadara kama pamanak maradamanna beheth walin!

නව අදහස දක්වන්න