Wednesday, April 24, 2024
Home » 2022 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි දින දෙක තුළදී නිකුත් කරනවා

2022 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි දින දෙක තුළදී නිකුත් කරනවා

ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත

by gayan
November 30, 2023 1:00 am 0 comment

2022 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි දින දෙක තුළදී නිකුත් කරන බ‍ව සභානායක අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (29) ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී බී.වයි.ජී. රත්නසේකර මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන ඇමැතිවරයා මෙසේද පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක් වූ ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙසේද පැවසීය.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සකස් කිරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරේ. එමෙන්ම ඉදිරියේදී නිශ්චිත දිනයකදී, විභාග පැවැත්වීමට සහ නිශ්චිත දිනයකදී ප්‍රතිඵල නිකුත් කිරීමට අපේක්ෂා කරනවා. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ, ඇගයීම් ක්‍රියාවලියේ යම් යම් වෙනස්කම් සිදු කිරීමට සහ එය කඩිනම් කිරීමටත් සැලසුම් කරනවා. ඒ අනුව අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023 විභාගය ලබන වසරේ මැයි හෝ ජූනි මාසයේදී පැවැත්වෙනවා.

විභාග ප්‍රතිඵල ප්‍රමාද වෙමින් ආවේ විවිධ ගැටලු නිසා. බොහෝ විෂයන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ ති‍යන්නත් ඕන. ඇතැම් මධ්‍යස්ථානවල ප්‍රශ්න පත්‍ර කට්ටලය කඩල නිකන් බලන් හිටියා ගෙවීම් වවුචරය එනකල්. ඒ වෘත්තීය ගැටලු නිසා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT