බන්ධනාගාර රෝහලේ වැඩබලන වෛද්‍ය නිලධාරිනිය ඉවතට | දිනමිණ

බන්ධනාගාර රෝහලේ වැඩබලන වෛද්‍ය නිලධාරිනිය ඉවතට

වැලිකඩ බන්ධනාගාර රෝහලේ වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිලධාරි නිර්මලී තේනුවර අද සිට කොළඹ ජාතික රෝහලට අනුයුක්ත කර තිබේ.

ඒ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න විසින්.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාරට කළ දැනුම් දීමකට අනුව ඇයට මෙම ස්ථාන මාරුව ලබාදී ඇති අතර බන්ධනාගාර රෝහලේ සේවයේ නිරත එම වෛද්‍යවරුන් ලෙඩ නිවාඩු දැමීමෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා සමග විශේෂ සාකච්ඡාවකට සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණි අැත.

එහිදී වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරියගේ වෘත්තීය විෂමාචාර පිළිබඳ කරුණු 26 ක් ඇතුළත් වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍යවරයාට බාරදෙන ලදී.

එම කරුණු පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් පවත්වන ලෙස එම වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් එහිදී ඉල්ලා සිටිමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කිරීමට නියමිතය.

අදාළ මාරුවෙන් පසුව හිස්වන පුරප්පාඩුවට වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා ලෙස ජේ.කේ.මල්වත්තගේ පත් කිරීමට නියමිතය.


අදහස් 1ක් ඇත

mehemayi karanne,,,,, onna , ayikarana kota, eyala thawa patthakata yanawane ,, pathi thiyenawa, pathi hadanawa!

පිටු

නව අදහස දක්වන්න

Or log in with...