Home » 08 දෙනෙකුට දුන් මරණ දඬුවම

08 දෙනෙකුට දුන් මරණ දඬුවම

by chanaka
September 27, 2023 5:26 pm 0 comment

කළුතර මහාධිකරණය විසින් පුද්ගලයින් 08 දෙනෙකුට මරණ දඬුවම නියම කර තිබේ.

2003 වසරේ මාර්තු මස 24 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී පුද්ගලයෙකු තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව සැකකරුවන්ව සිටි 8 දෙනෙකු වරදකරුවන් කරමින් අධිකරණය මෙම නියෝගය ලබා දී ඇත.

කළුතර මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා විසින් එම පුද්ගලයින්ට මෙලෙස මරණ දඬුවම නියම කර තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කළුතර දකුණ කලිල් පෙදෙසේ පදිංචිව සිටි පුද්ගලයෙකි.

මෙම සැකකරුවන් 08 දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් මහාධිකරණය ඉදිරියේ අධිචෝදනා ගොනුකොට තිබුණි.

මෙලෙස මරණ දඬුවම නියම කර ඇත්තේ කළුතර , මහ හීනටියංගල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි මොහොමඩ් සෙයින් මොහොමඩ් හම්සා , 49 හැවිරිදි අබ්දුල් කරීම් මොහොමඩ් රවිස්දීන් , 59 හැවිරිදි මොහොමඩ් මව්ස් මොහොමඩ් , 45 හැව්රිදි මොහොමඩ් රියාස්ඩීන් මොහොමඩ් , 47 හැවිරිදි මොහොමඩ් ජිෆ්රි මොහොමඩ් ජින්නා, 43 හැවිරිදි මොහොමඩ් ජිෆ්රි මොහොමඩ් පිරිදව්ස්, 44 හැවිරිදි මොහොමඩ් සාහීර් මොහොමඩ් සියාම්, 45 හැවිරිදි මොහොමඩ් නිලාබ්දීන් මොහොමඩ් අජීල් යන පුද්ගලයින්ටය.

වසර 20 කට ආසන්න දීර්ඝ නඩු විභාගයකින් පසු නඩු තීන්දුව ප්‍රකාශයට පත්කළ අතර, විශාල පිරිසක් කළුතර අධිකරණ භූමිය ඉදිරිපිට රැස්ව සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT