තරුණ තරුණියනි ඇස් ඇර බලන්න | දිනමිණ

තරුණ තරුණියනි ඇස් ඇර බලන්න

ධම්මික සෙනෙවිරත්න

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය මඟින් “දැනුම පදනම් ආර්ථිකයක බලශක්ති අභියෝග” මැයෙන් සංවිධාන කළ සංවාදයේ දී හිටපු ඉන්දීය ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් මැතිතුමා විසින් කරන ලද ප්‍රධාන දේශනය ඇසුරින් මෙය සැකසේ.

අපේ කලාපයේ හරිත ජාතීන් මෙන්ම හරිත ජෛව ගෝලයක් නිර්මාණය කිරීමේදී ශ්‍රී ලංකාව හා ඉන්දියාව එක්ව ක්‍රියා කළ යුතුය. ඊට ආයෝජනය කිරීමේදී මෙන්ම චන්ද්‍රිකා තාක්ෂණය උපයෝගී කරගනිමින් කලාපීයව සමුද්‍රීය සම්බන්ධතා පවත්වාගැනීමේ දී ද එම එකතුව ඵලදායකය. හරිත ජාතීන් බිහිකිරීම අරමුණු කළ පර්යේෂණ උදෙසා දෙරට අතර සහයෝගිතාව ඔස්සේ හරිතාගාරයක් ස්ථාපති කළ යුතුය. හරිත බලශක්ති මූලාශ්‍ර භාවිතය දිරිගැන්වීම උදෙසා ඇ.ඩො.මිලියන 100ක පර්යේෂණ අරමුදලක් ඇති කිරීමට සාර්ක් රටවල එක්ව ක්‍රියාකිරීමේ අවශ්‍යතාව පවතී.

ධරණීය සංවර්ධනයක් ළඟා කර ගැනීමට වෑයම් කිරීම බලශක්ති අභියෝග ජයගැනීමට ඉවහල් වේ. විශේෂයෙන් ග්‍රාමීය ක්ෂේත්‍රයේ දී එය වඩාත් අදාළය. ඉන්දියාව දැනටමත් මුහුදේ සහ ජෛවගෝලයේ ඇතිවන වෙනස්කම් හඳුනාගැනීමට සමුද්‍රීය චන්ද්‍රිකා 2ක් ස්ථාපති කර තිබේ. බලශක්ති ස්වාධීනතාව දිනාගැනීමට නම් ෆොසිල ඉන්න භාවිතය අවම කිරීම හරිත බලශක්ති මූලාශ්‍රයන්ට නැඹුරුවීම විය යුතුය. එසේම එය දිනාගත හැක්කේ සාර්ක් රටවල් එක්ව ක්‍රියා කිරීමෙනි. වසර 2030 වනවිට බලශක්ති ස්වාධීනතාව දිනාගැනීමට සාර්ක් රටවල් ඉලක්ක කළ යුතුය. මිහිතලය ජීවයට හිතකර තැනක් ලෙස පැවැතීමට නම් එය දිනාගැනීම අවශ්‍යය.

දැල්වුණු මනසින් යුතු තාරුණ්‍ය මිහිතලය මත ඇති බලසම්පන්නම සම්පතයි. මිහිතලය මත දී මෙන්ම ඊට ඉහළින් හෝ පහළින් බැලුව ද ඊට වඩා බලගතු සම්පතක් සොයාගැනීම අසීරුය. තාරුණ්‍යට නිසි මඟපෙන්වීමක් ලබාදී පුබුදුවාලයි හැකි නම් ඒ ඔස්සේ මානව සංහතියටම බලපාන පරිදි ඇතිකළ හැකි පරිවර්තනීය වෙනස්කම් ප්‍රගතිය කරා ළඟාවීමටත් අභියෝග ජයගැනීමේ හැකියාව අත්කර ගැනීමටත් සාමය හා සමෘද්ධිය දිනාගැනීමටත් හේතු වනු ඇත.

අද ලෝකය මුහුණ දී සිටින ප්‍රධානම ගැටලු දෙකක් දෙස අවධානය යොමු කිරීමෙන් මෙය මනාව පැහැදිලි කර ගත හැකි වෙයි. බිලියන 7ක් වන ලෝක ජනගහනයෙන් බහුතරය තවමත් දිළිඳු බවේ රේඛාවෙන් පහළ මට්ටමට අයත්වීම එකකි. අනෙක ලෝක ජනගහනයෙන් හරි අඩකටම පිරිසිදු පානීය ජල පහසුකම් නොමැතිවීම සහ ගුණාත්මක අධ්‍යාපනයක් ලැබීමට වරම් නොමැතිවීමය.

පුපුරායාමට ආසන්න ඇති මේ අර්බුද සම්බන්ධයෙන් ලෝකවාසී තාරුණ්‍යයට කළ හැක්කේ කුමක්ද? අධ්‍යාපනයක් ලබා ඇති සෑම අයකුටම අවමවශයෙන් අකුරු හැකියාවක් නැති තවත් 5 දෙනෙකුට සාක්ෂරතාව ලබා දිය හැකිද? ජල සම්පත් සංරක්ෂණය කර ගැනීමේ පණිවිඩය ලෝකයට රැගෙනයාමට තාරුණ්‍යට හැකිද? රාමුගත විසැඳුම්වලට සීමා නොවෙමින් ජලසම්පත සංරක්ෂණය කිරීමට අවශ්‍ය විකල්ප විසැඳුම් සෙවීමේ හැකියාව තාරුණ්‍යයට තිබේද? අද අප මතු කළ යුතු ප්‍රශ්න මේවාය.

ඉන්දියාවේ දී “ලීඩ් ඉන්ඩියා 2020” නම් ව්‍යාපාරයක් දියත් කිරීමට අපට හැකිවිය. එය තරුණයන්ගේ ව්‍යාපාරයකි. මා විසින් විශේෂයෙන් පිළියෙළ කරන ලද කාරණා 10කින් සමන්විත දිව්රුමක් මේ ව්‍යාපාරය හා එක්වන සෑම තරුණ තරුණියක්ම ලබාදිය යුතු විය. එම දසවැදෑරුම් දිව්රුම මඟින් ඉන්දීය තාරුණ්‍යයට නොයෙක් අංශ ඔස්සේ සමාජයේ වෙනසක් කළ හැකි බව ඒත්තු ගැන්විණි. සාක්ෂරතාව, පරිසරය, සමාජ යුක්තිය, ග්‍රාමීය නාගරික පරතරය අවම කිරීම සහ ජාතික සංවර්ධනය උදෙසා ක්‍රියා කිරීම ඊට අයත්ය.

මම 2007 අප්‍රේල් මාසයේ දී ග්‍රීසියේ සංචාරය කළ අවස්ථාවක අත්විඳි කදිම අත්දැකීක් ඔබ සමඟ බෙදාගැනීමට කැමැත්තෙමි. 150 දෙනෙකුගේ සමන්විත ග්‍රීක තරුණ කණ්ඩායමක් සමඟ මම ඇතෑන්ස්හි ඇක්‍රොපොලිස් කඳුශිඛරය තරණය කළෙමි. මේ ගමනේ දී ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට ද මට හැකිවිය. ඔවුන්ට ආකර්ෂණීය සිනහවක් තිබිණි. ඉදිරියට ආ ගුරුවරු මේ සිදු සිසුවියන් ගැන අපට හඳුන්වාදුන්හ. ඔවුන් අපට කීවේ ඉන්දීය ජනාධිපතිවරයා දකින්නට ලැබීම ගැන ඔවුන් බොහෝ සේ සතුටුවන බවයි. එසේම මා එවන කිහිපයක් හෝ කතාකරනු ඇසීමට ඔව්හු කැමැති වූහ. පුරාතනයේ ග්‍රීසියෙන් බිහිවූ සොක්‍රටීස් ප්ලේටෝ, ඇරිස්ටෝටල් වැනි මහා දාර්ශනිකයන් මට සිහිපත්විය. මේ තරුණ සිසු දරුවන් දුටුවිට එක්වරම මගේ සිහිනයට නැඟුණේ ප්ලේටෝගේ වචනයි.

ප්ලේටෝ කීවේ, රාජ්‍යයක ඉලක්කය විය යුත්තේ එක් පංතියක ආත්මාර්ථය උදෙසා වූ සතුට සෙවීම නොව සමස්ත ජාතියේම සතුට උදෙසා ක්‍රියා කිරීම බවයි.

කඳු ශිඛරය මත පිහිටි ආශ්‍රමයේ බුදුරජාණන් වහන්සේගේ අලංකාර ස්වර්ණාලේපිත ප්‍රතිමාවක් තැන්පත් කර තිබිණි. මද සිනහවක් මෙන්ම සාමකාමී බවක්ද මුහුණේ ඉරියව්වලින් පිළිබිඹු විය. නායක භික්ෂුව ප්‍රධාන කොටගත් තරුණ භික්ෂූහු 100ක් පමණ එහි වැඩ සිටියහ. නායක භික්ෂුව හා මා අසුන්ගෙන සිටියේ මේ තරුණ භික්ෂූන් වහන්සේ මධ්‍යයේයි. නායක භික්ෂූන් වහන්සේ එහිදී දේශනා කළ වදන් කිහිපයක් ඔබ වෙනුවෙන් මෙහිදී පැවැසීමට මට ඉඩ දෙන්න. “වර්තමානයේ අප ජීවත්වන ලෝකය අවිශ්වාසයෙන්; නොසතුටෙන් හිංසනයෙන් පිරිලා, මේ ආශ්‍රමයේ දී අප එක්ව පෙන්වාදෙන්නේ; ඔබ ඔබ කෙරෙන මම සහ මගේය යන හැඟීම දුරු කරන්නේ නම් අපට ආත්මාර්ථය පිළිබඳ හැඟීම පරාජය කළ හැකි බවයි. එවිට සහෝදර මිනිසුන්ට ඔබ වෛර නොකරනු ඇත. වෛර සහගත හැඟීම් මනසෙන් ඈත් වූ විට සංසාකාරී සිතුවිලි ද ක්‍රියාවන්ද අතුරුදහන් වනු ඇත. අපේ මනසෙන් ‍ෛවර සහගත හැඟීම් ඉවත් වූ විට එහි දැල්වෙනු ඇත්තේ සාමය පිළිබඳ හැඟීම් දහරාවන්ය.

අදහස් 2ක් ඇත

methumage danum sabaraya api gannavita pramaday

නව අදහස දක්වන්න