ගම නංචවන-රට දිනවන සහන පිරුණු අය වැයක්

ගම නංචවන-රට දිනවන සහන පිරුණු අය වැයක්

රණවිරු දීමනාව රු. පන්දහස දක්වා වැඩි කෙරේ
ඩීසල් රුපියල් 30 කින්,
පෙට‍්‍රල් රුපියල් 15 කින්,
භූමිතෙල් රුපියල් 20 කින් අඩු වේ.
බස් ගාස්තු සියයට 25 කින් අඩු කෙරේ.
රජයේ සේවක දීමනා රු. 4500 දක්වා වැඩි කෙරේ.
විශ‍්‍රාමික ජීවන වියදම් දීමනාවට රුපියල් 560 ක්.
පොහොර සහනාධාරය දිගටම. වැට් බදු සහනයක්.
රාජ්‍ය සේවා උපහාර පූජ්‍ය පක්ෂයට, දේශීය වෛද්‍යවරුන්ට සහ සමුප සේවකයන්ට.

අය වැය සාරාංශය

මුළු වියදම රුපියල් බිලියන 1191.67
මුළු ආදායම රුපියල් බිලියන 855.00
අය වැය හිඟය රුපියල් බිලියන 336.67
දළ දේශීය නිෂ්පාදනයේ ප‍්‍රතිශතයක් ලෙස අය වැය හිඟය සියයට 6.5 කි.

අය වැය හිඟය පියවා ගන්නා ආකාරය

විදේශීය ණය රුපියල් බිලියන 153.55
දේශීය ණය රුපියල් බිලියන 183.13
එකතුව රුපියල් බිලියන 336.68
 

ඉන්ධන-ප‍්‍රවාහන-විදුලි ගාස්තු අඩුවෙයි

වැට් බදු-ආදායම් බදු සහන රැසක්

උතුර-දකුණ යා කෙරෙන සංවර්ධනයක්
ආනයනය කරන භාණ්ඩවලට බදු

ඉන්ධන, ප‍්‍රවාහන, විදුලි හා ජල ගාස්තු වැට් බදු, ආදායම් බදු සහන සමග රජයේ සේවකයන්ගේ වැටුප් හා විශ‍්‍රාම වැටුප් මගින් වැඩ කරන ජනතාවට විශාල සහන රැසක් හිමි කර දෙමින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සිය රජයේ සිව්වැනි අයවැය පාර්ලිමේන්තුවේදී ඊයේ (6) ඉදිරිපත් කෙළේය. එහි දී ඉදිරිපත් වූ අයවැය යෝජනා මෙසේය.

අපි දැන් ගත කරන්නේ ප‍්‍රධාන සංධිස්ථානයකයි. ත‍්‍රස්තවාදි ග‍්‍රහණයෙන් නැගෙනහිර පළාත මුදා ගැනීමෙන් පසු වන්නිය හා උතුර මුදා ගැනීමත් අවසන් අදියරයට ළඟා වී තිබෙනවා. නැගෙනහිර උදානය යථාර්තයක් කර ගත්තා වගේම උතුරු වසන්තය කෙරෙහිද බලාපොරොත්තු ඇති වෙමින් පවතිනවා. පළාත් පාලන හා පළාත් සභා මැතිවරණ මගින් උතුරේද ප‍්‍රජාතන්ත‍්‍රවාදය බලගැන්විය යුතු වෙනවා.

දේශපාලන විසඳුම් පිළිබඳ එකඟතාවයක් ඇති කර ගන්නවා වගේම උතුරේ වහා කළ යුතු සංවර්ධන කටයුතු වලටත් ප‍්‍රමුඛතාවය දිය යුතු වෙනවා. දශක ගණනාවකට පසු උතුර – දකුණ යා කරන සංවර්ධන වැඩපිළිවෙළකට අවස්ථාව උදා වේගෙන එනවා. අනෙක් අතට අලුත් ශ‍්‍රී ලංකාවක් සඳහා මහින්ද චින්තන ප‍්‍රධාන සංවර්ධන ව්‍යාපෘති සියල්ලම පාහේත් විවිධ මට්ටමෙන් දැන් ඉදිවෙමින් පවතිනවා. තෙල් ගවේෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා.

පෞද්ගලික අංශයට ආයෝජන හා නිෂ්පාදන පුළුල් කර ගැනීමට හැකි වන පරිදි ජාතික ආරක්ෂාව ශක්තිමත් කර තිබෙනවා. රාජ්‍ය අංශයේ අඩු පාඩු සකස් කරමින් එහි ඵලදායිතාවය හා ජනහිතවාදි බව ඇති කරමින් සිටිනවා. ජීවන වියදම අඩු කිරීමටත් කටයුතු කළ යුතු වෙනවා.

මේ අතර ලෝක ආර්ථිකයේ හදිසි කඩා වැටීම හේතුවෙන් අපේ ආර්ථිකයටත් අලුත් අභියෝග මතු කර තිබෙනවා.

මේවාද කළමනාකරණය කර ගනිමින් අපේ ආර්ථිකය ඉදිරියට ගෙන යා යුතු වෙනවා.

මේ අය වැය සකස් කර ඇත්තේ මේ සියල්ල සැලකිල්ලට ගනිමිනුයි.

රණවිරුවන් උතුර මුදා ගන්නේ අපි සියලු දෙනා වෙනුවෙන්. ඔවුන්ගේ ජීවිතද කොළඹ සැප පහසුවට ජීවත්වන අයගේ ජීවිත වගේම වටිනවා. දේශපාලන වාසි තකා නොව රටේ අනාගතය ඉලක්ක කර ගෙන මතු පරම්පරාව වෙනුවෙන් සාමයත්, සංවර්ධනයත් වෙනුවෙන් ඔවුන් ජීවිත පරිත්‍යාග කර රට ආරක්ෂා කරනවා.

රණවිරුවන් ත‍්‍රස්තවාදයෙන් රට බේරා ගන්න දිවි හිමියෙන් සටන් කරනවා වගේම අපි සියලු දෙනාත් අපේ රටේ තිරසාර සාමයත්, සංවර්ධනයක් හා සුබසාධනය වෙනුවෙන් එක් වෙමු.

කැප වෙමු කියා මගේ යෝජනා ඉදිරිපත් කිරීමට පෙර ඔබ සියලු දෙනාගෙන් ඉල්ලනවා. එවැනි එකඟතාවයකින් ජාතික ආරක්ෂාවත්, සාමයත්, ආර්ථික සමෘද්ධියත් අපේ රටට ළඟා කර ගත හැකි කියා මා තරයේ විශ්වාස කරනවා.

පිරිපුන් සමාජයක් තිරසාර සංවර්ධනයක්

‘මහින්ද චින්තනය’ යථාර්තවාදී ජාතික ආර්ථික පිළිවෙතක් ඉදිරිපත් කළා. දේශීය නිෂ්පාදකයා දිරිමත් කිරීමත්, විදේශ ආයෝජන ඵලදායි කර ගැනීමත් මේ සියල්ල දේශීයත්වය සමග ගැලපීමත් එහි හරය වුණා.

අපේ රටේ නිපදවිය හැකි සෑම දෙයක්ම නිපදවිය යුතුය කියා අප විශ්වාස කරනවා. එබැවින් දේශීය නිෂ්පාදන දිරි ගැන්වීමේ යෝජනා ප‍්‍රථමයෙන්ම ඉදිරිපත් කිරීමට අදහස් කරනවා.

තිරිඟු පිටි පරිභෝජනය අධෙර්ය කර සහල් හා අනෙකුත් ධාන්‍ය නිෂ්පාදනය දිරිගැන්වීමට තිරිඟු මත පැනවෙන තීරු බද්ද සියයට 6 සිට 10 දක්වා වැඩි කිරීමට යෝජනා කරනවා.

සහල් පිටි, කුරක්කන් පිටි වැනි දේශීය පිටි නිෂ්පාදන දිරි ගැන්වීම සඳහා ආනයනය කරන තිරිඟු පිටි සඳහාද සියයට 5 ක සෙස් බද්දක් පැනවෙනවා.

උඳු, කුරක්කන්, කව්පි, තල වැනි දේශීය කෘෂි නිෂ්පාදන දිරි ගැන්වීම සඳහා ආනයනය කරන එවැනි නිෂ්පාදන සඳහා සියයට 15 ක සෙස් බද්දක් පැනවීමට යෝජනා කරනවා.

දැනට පවත්නා තිරිඟු මිල අනුව පිටි මිල වැඩිවීමට මෙය බලපාන්නේ නැහැ. ඇරඹෙන මාස් කන්නයේදී මුළු රටපුරාම වී හා අනෙකුත් ධාන්‍ය වගාවන් උපරිම ලෙස නිෂ්පාදනය කිරීමට මෙම යෝජනා විශාල දිරිගැන්වීමක් ලෙස මා විශ්වාස කරනවා.

අපේ රටේ කිරි අවශ්‍යතාවයෙන් දේශීයව නිපදවන්නේ සියයට 25 ක් පමණ සුළු ප‍්‍රමාණයකි. මේ අවාසනාවන්ත තත්ත්වයෙන් මිදී ආනයනය කරන කිරි පිටි වෙළඳ්‍රම වෙනුවට කිරියෙන් උතුරන රටක් කරා අප යා යුතු බව මහින්ද චින්තනයේ මා සඳහන් කළා.

උතුරේත්,, නැගෙනහිරත්, දකුණේත්, වයඹත්, රජරටත්, කඳුරටත් අපේ ගොවීන් කිරි නිෂ්පාදනයේ නියැලෙනවා. එම ගොවීන් තවදුරටත් දිරි ගැන්වීම සඳහා ආනයනය කරන කිරි පිටි සඳහා විශේෂ භාණ්ඩ බද්ද කිලෝවකට රුපියල් 5 සිට රුපියල් 15 දක්වා වැඩි කරනවා.

කිරි ගවයින් පිටරටින් ගෙන්වීමත්, කිරි ගවයින් බෝ කිරීමටත්, විද්‍යාත්මක ලෙස කුඩා හා මධ්‍යම පරිමාණයේ කිරි ගොවි පොළවල් සකස් කිරීමටත්, පශු වෙද්‍ය සේවය පුළුල් කිරීමටත් මෙම බද්දේ ආදායමින් මුදල් වෙන් කරනවා.

ගොවීන්ට දියර කිරි සඳහා උසස් මිලක් ලබා ගැනීමටද මෙය ඉවහල් වෙනවා.

බදුල්ල, මොණරාගල දිස්ති‍්‍රක්ක වල උක් වගාවත්, සීනි කර්මාන්තයත් දියුණු වෙමින් පැවතියා. කන්තලේ, හිඟුරාන වැනි සීනි කම්හල් විනාශවීමට ඉඩ දුන් නිසා එය පසුබෑමකට ලක් වුණා. දේශීය උක් වගාව හා සීනි කර්මාන්තය දිරිගැන්වීමට ආනයනය කරන සීනි සඳහා ඇති විශේෂ භාණ්ඩ බද්ද රුපියල් 14 සිට 16 දක්වා වැඩි කරනවා. උතුරේ තල් හකුරු හා දකුණේ කිතුල් හකුරු කර්මාන්තද දියුණු කිරීමටද මෙය දිරිගැන්වීමක් වෙනවා.

තේ හා රබර් නිෂ්පාදන උපරිම වශයෙන් දේශීය භාවිතයට ගැනීම දිරිගැන්වීම සඳහා පිටරටින් ගෙන්වනු ලබන තේ සඳහා කිලෝවකට රුපියල් 4 ක සහ රබර් සඳහා කිලෝවකට රුපියල් 25 ක සෙස් බද්දක් පැනවීමට යෝජනා කරනවා.

සත්ව ආහාර නිෂ්පාදනයට ඕර්‍ණධ් සමාගම් වලට තීරු බදු සහන ලැබෙන නිසා දේශීය නිෂ්පාදකයින්ට අසාධාරණයක් වෙනවා. එබැවින් බඩ ඉරිඟු හා සත්ව ආහාර පිටරටින් ගෙන්වීමේදී ඕර්‍ණධ් ඇතුළු සියලුම ආනයනකරුවන්ට තීරු බදු වෙනුවට සියයට 25 ක සෙස් බද්දක් පැනවීමට යෝජනා කරනවා. ලබන මාස් කන්නයේ හෙක්ටයාර් 70,000 ක පමණ බඩ ඉරිඟු වවන්න මේ දිනවල සූදානම් වන ගොවි ජනතාවට මෙය විශාල දිරිගැන්වීමක් වෙනවා.

නව ලිබරල්වාදි ප‍්‍රතිපත්ති නිසා ඇඹිලිපිටිය හා වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාවන් වැසී ගොස් තිබුණා. මෙම කර්මාන්ත ශාලා දෙක යළි ගොඩ නැගීමට අප කටයුතු කළා.

එම කර්මාන්ත ශාලා දෙක නවීකරණය කර වාණිජමය වශයෙන් ශක්තිමත් කිරීමට පිටරටින් ගෙන්වනු ලබන කඩදාසි සඳහා සියයට 5ක සෙස් බද්දක් පැනවීමට යෝජනා කරනවා.

. මොරටුව ඇතුළු විවිධ ප‍්‍රදේශවල ගෘහ භාණ්ඩ නිෂ්පාදනය ඉතා සීඝ‍්‍ර ලෙස දියුණුවී තිබෙනවා. දේශීය නිෂ්පාදකයින් උසස් මට්ටමේ ගෘහ හා කාර්යාල භාණ්ඩ අපනයනය ද කරනවා. එය තවදුරටත් දිරිගැන්වීමට පිටරටින් ගෙන්වනු ලබන ගෘහ හා කාර්යාල භාණ්ඩ සඳහා සියයට 15 ක සෙස් බද්දක් පැනවීමට යෝජනා කරනවා.

. පාවහන්, අත් බෑග්, පටි හා වෙනත් සම් භාණ්ඩ නිෂ්පාදනය දිරිගැන්වීම සඳහා එම භාණ්ඩ ආනයනයේදී කිලෝවකට රුපියල් 200 ක සෙස් බද්දක් පැනවීමට යෝජනා කරනවා. මෙම නිෂ්පාදන සඳහා අවශ්‍ය අමු ද්‍රව්‍ය තීරු බදුවලින් හා වැට් බදුවලින් නිදහස් කරනවා. සම්භාණ්ඩ කර්මාන්තය ද ඇඟළුම් හා සමගාමීව දියුණු කිරීමට කටයුතු කරනවා.

. පරිසර සංරක්‍ෂණය වෙනුවෙන් පොලිතින් හා ප්ලාස්ටික් පරිහරණය අධෙර්ය කිරීම ස¼ඳහා අදාළ සෙස් බදු සියයට 1 සිට 5 දක්වා වැඩි කරනවා.

. ආයුර්වේද ඖෂධ වර්ග වැඩිදියුණු කිරීම සඳහා ඔසු ගම්මාන ව්‍යාප්ත කිරීමේ වැඩ පිළිවෙළ සාර්ථක ප‍්‍රතිඵල ලබා තිබෙනවා. පිටරටින් අපේ රටේ ඖෂධ කර්මාන්තයට ඇති අසාධාරණ තරගකාරී තත්ත්වය වලක්වා ගැනීම සඳහා සියළු ආයුර්වේද ඖෂධ වර්ග සඳහා සෙස් බදු වැඩි කිරීමට යෝජනා කරනවා.

පිටරටින් එළවළු හා පළතුරු ගෙන්වීම නිසා දේශීය කෘෂිකර්මයට බලවත් තර්ජන ඇතිවී තිබෙනවා. එබැවින් පිටරටින් ගෙන්වනු ලබන සියළුම එළවළු හා පළතුරු සඳහා සෙස් බදු වැඩි කිරීමට යෝජනා කරනවා.

දිවයිනපුරා ඇති අත් යන්ත‍්‍ර පේෂකර්ම, වෙනත් රෙදිපිළි නිෂ්පාදන උසස් ප‍්‍රමිතීන් සහිත නිෂ්පාදන බවට පත් කිරීම සඳහා පිටරටින් දේශීය පරිභෝජනය සඳහා ගෙන්වනු ලබන සාරි, සරම්, මසා නිම කළ ඇඳුම් හා රෙදිපිළි සඳහා දැනට ඇති සෙස් බදු සියයට 50 කින් වැඩි කිරීමට යෝජනා කරනවා.

ශීතකරණ, විදුලි පංකා, පිඟන් වැනි භාණ්ඩ අපනයනය කිරීමට අපේ නිෂ්පාදකයින් සමත් වී තිබෙනවා. එබැවින් පිටරටින් ගෙන්වනු ලබන එවැනි භාණ්ඩ සඳහා දැනට පවත්නා සෙස් බදු සියයට 50 කින් වැඩි කිරීමට යෝජනා කරනවා.

චොක්ලට්, බිස්කට්, රසකැවිලි වැනි නිෂ්පාදන වසර ගණනාවක් තුළ අපේ රටේ නිෂ්පාදකයින්ගේ සුපුරුදු ව්‍යාපාරයි. ඒවා තවදුරටත් දිරිගැන්වීමක් වශයෙන් පිටරටින් ගෙන්වනු ලබන චොක්ලට්, බිස්කට්, රසකැවිලි සඳහා පවත්නා සෙස් බදු සියයට 50 කින් වැඩි කිරීමට යෝජනා කරනවා.

පිටරටින් ගෙන්වනු ලබන නිෂ්පාදිතයන් “මෙලමයින්” වලින් තොර පරිභෝජනයට හිතකර බවට ජාත්‍යන්තර මට්ටමේ ප‍්‍රමිතීන්වලට යටත්විය යුතු වෙනවා.

අපගේ රජය දේශීය මෝටර් රථ නිෂ්පාදනය දිරි ගන්වනු ලැබූවා. එම වාහන සුලභ වෙමින් පවතිනවා. මෝටර් රථවලට අමතරව මෝටර් බයිසිකල් නිෂ්පාදනයද දිරිගැන්විය යුතු වෙනවා. එම කර්මාන්ත සඳහා දිරිගැන්වීම් දිගටම පවත්වා ගැනීමට යෝජනා කරනවා.

ජාතික ශිල්ප සභාව මඟින් හස්ත කර්මාන්තයේ දියුණුවට අවශ්‍ය වන මුදල් හා භාණ්ඩ ප‍්‍රමිතීන් උසස් කිරීම් සඳහා අවශ්‍ය තාක්‍ෂණික දැනුම ලබාදීමට කටයුතු කරනු ලබනවා.

එබැවින් පිටරටින් ගෙන්වනු ලබන මෙබඳු භාණ්ඩවලට අදාළ සියළුම ආදේශන භාණ්ඩ සඳහා පවත්නා සෙස් බදු සියයට 100 කින් වැඩි කිරීමට යෝජනා කරනවා. දේශීය නිෂ්පාදකයින්ගේ වියදම් අවම කිරීමට ආනයනය කරන පිත්තල, රිදී වැනි අමුද්‍රව්‍ය වැට් හා රේගු බද්දෙන් නිදහස් කරනවා.

අපේ පරිභෝජන අවශ්‍යතාවයෙන් සියයට 50ක පමණ ලුණු පිටරටින් ගෙන්වීම ඉතාම ලැජ්ජාශීලී යැයි මම සිතනවා. එබැවින් ලුණු නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත වීමට පමණක් නොව අපනයන කර්මාන්තයක් වශයෙන් වැඩිදියුණු කිරීමටද පිටරටින් ගෙන්වනු ලබන ලුණු සඳහා කිලෝවකට රුපියල් 10ක සෙස් බද්දක් පැනවීමට මම යෝජනා කරනවා.

දේශීය නිෂ්පාදන සඳහා කළ මේ යෝජනා නිසා නව තාක්‍ෂණය යොදා උසස් ප‍්‍රමිතියේ භාණ්ඩ නිපදවිය හැකි වෙනවා. එමඟින් ප‍්‍රාදේශීය වශයෙන් නිෂ්පාදන ආර්ථිකය පුළුල් වෙනවා. දේශීය ව්‍යාපාරික ප‍්‍රජාවක්ද ඉන් බිහිවී තිරසාර සංවර්ධනයක් ඇති කර ගත හැකි වෙනවා.

ලෝක ආර්ථික අර්බුදය හමුවේ අප කළ යුතු ප‍්‍රධාන කාර්ය වන්නේ අපේ අවශ්‍යතාවයන් සඳහා දේශීය නිෂ්පාදන පුළුල් කර ගැනීමයි. මෑතදී ලෝකය පුරා පැතිර ගිය ආහාර අර්බුදයෙන් අප මිදුනේ අපට අවශ්‍ය සහල් අප විසින්ම නිපදවාගත් නිසයි.

අඩු ආදායම් පවුල්වල දරුවන් සඳහා කිරි සහනාධාරය

අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන වියදම අඩු කිරීමටත්, එම පවුල්වල දරුවන්ට දේශීය දියර කිරි ලබාදීම සඳහාත්, සමෘද්ධි හා අඩු ආදායම්ලාභී වතුකරයේ පවුල්වල අවුරුදු 1 සිට 5 දක්වා දරුවන් වෙනුවෙන් රුපියල් 200 ක මාසික දීමනාවක් 2009 ජනවාරි මාසයේ සිට දීමට යෝජනා කරනවා.

හිමිකම් ලබන සෑම පවුලකටම මුද්දර නිකුත් කිරීමට කාන්තා හා ළමා අමාත්‍යාංශය හා සමෘද්ධි කොමසාරිස් දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇත. මෙයින් දියර කිරි නිෂ්පාදනයද දිරි ගැන්වෙනවා. මේ සඳහා රුපියල් මිලියන 900ක් වෙන් කිරීමට යෝජනා කරනවා.

නිල්ල පිරුණු රටක්

මගේ බලාපොරොත්තුව මේ රටේ මහ පොළව, සතා සිවුපාවා හා ගහ කොළද සමඟ බැඳුන තිරසාර සංවර්ධනයක් ඇති කිරීම බව මහින්ද චින්තනයෙන් පැහැදිලි කළා.

දිවයින පුරා කි‍්‍රයාත්මක වන මාර්ග හා නගර සංවර්ධනය සමඟ පාරවල් දෙපස ගස් වවා පරිසර සංරක්‍ෂණයක් කළ යුතු වෙනවා.

පාසල්, කෝවිල්, පල්ලි, රජයේ කාර්යාල වැනි ස්ථානවලද ගස් වැවීම සඳහා විශේෂ ව්‍යාපෘති කි‍්‍රයාත්මක කළ යුතු වෙනවා. දිවයින පුරා විහිදී ඇති ගංගා දෙපස ඇති වෘක්ෂලතාවන් පෝෂණය කර ගංගා නිම්න සංරක්‍ෂණය කළ යුතුය. මේවා හරිත කවයන් ලෙස දියුණු කිරීමට සැලසුම් කර තිබෙනවා. මේ සඳහා අවශ්‍ය පැල වර්ග ලබාදීම, පැල තවාන් හා අනෙකුත් පහසුකම් සැපයීමට රුපියල් මිලියන 150ක ප‍්‍රතිපාදනයක් වෙන් කිරීමට යෝජනා කරනවා.

ආදිවාසී ගම්මාන සංරක්‍ෂණ යෝජනා ක‍්‍රමය

දඹාන, රතුගල, පොල්ලබද්ද, හේනානිගල, දළුකාන වැනි අපේ ආදීවාසි ගම් සංරක්‍ෂණ කිරීම අපේ ජාතියට අභිමානයක් ගෙන දෙන වැඩපිළිවෙළක්. ඒ සඳහා එම ගම්මානවල ස්වභාවික පරිසරය, ජන ජීවිතය හා ජීවනෝපාය ක‍්‍රම, සම්ප‍්‍රදායික සිරිත් විරිත් ආරක්‍ෂා කරමින් පවත්වා ගෙන යාමට රුපියල් මිලියන 50ක මුදලක් වෙන් කිරීමට යෝජනා කරනවා.

අලි සංරක්‍ෂණය

අලි මිනිස් ගැටුම උග‍්‍රව පවතින නිසා එය දෙපාර්ශවයටම තර්ජනයක්. මෙම ගැටුම් නිසා නැතිවී යන මිනිස් ජීවිත සංඛ්‍යාව විශාලයි. කෘෂිකාර්මික දේපල හා ජන ජීවිතයට ඇති තර්ජනද උග‍්‍ර වී තිබෙනවා.

විශාල ලෙස අලින් විනාශයක්ද සිදුවෙනවා. අලි උවදුර අඩු කර ගැනීම සඳහා ආරක්‍ෂක වැටවල් ඉදිකිරීමට රුපියල් මිලියන 950ක් අවශ්‍ය වේ යයි ඇස්තමේන්තු කර තිබෙනවා. ඉදිරි වසර දෙක තුළ විශේෂ ප‍්‍රමුඛත්වයක් දී ආරක්‍ෂක වැටවල් ඉදිකිරීමට මුදල් වෙන් කිරීමට යෝජනා කරනවා.

සමූපකාර හා සුපිරි වෙළෙඳ සල්

පසුගිය අයවැයෙන් සමූපකාර සමිති යළි ගොඩනැඟීම සඳහා එම ක්‍ෂේත‍්‍රය සියළු බදුවලින් නිදහස් කළා. සමූපකාර සමිති රාශියක් මේ සහන නිසා ඉදිරියට පැමිණ තිබෙනවා. කෝප් සිටි සමූපකාර සුපිරි වෙළඳසල් 300කට අධික ප‍්‍රමාණයක් දැන් කි‍්‍රයාත්මක වෙනවා. නාගරික ප‍්‍රදේශවල මෙම වෙළඳසල් තවදුරටත් ව්‍යාප්ත කිරීමටත්, ගම් මට්ටමින් මිනි කෝප් සිටි 1,000ක් ආරම්භ කිරීමට රුපියල් මිලියන 300ක් මේ අයවැයෙන්ද වෙන් කිරීමට මා යෝජනා කරනවා.

ජනතා සත්කාර සේවය හා පරිපාලන ක‍්‍රම සරල කිරීම

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ජනතා සද්කාර සේවය තුළින් පරිපාලන සේවාවන් ජනතාවට ලං කිරීමේ පුළුල් වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කරමින් සිටිනවා. එසේ වුවත් අපේ රටේ පරිපාලන කි‍්‍රයාවේ ඇති ක‍්‍රම සහ විධි ඒ සඳහා යොදා ගනු ලබන ලියකියවිලි ජනතාවට අපහසු බව ඔවුන් පෙන්නුම් කර තිබෙනවා.

ඇතැම් දෙපාර්තමේන්තු සිය සේවාවන් සැපයීම සඳහා අය කරන ගාස්තු මෙන්ම පාවිච්චි කරනු ලබන ආකෘති පත‍්‍ර අදට ගැලපෙන ලෙස සරලවී නැහැ. එබැවින් ජනතාවට පහසුවෙන් මෙම සේවාවන් සැපයීමට හැකි ක‍්‍රම සහ විධි හා පරිපාලන කටයුතු සරල කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් කාර්ය සාධක බලකායක් පිහිටුවීමට මා යෝජනා කරනවා.

සමෘද්ධිමත් ගමක් හදන්න ගමේ සිටින ගම් මට්ටමේ රාජ්‍ය සේවකයින්ද, ගමේ ප‍්‍රජා සංවිධානද එක් ස්ථානයකට ගොනු කරන්නා වූ ජනසභා ලේකම් කාර්ය ක‍්‍රමයක් හඳුන්වා දීමට මහින්ද චින්තනය මගින් යෝජනා කළා. ග‍්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන්, කෘෂි නිලධාරීන්, සෞඛ්‍ය සේවකයින් වැනි ග‍්‍රාමීය මට්ටමේ කි‍්‍රයාත්මක වන සියළුම ක්‍ෂේත‍්‍ර නිලධාරීන් ජනසභා ලේකම් කාර්යාලය මඟින් සේවා සැපයීමට අවශ්‍ය පියවර ගැනීමටද මෙම කාර්යසාධක බලකාය කි‍්‍රයා කරනවා ඇති. එක වහලක් යට ග‍්‍රාමීය ජනතාවට පහසුකම් සැලසීමට මෙයින් ඉඩ ලැබෙනවා. මෙම කටයුතු සඳහා රුපියල් මිලියන 150ක් වෙන් කිරීමට යෝජනා කරනවා.

ජාතික භාෂා පුහුණු කිරීම

සිංහල හා දෙමළ භාෂා එකිනෙකා අතර භාවිතා නොවීම හේතුවෙන් සාමාන්‍ය ජනතාවට රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ සේවාවන් ලබා ගැනීමේදී විවිධ දුෂ්කරතා ඇතිවී තිබෙනවා. මෙයට පිළියමක් වශයෙන් රාජ්‍ය සේවකයින්ගේ සිංහල හා දෙමළ ව්‍යවහාර භාෂා දැනුම වැඩි කිරීම සඳහා ජාතික භාෂා අධ්‍යයන ආයතනයේ වැඩසටහන් පුළුල් කිරීමට රුපියල් මිලියන 50 ක් වෙන් කරනවා.

මතට තිත හා කිරි ගවයන් ආරක්ෂා කිරීම

මතට තිත වැඩසටහන යටතේමත් කුඩු උවදුර සමාජයෙන් පිටුදැකීමටත්, මත්පැන් මත්ද්‍රව්‍ය හා සිගරට් වලට ඇබ්බැහිවූවන් මුදා ගැනීම සඳහාත්, පොලිසිය, සුරාබදු දෙපාර්තමේන්තුව, ආගමික, සිද්ධස්ථාන, පාසැල් හා ස්වේච්ඡා සංවිධාන විශාල වැඩකොටසක් ඉටු කර ඇත.

ගම් මට්ටමෙන් මෙම කටයුතු තවදුරටත් පුළුල් කිරීම සඳහාත්, ඒවාට කැපවුණ ආගමික සිද්ධස්ථාන, ප‍්‍රජා සංවිධාන, පාසැල්වලට ආධාර කිරීම සඳහාත්, කිරි ගවයින් ඝාතනය කිරීම සමාජයෙන් මුලිනුපුටා දැමීමේ වැඩසටහන් පුළුල් කිරීමටත්, අදාල ආයතනය ශක්තිමත් කිරීමටත් රුපියල් මිලියන 100ක ප‍්‍රතිපාදන වෙන් කිරීමට යෝජනා කරනවා.

ග‍්‍රාමීය කී‍්‍රඩකයන්ට ජාත්‍යන්තර පහසුකම්

ග‍්‍රාමීය තරුණ තරුණියන් බැඩ්මින්ටන්, ටෙනිස්, පිහිනුම් හා අනෙකුත් ජාත්‍යන්තර කී‍්‍රඩා සඳහා පුහුණු කිරීමේ වැඩසටහන් පුළුල් කිරීම සඳහා කී‍්‍රඩාංගන පහසුකම් දියුණු කිරීමටත්,ඉහළ කුසලතා ඇති ගම්බද කී‍්‍රඩකයින් ජාත්‍යන්තර කී‍්‍රඩා උළෙලවලට ඉදිරිපත් කිරීම සඳහා ඉඩ ප‍්‍රස්ථා වැඩි කිරීමටත් රුපියල් මිලියන 300 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.

මාර්ග සංවර්ධන සැලැස්ම

දිවයින පුරා කි‍්‍රයාත්මක කරන මාර්ග සංවර්ධනය සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේදී විශාල වන්දි මුදල් ගෙවීමට සිදු වෙනවා. දැනට එසේ ගෙවීමට නියමිත වන්දි මුදල් ප‍්‍රමාණය රුපියල් මිලියන 10,000 ක් පමණ වෙනවා. වන්දි මුදල් ගෙවීමේදී සිදුවන ප‍්‍රමාදවීම් නිසා වන්දි මුදල් හිමියන්ට විවිධ ගැටළුවලට මුහුණ දීමට සිදුවෙනවා. ඒ වාගේම මාර්ග සංවර්ධන කටයුතුද විවිධ ගැටළු වලට මුහුණ දෙනවා.

මෙයට පිළියමක් වශයෙන් රුපියල් ලක්ෂ 10ට අඩු වන්දි මුදල් කෙලින්ම මුදලින් ගෙවීමට කටයුතු කරනවා. රුපියල් ලක්ෂ 10ට වැඩි වන්දි සඳහා වසර එකකින් හෝ දෙකකින් කල් පිරෙන සියයට 17 ක වාර්ෂික පොලියක් ලැබෙන ශ‍්‍රී ලංකා මහ බැංකුව වෙනුවෙන් ලංකා බැංකුව මඟින් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමට කටයුතු කරනවා.

මෙම බැඳුම්කර ඕනෑම බැංකුවක ඇපයට තබා තමන්ට අවශ්‍ය ණය මුදලක් ලබා ගැනීමට, මුදල් කර ගැනීමට හෝ එසේ නැතහොත් කල් පිරුණවිට පොලී සහිතව මුළු මුදල ලබා ගත හැකිවෙනවා. අවශ්‍ය නම් මාස හයෙන් හයට පොලී ලබා ගැනීමටද හිමිකරුවාට ඉඩ ලැබෙනවා. මේ නිසා වන්දි ලබාගැනීම වෙනුවෙන් දිගු කාලයක් බලාසිටීම මඟ හැරෙනවා. මේ සඳහා රුපියල් බිලියන 10 ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමට ප‍්‍රතිපාදන වෙන් කරන ලෙස මා යෝජනා කරනවා.

ග‍්‍රාමීය හා පළාත් මට්ටමේ සංවර්ධන කටයුතු සම්බන්ධිකරණය

ග‍්‍රාමීය හා පළාත් මට්ටමේ මාර්ග, පානීය ජල යෝජනා ක‍්‍රම,, විදුලිබල ව්‍යාපෘති සුළු වාරිමාර්ග වැනි ව්‍යාපෘති සඳහා විදේශ මුදල් වැඩි වශයෙන් ලබා ගෙන තිබෙනවා. ගම් මටටමේ සිට ජාතික මට්ටම දක්වා ඇති පහත සඳහන් කළ ව්‍යාපෘති මනා සම්බන්ධීකරණයකින් කි‍්‍රයාත්මක කිරීම සඳහා පළාත් සභා අමාත්‍යාංශයත්, ජාතිය ගොඩනැගීමේ අමාත්‍යාංශයත්, මුදල් කොමිෂමත්, පළාත් සභා හා අදාල රාජ්‍ය ආයතනයතත් සහ මුදල් අමාත්‍යාංශයත් සම්බන්ධ කරන ජනාධිපති කාර්යසාධන සම්බන්ධිකරණ මණ්ඩලයක් පත් කිරීමට යෝජනා කරනවා.

කුඩා පරිමාණ ජල විදුලි බලාගාර

විදුලිබල ධාරිතාව මෙගවොට් 300ක් පමණ වැඩිකර ගත හැකි කුඩා පරිමාණ ජල විදුලි ව්‍යාපෘති 600 ක් පමණ හඳුනා ගෙන තිබෙනවා. එමඟින් විදුලිය නිපදවීමෙන් ඛණිජතෙල් භාවිතය විශාල ලෙස අඩු කර ගත හැකි වෙනවා. එසේ වුවත් එම ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීමේ විවිධ දුෂ්කරතා මතු වී තිබෙනවා. මෙම ගැටළු විසඳිය හැකි වන අයුරින් අවශ්‍ය ඉඩම්, බැංකු ණය, පරිසර සහතික, පරිපාලන පහසුකම් සැපයීමට අවශ්‍ය බලය සහිත ජනාධිපති කාර්ය සාධන බළකායක් පිහිටුවනවා.

මිහින් ලංකා ගුවන් සේවය හා වීරවිල ගුවන් තොටුපළ

ජාත්‍යන්තර මෙන්ම අභ්‍යන්තර ගුවන් සේවා පුළුල් කිරීමටත්, විශේෂයෙන් සහනදායි ගුවන් සේවයක් සාමාන්‍ය මහජනතාවට ලබාදීමට මිහින් ලංකා ගුවන් සේවය පවත්වා ගැනීමටත්, වීරවිල ජාත්‍යන්තර ගුවන් තොටුපල සෑදීමටත් අප රජය කටයුතු කරනවා.

මිහින් ලංකා ගුවන් සේවය තෙල් මිල ඉහළ යාම සහ ප‍්‍රාග්ධන ඌනතාවයන් නිසා පසු බෑමකට ලක් වුවද එයට අවශ්‍ය ප‍්‍රාග්ධනය සැපයීමෙන් සහ ඊට දිගු කාලීන මුල්‍ය පහසුකම් යටතේ ගුවන් යානා ලබා ගැනීමට හැකිවීම නිසා මිහින් ලංකා ගුවන් සේවය කි‍්‍රයාත්මක කළ හැකි වෙනවා.

අභ්‍යන්තර ගමන් ;මන්ම කලාපයේ ගුවන් ගමන් හා එළවළු හා පළතුරු අපනයනයට මෙයින් විශාල සහනයක් ලැබෙනවා. මේ සඳහා රුපියල් මිලියන 6,000ක ප‍්‍රතිපාදන අයවැය ඇස්තමේන්තුවල දැනටමත් වෙන් කර තිබෙනවා.

වීරවිල ගුවන්තොටුපල ඉදි කිරීම සඳහා සීමාසහිත ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ‍්‍රී ලංකා) සමාගම ආයෝජනය කරනු ලබනවා. ඉදිකිරීම් සඳහා රජයේ දායකත්වය වෙනුවෙන් රුපියල් මිලියන 500ක් 2009 වසර සඳහා වෙන් කිරීමටද යෝජනා කරනවා.

සැමට සරසවි වැඩ සටහන

විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබන සිසුන් වැඩි පිරිසකට එම අවස්ථාව ලබා දීම සඳහා මහින්ද චින්තනයේ සඳහන් කළ පරිදිම මේ වනවිටත් වැඩි පිරිසකට අවශ්‍ය නේවාසිකාගාර, දේශන ශාලා පහසුකම් හා පාඨමාලා පුළුල්කිරීමට කටයුතු කර තිබෙනවා. කොළඹින් බැහැරව පිහිටා ඇති විශ්ව විද්‍යාලවල පහසුකම් ප‍්‍රමාණවත් නැහැ. මෙම විශ්ව විද්‍යාලවල පහසුකම් වැඩි කිරීම හා ආශ‍්‍රිත ප‍්‍රදේශ විශ්ව විද්‍යාල ගම්මාන ලෙස සංවර්ධනය කිරීමට පියවර ගත යුතුව තිබෙනවා.

මෙම විශ්ව විද්‍යාලවල පහසුකම් අනෙකුත් විශ්ව විද්‍යාලවල මට්ටමට ගෙන ඒමටත්, විශ්ව විද්‍යාල ප‍්‍රජාවගේ අවශ්‍යතා සම්පූර්ණ වන පරිදි අවට ප‍්‍රදේශද සංවර්ධනය කිරීමටද ප‍්‍රමුඛත්වය දිය යුතු වෙනවා. එම විශ්ව විද්‍යාලවල ඇති ආචාර්ය මණ්ඩල පුරප්පාඩු වහාම පිරවීමටත්, එම විශ්ව විද්‍යාලවල ආචාර්යවරුන්ට විදේශ විශ්ව විද්‍යාලවල පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීමට ප‍්‍රමුඛත්වය දීමටත් කටයුතු කළ යුතු වෙනවා. එබැවින් රජරට, වයඹ, සබරගමුව, ඌව වෙල්ලස්ස, නැගෙනහිර, අග්නිදිග, යාපනය සහ රුහුණ වැනි විශ්ව විද්‍යාල වැඩිදියුණු කිරීම සඳහා රුපියල් මිලියන 950ක අතිරේක ප‍්‍රතිපාදන වෙන් කිරීමට යෝජනා කරනවා.

පනස් වසක පිය සටහන් සැමරීම

අපේ රටට ශාස්ත‍්‍ර ඥානයෙන් පුනර්ජීවයක් ලබාදුන් විද්ද්‍යෝදය විශ්වවිද්‍යාලය නමින් ආරම්භ කරන ලද ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සහ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය නමින් ආරම්භ කළ කැළණිය විශ්ව විද්‍යාලයේ පනස්වැනි සැමරුම ලබන වර්ෂයට යෙදී තිබෙනවා. මෙම උත්කර්ෂවත් අවස්ථාව අගය කිරීම සඳහා පවත්වනු ලබන වැඩසටහන් වෙනුවෙන් රුපියල් මිලියන 100ක් වෙන් කිරීමට යෝජනා කරනවා.

චිත‍්‍රපට-ටෙලි නාට්‍ය කර්මාන්ත නඟා සිටුවන්න සහන රැසක්

තොරතුරු තාක්ෂණය නංවයි දේශීය වෙද්‍ය පර්යේෂණවලට මිලියන 100ක්

ඊ ගම්මාන

ශ‍්‍රී ලංකාවේ දුෂ්කර ප‍්‍රදේශවල පිහිටි ගම්මාන තොරතුරු තාක්ෂණය මගින් ලෝකයට සම්බන්ධ කර විශ්ව සමාජයීය හා ආර්ථික ප‍්‍රවණතාවයන්ට ගැලපීම සඳහා 2006 අයවැයෙන් ප‍්‍රතිපාදන වෙන් කළා. මෙම වැඩපිළිවෙල මගින් ගමත්, පාසලත්, රජයේ හා පෞද්ගලික ආයතනත්, නැණසල මධ්‍යස්ථාන 500ක් පමණ මඟින් සකී‍්‍රය ලෙස සම්බන්ධ කිරීමටත්, ඉංග‍්‍රීසි භාෂාව හා තොරතුරු තාක්ෂණය පුළුල් කිරීමටත් කටයුතු කරනවා. 2009 වසර ඉංග‍්‍රීසි භාෂා හා තොරතුරු තාක්ෂණ ප‍්‍රවර්ධන වසර ලෙස නම් කරමින් මෙම වැඩසටහන පුළුල් කිරීමට රුපියල් මිලියන 100ක් වෙන් කිරීමට යෝජනා කරනවා.

මාසික දීමනාවද රුපියල් 5,000 දක්වා වැඩි කිරීමට මා යෝජනා කරනවා. මේ සඳහා රුපියල් මිලියන 4,500 ක ප‍්‍රතිපාදන වෙන් කිරීමට යෝජනා කරනවා.

දැනුම සහිත ආර්ථිකයක්

නිදහස් අධ්‍යාපනය මේ රටේ ප‍්‍රචලිත වීමත් සමඟ අපේ රටේ ජනතාව දැනුමෙන් පිබිදුණා. ඈත ගම් නියම්ගම්වල දරු දැරියන් දැනුමෙන් බලසම්පන්න වුණා. ඉදිරි වර්ෂ 10 තුළ අප රට ඉදිරියට යා යුත්තේ ඒ අයුරින් දැනුම පනම් කර ගත් ආර්ථිකයක් ගොඩ නැගීමෙනුයි. අපේ කෘෂිකර්මාන්තය, කර්මාන්ත සහ සේවාවන් ඉහළ තාක්ෂණ හා බුද්ධිමය මට්ටමකින් මෙහෙයවිය යුතු වෙනවා.

ඒ අතරම අපේ දැනුම ජාත්‍යන්තරව සැපයිය හැකි සේවාවන්වලටද යොදාගත යුතු වෙනවා. එබැවින් ශී‍්‍ර ලාංකික වෘත්තිකයන් ශී‍්‍ර ලංකාවේදී හෝ ඉන් පිටතදී වෘත්තීමය සේවා සැපයීමෙන් ලැබෙන ආදායම් සඳහා දැනට ලබාදී ඇති බදු සහන තවදුරටත් පුළුල් කළයුතු වෙනවා. ඒ අනුව ශී‍්‍ර ලංකාවේ සිට ජාත්‍යන්තර සේවා සපයන සමාගම් හෝ හවුල් ව්‍යාපාරවල රැකියා කරන ශී‍්‍ර ලාංකික වෘත්තිකයන්ට විදේශ මුදලින් වැටුප් ගෙවන අවස්ථාවක එම ආදායම මත පැනවෙන බද්ද සියයට 20 කට සීමා කිරීමට යෝජනා කරනවා.

මේ නිසා අපේ නීතිඥයන්, ගණකාධිකාරීවරුන්, ඉංජිනේරුවන්, වෙද්‍යවරුන්, පරිගණක තාක්ෂණිකයින් වැනි වෘත්තිකයන්ට මෙරට සිටම එවැනි සේවාවල යෙදීමට අවශ්‍ය පරිසරය සකස් වෙනවා. අපේ රට වෘත්තීය සේවා සපයන ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් බවට පත් කරන්න සහ අපේ වෘත්තිකයන් හා ඔවුන් සම්බන්ධ ආයතන එම සේවාවන් ලංකාවේ සිටම සැපයීමේ ක‍්‍රමවලට යොමුවෙනු ඇතැයිද මා විශ්වාස කරනවා.

ජාතික පර්යේෂණ කටයුතු

අපේ රටේ විද්‍යාත්මක පර්යේෂණ සඳහා ඇති අවධානය ප‍්‍රමාණවත් නැහැ. කෘෂිකර්ම, නව නිපැයුම්, ජාතික ආරක්ෂාව, ඓතිහාසික හා සංස්කෘතිමය සොයා ගැනීම් පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණ වැඩිදියුණු කළයුතු වෙනවා. එම පර්යේෂණ කටයුතු පුළුල් කිරීම සඳහා ජාතික පර්යේෂණ සභාවට, විශ්ව විද්‍යාල, විවිධ පර්යේෂණ ආයතන හා විවිධ අමාත්‍යාංශවල විද්වතුන් සම්බන්ධ කර ගනිමින් විවිධ ක්‍ෂේත‍්‍රවල නව සොයා ගැනීම් දිරිගැන්වීමට හා පර්යේෂණ කටයුතු දියුණු කිරීමට රුපියල් මිලියන 300 ක මුදලක් වෙන් කිරීමට යෝජනා කරනවා.

සැමට ගුණාත්මක සෞඛ්‍ය සේවයක්

සංවර්ධනයෙන් අඩු ප‍්‍රදේශවල වෙසෙන ජනතාව සඳහා ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීම මහින්ද චින්තනයේ මූලික අපේක්ෂාව වුණා. දුෂ්කර ප‍්‍රදේශවල පිහිටි රෝහල් සංවර්ධනයටත්, එම රෝහල්වල වෙද්‍ය නිවාස ඉදිකිරීමටත්, වතු රෝහල් සංවර්ධනය කිරීමටත් ප‍්‍රමුඛත්වය ලබා දුන්නා.

දුෂ්කර ප‍්‍රදේශවල වෙසෙන ජනතාව සඳහා තවදුරටත් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීම තහවුරු කිරීම වෙනුවෙන්, අක්කරෙපත්තු මූලික රෝහල සංවර්ධනය කිරීමටත්, මඩකළපුව ශික්ෂණ රෝහලෙහි පිළිකා සඳහා ප‍්‍රතිකාර අංශයක් ඉදිකිරීමටත්, මොණරාගල මූලික රෝහල සංවර්ධනය කිරීමටත්, මහනුවර, කෑගල්ල, රත්නපුර, නුවරඑළිය, බදුල්ල දිස්ති‍්‍රක්කවල වතු රෝහල් නවීකරණය කිරීමටත්, අඩුපාඩුකම් ඇති රෝහල් සඳහා ගිලන්රථ ලබාදීමටත් රුපියල් මිලයන 350 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.

දේශීය වෙදකම

ලොවට ආඩම්බරයෙන් දායාද කළ හැකි දේශීය වෙද්‍ය ක‍්‍රමයක් අප සතුව තිබෙනවා. එම දැනුම සංරක්ෂණය කිරීමත්, ලොවට බෙදා හැරීමත් ඉතිහාසය මගින් මට පැවරුන වගකීමක් ලෙස මම දකින බව මහින්ද චින්තනයෙන් මා ප‍්‍රකාශ කළා. දේශීය වෙද්‍යවරුන්ගේද ඉල්ලීම පරිදි ඔවුන්ගේ පැරණි වෙද්‍ය ක‍්‍රම පිළිබඳ පර්යේෂණ කටයුතු පුළුල් කිරීමටත්, එමගින් අප රටේ සෞඛ්‍ය තත්ත්වය දියුණු කර ගැනීමටත්, රජයේ දායකත්වය දියයුතු වෙනවා.

පිරිවෙන් අධ්‍යාපනයට දේශීය වෙදකම සම්බන්ධ කිරීමටද කටයුතු කළයුතු වෙනවා. පිරිවෙන් අධ්‍යාපනය දේශීය වෙද්‍ය කටයුතු සම්බන්ධ කිරීමට සහ දේශීය වෙද්‍ය පර්යේෂණ කටයුතු පුළුල් කිරීම සඳහා රුපියල් මිලියන 100 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.

කලාකෙත අස්වැද්දීම

කලා හා සංස්කෘතික පෝෂණය වෙනුවෙන් මහින්ද චින්තනයේ විශේෂ ප‍්‍රමුඛත්වයක් දී තිබෙනවා. දේශීය චිත‍්‍රපට කර්මාන්තය හා ටෙලි නාට්‍ය නඟා සිටුවීම සඳහා පසුගිය අයවැයෙන් සහන රාශීයක් දුන්නා. විදේශ රටවලින් ගෙන්වනු ලබන චිත‍්‍රපට නාට්‍ය හා දැන්වීම් සඳහා බද්දක් පනවා දේශීය කලාව හා සංස්කෘතියට විශේෂ පිළිගැනීමක් ලබා දුන්නා.

දේශීය චිත‍්‍රපට හා ටෙලි නාට්‍යවල නිරතවන කලාකරුවන්ගේ කුසලතාවයන් වැඩි දියුණු කිරීම, පුහුණුවීමේ කටයුතු සහ චිත‍්‍රාගාර පහසුකම් ලබාදීම සඳහා රන්මිණිතැන්නේ විශ්ව ටෙලි සිනමා ගම්මානය ඉදිකිරීම දැන් ආරම්භ කර තිබෙනවා. එම ගම්මානයේ පළමු අදියර ලබන වසරේ විවෘත කරනවා.

චිත‍්‍රපට හා ටෙලි නාට්‍ය නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය විවිධ උපකරණ බදු සහන යටතේ මේ වන විටත් ලබා දෙනවා. අධි තාක්ෂණ පහසුකම් සහිත සිනමා ශාලා ඉදිකිරීමට හෝ නවීකරණය කිරීමටද බදු සහන ලබාදී තිබෙනවා. මෙම කටයුතුවල වාණිජමය ආකර්ෂණය අඩු නිසාත්, චිත‍්‍රපට හා ටෙලි නාට්‍ය කලාවේ පිබිදීමක් ඇති වී තිබෙන නිසාත් මෙම සහනවල වලංගු කාලය තවත් වසර දෙකකින් දීර්ඝ කිරීමට යෝජනා කරනවා.

ලේඛකයින්, ගායකයින්, සංගීතඥයින්, නාට්‍යකරුවන් ඇතුළු කලා ක්‍ෂේත‍්‍රයේ නිර්මාණකරුවන්ද සිය නිර්මාණවලින් ලබන ආදායම් සඳහා බදු සහන සැලසීමටද යෝජනා කරනවා. අප රටෙහි ගුවන්විදුලි සහ රූපවාහිනි මාධ්‍ය මඟින් විකාශනය කෙරෙන ගීත සඳහා පද රචනය, සංගීතය හා ගායනය සඳහා දායක වූ නිර්මාණකරුවන්ට, එකී ගීතයක් විකාශනය කෙරෙන සෑම අවස්ථාවකදීම මූල්‍යමය ප‍්‍රතිලාභයක් ලබාදීම අනිවාර්ය කිරීමට බුද්ධිමය දේපල පනත සංශෝධනය කිරීමටද යෝජනා කරනවා.

“එක් ගමක් - එක් වගාවක්”

අපේ රටේ විවිධ පළාත්වලට ආවේණික භෝගයක් තෝරාගෙන එම ප‍්‍රදේශ තුළ වැඩියෙන්ම සාර්ථක වගා කළ හැකි භෝගය වගා කිරීමේ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. ලුණු, මිරිස්, තාක්කාලි, බෝංචි, දෙහි, ගස්ලබු, කෙසෙල් වැනි ප‍්‍රධාන භෝග වර්ග දියුණු කිරීමට ඉන් ප‍්‍රමුඛත්වය ලැබෙනවා.

එම ප‍්‍රදේශවල ව්‍යාප්ත සේවා, උසස් තත්ත්වයේ බීජ, පොහොර, මූල්‍ය ආධාර, ගබඩා, කල්තබා ගැනීමේ ක‍්‍රම, පශ්චාත් අස්වනු කළමනාකරණ පහසුකම් එක් ස්ථානයකින් අදාළ ගොවීන්ට සැපයීමටද, භාණ්ඩ ප‍්‍රවාහන පහසුකම් සඳහා දැනට ඇති කෘෂි මධ්‍යස්ථාන සංවර්ධනය කිරීමට හා විශේෂ ආර්ථික මධ්‍යස්ථාන සම්බන්ධ කිරීමට රුපියල් මිලියන 300 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.

කෘෂි අපනයන කලාප

කෘෂි නිෂ්පාදන උසස් ප‍්‍රමිතීන්ගෙන් හා දේශීය අගය එකතු කිරීමෙන් අපනයන වෙළෙඳපොළ වෙත සැපයීමට ගොවි ගම්මාන සම්බන්ධ කරගත් අපනයන කලාප පිහිටුවීමේ වැඩපිළිවෙළක් අපනයන සංවර්ධන මණ්ඩලය යොජනා කර තිබෙනවා. මේ අනුව තල් ආශී‍්‍රත භාණ්ඩ, කුරුඳු, ඉඟුරු, වැනිලා, පානීය ජලය වැනි තෝරාගත් භාණ්ඩ මෙම කලාපවල ඉහළ ප‍්‍රමිතීන් යටතේ වැඩි දියුණු කර අපනයනය කිරීම සිදුකරනවා. මේ සඳහා රුපියල් මිලියන 500 ක ප‍්‍රතිපාදනයක් අපනයන මණ්ඩලයට වෙන් කිරීමට යෝජනා කරනවා.

ප‍්‍රජා සංචාරක ගම්මාන

අපේ රටේ පාරිසරික හා සංස්කෘතික ආකර්ශණයන්ගෙන් සමන්විත පාරම්පරික ගම්මාන තෝරා ආකර්ශණීය සංචාරක මධ්‍යස්ථාන දියුණු කිරීම මහින්ද චින්තනයේ සඳහන් වෙනවා. ගම නැඟුම වැඩසටහන යටතේ සෑම පළාතකින්ම තෝරාගත් විශේෂ ගම්මාන සංචාරක ගම්මාන ලෙස දියුණු කිරීම සඳහා රුපියල් මිලියන 100 ක ප‍්‍රතිපාදන වෙන් කිරීමට යෝජනා කරනවා.

ලෝක උරුමයක් වූ ගාලු පුර සංවර්ධනය

ගාලු නගරය ලෝක උරුම නගරයක් ලෙස සංවර්ධනය කිරීමට අප ප‍්‍රමුඛත්වය දියයුතුව තිබෙනවා. ගාලු වරාය, සංචාරක වරායක් වශයෙන් දියුණු කිරීම සඳහා දැනටමත් ජපානය විසින් මුදල් වෙන් කර තිබෙනවා. එයට සමගාමීව ගාලු නගර සංවර්ධනය සඳහා රුපියල් මිලයන 100 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.

කි‍්‍රයාත්විත සේවාවල රණවිරුවන් ඇගයීම

කොළඹ සුඛෝපභෝගිව සැබෑ යථාර්තයෙන් ඈත්ව ජීවත්වන ඇතැමුන් අපේ රණවිරුවන් උතුරේ කරන මානුෂික මෙහෙවරේ ඇති බියකරු බව බොහෝ ෂට අවතක්සේරු කරනවා. රණවිරුවන් තම ජීවිත පරදුවට තබා බිහිසුණු ත‍්‍රස්තවාදය පරාජය කිරීමේ තිරසාර මෙහෙයුමකයි දැන් නිරත වී සිටින්නේ. ඒ නිසාම දකුණේ සහ විශේෂයෙන් කොළඹ ජීවත්වන නාගරික ජනතාවට රැකවරණයක්ද ලැබී තිබෙනවා.

එම රණවිරුවන් හා ඔවුන්ගේ පවුල්වල පරිත්‍යාගයට අප සදාකාලික ණය ගැති මෙන්ම එය නිතර නිතර අගය කළයුතු වෙනවා. මියගිය රණවිරුවන් සදාකල් සැමරීමට රණවිරු ස්මාරකයක්ද පිහිටුවනු ලැබුවා. කි‍්‍රයාන්විතයේ නිරත රණවිරුවන් සඳහා දෙන රුපියල් 3000 ක මාසික දීමනාවද රුපියල් 5,000 දක්වා වැඩි කිරීමට මා යෝජනා කරනවා. මේ සඳහා රුපියල් මිලියන 4,500 ක ප‍්‍රතිපාදන වෙන් කිරීමට යෝජනා කරනවා.

රණවිරු ගම්මාන

මහින්ද චින්තනයෙන් රණවිරු ගම්මාන යටතේ නිවාස 50,000 ක් ඉදිකිරීමට අපි පොරොන්දු වුණා. එහි පළමු පියවර ලෙස මාර්ග, ජලය, විදුලිය, දුරකථන, බැංකු, වෙළෙඳ සැල්, පාසල්, රෝහල් පහසුකම් ඇති නිවාස 1,500 කින් සමන්විත රණවිරු ගම්මානයක් ඉපලෝගම ඉදි කළා. ආරක්ෂක සේවාවන්වල නිරත සෙබළුන්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පුළුල් කිරීමට මැලේ වීදියේ අතහැර දමා තිබූ පැරණි අධ්‍යාපන අමාත්‍යාංශ ගොඩනැගිල්ල දැන් නවීන අධ්‍යාපන ආයතනයක් කර තිබෙනවා. ලබන වසරේදී තවත් අංග සම්පූර්ණ රණවිරු ගම්මාන කිහිපයක් ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 3,500 ක ප‍්‍රතිපාදන වෙන් කිරීමටද මා යෝජනා කරනවා.

වැට් බද්ද

පොදු ආර්ථික කටයුතු හා ජීවන වියදමට සහනයක් වශයෙන් වැට් බද්ද අඩු කිරීමද අවශ්‍ය වෙනවා. එබැවින් 2009 ජනවාරි සිට කි‍්‍රයාත්මක වන පරිදි සියයට 15 වැට් බද්ද සියයට 12 දක්වා අඩු කරනවා. සංචාරක කර්මාන්තය, ලීසිං කර්මාන්තය,, ඉදිකිරීම් කර්මාන්තය,, රක්ෂණ, දුරකථන සහ සියලුම නිෂ්පාදන වලට මෙයින් විශාල සහනයක් ලැබෙනවා. ඒවායේ පිරිවැය අඩුවීමෙන් සමස්ත ජීවන වියදමද අඩු වෙනවා.

එසේ වුවත් මෝටර් රථ, සුඛෝපභෝගී භාණ්ඩ, මත්පැන් වැනි භාණ්ඩ සඳහා සියයට 20 ක වැට් බද්ද එලෙසින්ම පවත්වා ගෙන යනවා. සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින්ට සහනයක් සැලසීමටත්, වැට් බද්දට අදාල පිරිවැටුම රුපියල් ලක්ෂ 18 සිට රුපියල් ලක්ෂ 25 දක්වා වැඩි කරනවා. ප‍්‍රජා මූල සංවිධාන මගින් ප‍්‍රජාවගේ දායකත්වයෙන් කෙරෙන ගම නැඟුම, මග නැගුම, සමෘද්ධි, ප‍්‍රජා ජල සම්පාදන ව්‍යාපෘති ඉදිකිරීම් වැට් බද්දෙන් මුළුමනින්ම නිදහස් කරනවා.

ආර්ථික සේවා ගාස්තු

ආර්ථික සේවා ගාස්තුව කි‍්‍රයාත්මක කිරීමේදී රුපියල් මිලියන 60 ක වාර්ෂික උපරිම බදු සීමාව රුපියල් මිලියන 120 දක්වා වැඩි කිරීමට යෝජනා කරනවා. මෙම වැඩි කිරීම බලපාන්නේ කිසිම ආදායම් බද්දක් නොගෙවන විශාල ව්‍යාපාරවලට පමණයි.

දුරකථන බද්ද

දැනට ජංගම දුරකථන හා රැහැන් රහිත දුරකථන සඳහා අදාල සියයට 10 බද්ද ස්ථාවර දුරකථනද ඇතුළත් වන පරිදි පුළුල් කරනවා. එසේ වුණද කි‍්‍රයාන්විතයේදී මිය ගිය රණවිරුවන්ගේ වැන්දඹුවන්ට හෝ ආබාධිත රණවිරුවන්ගේ නිවාසවල ස්ථාවර දුරකථන මෙම බද්දෙන් නිදහස් කරනු ලබනවා.

වරාය හා ගුවන් තොටුපළ බද්ද

වරාය සංවර්ධනය සඳහා අපේ රජය විශාල ආයෝජනයක් කරමින් සිටිනවා. කොළඹ වරාය, හම්බන්තොට නව වරාය, ඕලුවිල් නව වරාය, ති‍්‍රකුණාමල වරායේ සංවර්ධන කටයුතු, ගාලු සංචාරක වරාය හා කංකසන්තුරේ වරාය වැඩි දියුණු කිරීම සඳහා ඩොලර් මිලියන 1,000 ක පමණ ආයෝජනයක් දැන් සිදුවෙමින් පවතිනවා.

වීරවිල දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපල කි‍්‍රයාත්මක කිරීමේ පාරිසරික ගැටලු නිම කර ඇති බැවින් එම ගුවන් තොටුපල ඉදිකිරීම ඇරඹීමට නියමිතය. වරාය 6 ක් හා දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපල ඉදිකිරීමට විදේශ ණය සහ ආධාර වලට අමතරව දේශීය වශයෙන්ද ප‍්‍රතිපාදන සැලසිය යුතු වෙනවා. එබැවින් වරාය හා ගුවන් තොටුපල බද්ද සියයට 3 සිට සියයට 5 දක්වා වැඩි කිරීමට මා යෝජනා කරනවා.

ජාතිය ගොඩනැගීමේ බද්ද

අවුරුදු 30 කට අධික කාලයක් තුළ පැවති ත‍්‍රස්තවාදය නිසා මේ රට මුළුමනින්ම පසුබෑමට ලක් වුණා. උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල දුම්රිය මාර්ග, වරාය, මහාමාර්ග, පාලම්, රාජ්‍ය ආයතන, රෝහල් සහ පාසල් ත‍්‍රස්තවාදීන් විනාශ කළා. තදාසන්න පළාත් ජන ශුන්‍ය වී පසුබෑමට ලක් වුණා. ආරක්ෂක හමුදාවල විරෝදාර සෙබළුන් විශාල සංඛ්‍යාවක් ජීවිත පරිත්‍යාග කළා. ඇතැමුන් ආබාධිත වී අසරණ වුණා.

විශාල පිරිස් අවතැන් වී තාවකාලික වාසභූමි වලට යොමු වුණා. කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප‍්‍රදේශවල පොදු හා පෞද්ගලික දේපල විනාශ වුණා. පූජනීය ස්ථාන විනාශයට ලක් වුණා. දැන් මේවා නැවත ගොඩ නගන්න අවස්ථාව උදා වෙලා. එබැවින් දේශපාලන විසඳුම් සොයන ගමන්, සංවර්ධනය හා සුබ සාධනයට ප‍්‍රමුඛත්වය දිය යුතු වෙනවා.

ත‍්‍රස්තවාදය නිසා අසරණ වූ උතුරේත් දකුණේත් ජනතාව ගැන මෙන්ම ත‍්‍රස්තවාදය පිටුදැකීමට දිවිහිමියෙන් ජීවිත පරිත්‍යාග කළ වීරෝදාර රණවිරුවන් හා ඔවුන්ගේ පවුල් දෙසද වැඩි අවධානයක් දැන් යොමු කළ යුතු වෙනවා. එබැවින් ආරක්ෂක හමුදාවල සුබ සාධනයත්, ත‍්‍රස්තවාදය නිසා විනාශ වුණ ජන ජීවිත හා යටිතල පහසුකම් යලි ගොඩනැගීමටත් සමාජයේ දායකත්වය ලබාගැනීමට ජාතිය ගොඩනැගීමේ බද්දක් යෝජනා කරනවා.

සියයට 1 ක්වන මෙම බද්ද ආනයනයන්ටද, ඬෂ්පාදනයන්ටද, බැංකු හා මූල්‍ය ක්ෂේත‍්‍රය හැර අනෙකුත් සේවාවන්වල පිරිවැටුම මත වසර දෙකක කාලයක් සඳහා කි‍්‍රයාත්මක කිරීමට යෝජනා කරනවා. මෙම බද්දෙන් ලැබෙන ආදායමට අමතරව ජාතිය ගොඩනැගීමේ වැඩසටහන් සඳහා අතිරේක ආධාර ලබා ගැනීමටද අපේ මිත‍්‍ර රටවල සහාය පතනවා. මෙම බද්ද පැනවීමට අදාල නීති කෙටුම්පත හදිසි කෙටම්පතක් ලෙස මෙම වර්ෂයේදීම අනුමත කර ගැනීමට ගරු මන්තී‍්‍රතුමන්ලා සියලු දෙනාගේම සහයෝගය බලාපොරොත්තු වෙනවා.

ජාතික බදු ප‍්‍රතිපත්තියක් සකස් කිරීම

1977 සිට ආයෝජන දිරිගැන්වීම සඳහා දෙනු ලැබු විවිධ බදු සහන නිසා අපේ බදු පදනම හීන වී තිබෙනවා. එකම ප‍්‍රදේශයේ සිටින සමාන ව්‍යාපාරිකයන් සඳහා අසමාන බදු රටේ පවතිනවා. දේශීය ව්‍යවසායකයන් දෙවන පන්තියේ තත්ත්වයටද පත් වී තිබෙනවා. වරින් වර හඳුන්වා දුන් බදු සමා පනත් වැනි අවිධිමත් වැඩපිළිවෙළවල් නිසා බදු පරිපාලනයේද විශාල ව්‍යාකූලතාවයක් ඇති වී තිබෙනවා.

බදු පරිපාලනයද කාලීන අවශ්‍යතාවයන් අනුව නවීකරණය නොවීමද ගැටලුවක්. නිදහස් වෙළෙඳ ගිවිසුම්, තීරු බදු සහන වැනි ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු තුළින් ඇති වී තිබෙන වෙනස්කම් නිසා දේශීය නිෂ්පාදකයින්ට ඇති වී තිබෙන බලපෑම් ගැන සැලකිලිමත් විය යුතු වෙනවා. බදු පරිපාලනය සඳහා ඇති ආදායම් හා රේගු දෙපාර්තමේන්තු මෙන්ම විශාල ලෙස බදු සහන සපයන ආයෝජන මණ්ඩලය ඒකාබද්ධව හා සම්බන්ධීකරණයෙන් තොරව කටයුතු කිරීම නිසාද විනිවිදභාවයෙන් තොර සංකීර්ණ බදු ක‍්‍රමයක් ඇති වී තිබෙනවා. එසේම සියයට 55 ක තරම් අධික බදු වට්ටමක් බැංකු හා මූල්‍ය ආයතන වලට කි‍්‍රයාත්මක වෙනවා.

එබැවින් ජාත්‍යන්තර අත්දැකීම්ද උපයෝගී කර ගනිමින් අපේ රටේ අවශ්‍යතාවලට ගැලපෙන ජනතාවට පහසු බදු ක‍්‍රමයක් සකස් කළ යුතු වෙනවා. එය කාර්යක්ෂමව ඉටු කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවත්, රේගුවත් ශක්තිමත් කළ යුතුයි. එසේම ආයෝජන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය වැනි ආයෝජන පුළුල් කිරීමේ ආයතන බදු පරිපාලනය සමග සම්බන්ධීකරණය කිරීමද කළ යුතු වෙනවා. 2010 සිට මෙම වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කිරීමට වසරක් ඇතුළත අදාළ යෝජනා සකස් කිරීම සඳහා ජනාධිපති කොමිෂන් සභාවක් පත් කිරීමටත් එම කටයුතු සඳහා රුපියල් මිලියන 25 ක ප‍්‍රතිපාදන වෙන් කිරීමටත් යෝජනා කරනවා.

ඉන්ධන මිල

පසුගිය වසර තුන තුළ ජාත්‍යන්තර තෙල් මිල ගණන් වල වැඩිවීම අති භයංකරය. 2008 ජුලි මාසය පමණ වන විට බැරලයක මිල ඩොලර් 147 ක තරම් ඉහළ මට්ටමක පැවතියා. අපේ රටට එය දරා ගත නොහැකි බරක් වුණා. තෙල් ආනයනය සඳහා අවුරුද්දකට ඩොලර් මිලියන 3,000 ක් පමණ රටට වැය කරන්නට සිදු වුණා.

මෙම අහිතකර තත්ත්වය තේරුම් ගත් අපේ රජය ඉන්ධන පරිභෝජනය අඩු කිරීම සඳහා දැක්මක් සහිත වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කළා. ජල විදුලි බලාගාර වැඩිදියුණු කිරීම, ඉන්ධන පරිභෝජනය වැඩි වාහන වලට අධික බදු පැනවීම සහ ඉන්ධනවල මිල වැඩි කිරීම නිසා ලෝකයේ ඇති වූ ව්‍යසනකාරි තත්ත්වයෙන් තරමකින් හෝ මිදීමට අපට හැකි වුණා.

ඉන්ධන මිල අඩු කිරීම සඳහා නඩු කියන්නත්, පෙළපාලි යන්නත් තේරුම් ගත යුතු එක දෙයක් තියෙනවා. ඉන්ධන මිල අනවශ්‍ය ලෙස අඩු කර නැවතත් මේ රටේ තෙල් මත යැපෙන ආර්ථික ක‍්‍රමයක් ඇති කිරීම විනාශකාරි කි‍්‍රයාවක් බව ඒ අය තේරුම් ගත යුතු වෙනවා. පසුගිය රජය මෙන් මාසික මිල සුත‍්‍ර ක‍්‍රම මගින් ඉන්ධන මිල වෙනස් කිරීමටද අපි පෙළඹුණේ නැහැ. ඒවා කළා නම් රටේ ඇති විය හැකිව තිබු අධික ජීවන වියදම් තත්ත්වය කොතෙක්දැයි කිව නොහැකියි. 2008 වර්ෂය සඳහා මෙතරම් තෙල් මිල ඉහළ ගියත් අපි මිල වැඩි කළේ දෙවරක් පමණි. එයද වැඩි කළ යුතු ප‍්‍රමාණයෙන් සියයට 50 කට වඩා අඩු ප‍්‍රමාණයකි.

විදුලිබල මණ්ඩලයට දෙනු ලැබු සහනාධාරය රුපියල් බිලියන 40 ක් පමණ වෙනවා. ඛණිජ තෙල් සංස්ථාවේ මේ වසරේ මුල් මාස හයේ අති වූ පාඩුව රුපියල් බිලියන 20 ඉක්මවනවා. දුම්රිය, ලංගම වැනි සේවා වලද පාඩු ඇතිවූ බැවින් එම ආයතන වලට භාණ්ඩාගාරයෙන් මුදල් දීමට සිදු වුණා. මේවා සියල්ල ජනතාවට දුන් සහනාධාරයි. ජාත්‍යන්තර ආර්ථික අර්බුදයත් සමග තෙල් මිලද දැන් ක‍්‍රමයෙන් අඩු වෙමින් පවතිනවා. ඒ නිසා අපටද තෙල් මිල අඩු කිරීමට දැන් හැකි වී තිබෙනවා.

එසේ වුණත් ලෝක මිල ගණන්වල ඇති අස්ථාවරත්වය ගැන විශේෂයෙන් විමසිලිමත් විය යුතු වෙනවා. එනේම අහිමි වී ගිය බදු වලින් කොටසක් හෝ නැවත ලබා ගැනීමටත්, ඒ වගේම ඇති වූ පාඩු යම් දුරකට පියවා ගැනීම ගැනත් සැලකිය යුතු වෙනවා. ඒ වගේම අප විසින් සාර්ථක ලෙස කි‍්‍රයාත්මක කළ ඉන්ධන අරපිරිමැස්මට ගත් කි‍්‍රයාමාර්ගත්, විකල්ප බලශක්ති සංවර්ධනය සඳහා ගනු ලැබූ කි‍්‍රයාමාර්ගත් ආපසු හැරවිය යුතු නැහැ.

මේ සියල්ල සැලකිල්ලට ගෙන අද දින සිට කි‍්‍රයාත්මක වන පරිදි ඩීසල් ලීටරයක් රුපියල් 30 කින් අඩු කරනවා. භූමිතෙල් ලීටරයක් රුපියල් 20 කින්, පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 15 කින් අඩු කිරීමටද යෝජනා කරනවා. විදුලිබලය ජනනය කිරීම සඳහා සැපයෙන දැවිතෙල් ලීටරයක මිල රුපියල් 45 දක්වා අඩු කිරීමටද යෝජනා කරනවා. ජාත්‍යන්තර තෙල් මිල තවදුරටත් පහළ මට්ටමක ස්ථාවර වුණොත් ඉදිරි මාස කිහිපය තුළ නැවත මිල අඩු කිරීමක් ගැනද සලකා බලනවා. ඒ නිසා මේවාට නඩු කීමට විකල්ප අය වැය ඉදිරිපත් කිරීමට විරොි්ධතා පෑමට දැන් අවශ්‍යතාවයක් නැහැ.

ඩීසල් මිල රුපියල් 30 කින් අඩු කිරීම නිසා බස් ගාස්තු සියයට 25 කින් පමණ අඩු කළ හැකි වෙනවා. දුර ගමන් සේවා වලින් මසකට රුපියල් 750 – 1000 ක් පමණද, කෙටි ගමන් වලින් මසකට රුපියල් 200 – 300 ක පමණ ඉතිරියක්ද, දිනපතා ගමන් කරන මගීන්ට මේ නිසා ඉතිරි වෙනවා.

මෙයට සමගාමීව දුම්රිය දෙපාර්තමේන්තුවද එහි පාඩු අවම වන පරිදි ගාස්තු සංශෝධනයක් කි‍්‍රයාත්මක කරනු ඇත.

පෙට‍්‍රල් මිල අඩු කිරීම නිසා මෝටර් සයිකල් ලක්ෂ 16 කට වැඩි සංඛ්‍යාවකට එක් අයෙකුට මසකට රුපියල් 500 ක පමණ සහනයක්ද, තී‍්‍රවිලර් හා මෝටර් රථ හිමියෙකුට මසකට රුපියල් 1,200 ත් 2,000 ත් අතර ඉතිරියක්ද ඇති වෙනවා.

පාරිභෝගිකයින්ට ප‍්‍රතිලාභ ලබාදීම සඳහා ති‍්‍රවිලර්, කුලී රථ, පාසල් වෑන්, ලොරි වැනි සේවාවන්වල ගාස්තුද සියයට 20 කින් පමණ අඩු කරන ලෙස මා පෞද්ගලික සේවා සපයන්නන්ගෙන් ඉල්ලීම් කරනවා.

ධීවර බෝට්ටු හිමියන්ගේ පිරිවැය විශාල ලෙස අඩු වන විට මාළු මිල ගණන්ද අඩු වනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා.

භූමිතෙල් මිල අඩුවීම නිසා එළවළු වගා කරන්නන්ට විශාල සහනයක් ඇති වෙනවා. ඩීසල් මිල අඩු කිරීම නිසා ඉදිකිරීම් කර්මාන්තයටද විශාල සහනයක් ලැබෙනවා.

විදුලි ජනනය සඳහා පාවිච්චි කරන දැවිතෙල් මිල අඩු කිරීමෙන් විදුලිබල මණ්ඩලයේ පාඩුවද පියවා ගතතහැකි වෙන අතර විශේෂයෙන් ඇඟළුම්, පිඟන් වැනි කර්මාන්ත හා සංචාරක ව්‍යාපාරය ගැන සැලකිලිමත්ව විදුලි බල ගාස්තු සංශෝධනය කිරීමෙන් මෙම කර්මාන්තවලටද සහන ලබාදීමට කටයුතු කරනවා. මේ අතර ඉන්ධන භාවිතයේදී ජීව ඉන්ධන භාවිතය වැඩි කිරීමටද දිරි ගැන්වීම් කරනවා.

රජයේ සේවකයන්ගේ සුබ සාධනය

රජයේ සේවකයින්ගේ සුබ සාධනය වෙනුවෙන් පසුගිය අවුරුදු තුනේදී අඛණ්ඩව කටයුතු කර තිබෙනවා. ඔවුන්ගේ අවම මාසික වැටුප රුපියල් 7,900 සිට රුපියල් 11,670 දක්වා වැඩි කළා. එයට අමතරව රුපියල් 1,000 කින් ආරම්භ කළ ජීවන වියදම් දීමනාව මේ වන විට රුපියල් 3,500 දක්වා වැඩි කර තිබෙනවා. අවම වශයෙන් රුපියල් 6,000 කට වඩා වැටුප් වැඩි කළා. වැටුප් විෂමතාවයන්ද සෑහෙන ලෙස ඉවත් කළා. නිවාස ණය, ආපදා ණය පුළුල් කිරීමට මෙන්ම නිලධාරීන්ට නිවාස, වාහන ලබාදීමටද විවිධ දුෂ්කරතා මධ්‍යයේ වුවද සහන සැලසුවා.

අප මුහුණ දෙන ආර්ථික දුෂ්කරතාවන්ට අමතරව, ලෝක ආර්ථිකයේ පසුබෑම නිසා ඇති වී තිබෙන ප‍්‍රශ්න ද විසඳ්‍ර ගත යුතු වෙනවා. රටේ දියුණුවට, රණවිරුවන්ගේ සුබ සාධනයට අපි සියලු දෙනාම කැපවීම් කළ යුතු වෙනවා. වැට් බද්ද, ඉන්ධන මිල හා ප‍්‍රවාහන වියදම් අඩු කිරීමෙන් ජීවන ෂයදම අඩු කිරීමට මා යෝජනා කළා.

වෘත්තීය සමිති සමග මා පැවැත්වූ සාකච්ඡා වලදී ජීවන වියදම අඩු කිරීම වැටුප් වැඩි කිරීමට වඩා යෝග්‍ය බව ඔවුන් පෙන්වා දුන්නා. එසේ වුවත් සියලුම රජයේ සේවකයින්ට සහනයක් වශයෙන් 2009 වසරේ ජනවාරි මස සිට ජීවන වියදම් දීමනාව මසකට රුපියල් 4,500 ක් දක්වා අවම වශයෙන් රුපියල් 1,000 කින් වැඩි කිරීමට යෝජනා කරනවා.

මේ සඳහා රුපියල් මිලියන 12,000 ක අතිරේක ප‍්‍රතිපාදන වෙන් කිරීමටද මා යෝජනා කරනවා. අධිකරණ ක්ෂේත‍්‍රයේ නිලධාරීන්, ගුරුවරුන්, විදුහල්පතිවරුන් වැනි සේවාවන්වල වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා ද රුපියල් මිලියන 3,000 ක ප‍්‍රතිපාදන වෙන් කර තිබෙනවා.

රජයේ සේවකයින්ට දැනට ගෙවනු ලබන රුපියල් 3,000 ක උත්සව අත්තිකාරම් මුදලද රුපියල් 5,000 දක්වා වැඩි කිරීමට යෝජනා කරනවා.

 

විශ‍්‍රාම වැටුප් වැඩිවේ - තේ පොහොර මිල අඩුවෙයි

සිය දරුවන් සඳහා පොත් මිලදී ගැනීමට රජයේ සේවකයින්ට දෙනු ලබන රුපියල් 1,000ක අත්තිකාරම් මුදල රුපියල් 2,500 දක්වා වැඩි කිරීමටත් යෝජනා කරනවා.

ආපදා ණය ලබා ගැනීමට වෙන් කර ඇති මුදල් ප‍්‍රමාණය ප‍්‍රමාණවත් නොවන නිසා බොහෝ රජයේ සේවකයින්ට ආපදා ණය ලබා ගැනීම අපහසු වී තිබෙනවා. එම නිසා එම ප‍්‍රතිපාදන රුපියල් මිලියන 5,500 සිට රුපියල් මිලියන 7,500 දක්වා වැඩි කිරීමටද යෝජනා කරනවා. ආපදා ණය උපරිමය රුපියල් 250,000 කට සීමා කිරීමටද මා යෝජනා කරනවා. මේ නිසා 2009 වසරේ වැඩි පිරිසකට ආපදා ණය ලබා ගත හැකි වේ යයි මා විශ්වාස කරනවා.

රජයේ සේවකයින් සඳහා මෙතරම් විශාල ප‍්‍රතිලාභ ලබාදීමෙන් අපි බලාපොරොත්තුවන්නේ රජයේ සේවය වඩා කාර්යක්ෂම ජනතා හිතවාදී සේවයක් බවට පත් කිරීමටයි. එබැවින් මහජනතාවට ඵලදායි සේවාවක් ලබාදීමට උපරිම ලෙස කැපවන ලෙසත්, සිය යුතුකම් ජනතාවට ඉටු කිරීම සිය අයිතිවාසිකම්වලට වඩා වැදගත් කොට සලකන ලෙසත් සියලුම රජයේ සේවකයින්ගෙන් ඉල්ලීමක් කරනවා.

විශ‍්‍රාම වැටුප්

රජයේ සේවකයින්ගේ විශ‍්‍රාම වැටුප් කපා හැරීමත්, ඔවුන්ගේ සුබසාධනය නොසලකා හැරීමත් එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රතිපත්තිය වී තිබුණා. අහිමි කළ රජයේ සේවකයින්ගේ විශ‍්‍රාම වැටුප නැවත ඇති කිරීමටද අපට හැකි වුණා. 2006 වසරේ ආරම්භ කළ මසකට රුපියල් 500ක ජීවන වියදම් දීමනාව මේ වන විට රුපියල් 1,440 දක්වා වැඩි කර තිබෙනවා.

2009 ජනවාරි මස සිට සෑම විශ‍්‍රාමිකයෙකුටම ජීවන වියදම් දීමනාව රුපියල් 2,000 ක් දක්වා මසකට රුපියල් 560 කින් වැඩි කිරීමටද මා යෝජනා කරනවා. එමඟින් ලක්‍ෂ පහකට පමණ සහනයක් සැලසෙනවා. විශ‍්‍රාම වැටුප්වලට හිමිකම් නොකියනු ලබන රජයේ සේවයෙන් විශ‍්‍රාම ලැබූවන්ට දෙන මාසික දීමනාව රුපියල් 500 කින් වැඩි කිරීමටද යෝජනා කරනවා. මෙම කටයුතු සඳහා රුපියල් මිලියන 3,000 ක අතිරේක ප‍්‍රතිපාදන වෙන් කිරීමට යෝජනා කරනවා.

රාජ්‍ය සේවා උපහාර

රාජ්‍ය සේවකයින්ට හා විශ‍්‍රාමලාභීන්ට සහන සැපයීමේ එස්. එල්. ටී. ‍ෙමාබිටෙල් උපහාර සන්නිවේදන පැකේජය අපගේ ගෞරවණීය පූජ්‍ය පක්‍ෂයට, දේශීය වෙද්‍යවරුන්ට හා සමූපකාර සේවකයින් සඳහාද කි‍්‍රයාත්මක කිරීමට මා යෝජනා කරනවා. රජයේ වැඩි දායකත්වය ඇති නිසා මෙවැනි සේවා ජනතාවට ලබාදීම මඟින් ටෙලිකොම් සමාගමට සමාජ සත්කාර කි‍්‍රයා සඳහා මෙසේ ඉදිරිපත්වීමට හැකිවී තිබෙනවා.

පෞද්ගලික ආදායම් බද්ද

පෞද්ගලික ආදායම් බද්ද අදාල වන්නේ වැටුප්, කුලී හා සුළු ව්‍යාපාරිකයන් හා ස්වයං රැකියාවලින් ආදායම් ලබන්නන් සම්බන්ධයෙනි. රුපියල් 300,000 ක වාර්ෂික ආදායමක් මෙම බද්දෙන් නිදහස් කර තිබෙනවා. එම සීමාව ඉක්මවන ආදායම සියයට 5 සිට සියයට 35 දක්වා විවිධ කාණ්ඩ යටතේ බද්දට යටත් වෙනවා.

මෙම ආදායම් කාණ්ඩ වසර ගණනාවකින් වෙනස් කර නොමැති නිසාත්, විශේෂයෙන් මධ්‍යම පාන්තික ආදායම්ලාභීන්ට සහනයක් සැලසීම සඳහාත් ආදායම් කාණ්ඩ තුනක් රුපියල් ලක්‍ෂ 4 බැගින්ද, තවත් කාණ්ඩ තුනක් රුපියල් ලක්‍ෂ 5 බැගින්ද බද්දට යටත් කිරීමට යෝජනා කරනවා. මේ නිසා පුද්ගලික ආදායම් බදු බර සියයට 5 කින් පමණ අඩු වෙනවා. මින් උපයන විට ආදායම් බදු ගෙවනු ලබන, ලක්‍ෂ 4ක පමණ පිරිසකට සහන සැලසෙනවා. බදු බර අඩුවීම නිසා වැඩි පිරිසක් ආදායම් බදු ගෙවීමට පෙළඹේ යයි මා විශ්වාස කරනවා.

පොලී ආදායම් මත බද්ද

ඉතිරිකිරීම් මත ලැබෙන පොලී ආදායමෙන්ද විශේෂයෙන් විශ‍්‍රාමිකයින් හා මධ්‍යම පාන්තිකයින් විශාල පිරිසක් ජීවත් වනවා. පසුගිය වසරේ පොලී ආදායමෙන් රුපියල් ලක්‍ෂ 3 දක්වා බදු ඉවත් කළ අතර රුපියල් ලක්‍ෂ 6 දක්වා පොලී ආදායම සඳහා පැවති සියයට 10 බද්ද සියයට 2.5 දක්වා අඩු කළා. මෙම සහනය තවදුරටත් පුළුල් කිරීම සඳහා සියයට 2.5 දක්වා අදාළ පොලී ආදායම රුපියල් ලක්‍ෂ 10 දක්වා වැඩි කිරීමට යෝජනා කරනවා. මෙයින් පොලී ආදායම මත ජීවත්වන දශ ලක්‍ෂයකට පමණ සහන සැලසෙනවා.

විදුලි හා ජලගාස්තු

පාරිභෝගිකයින්ට පුළුල් ලෙස සහන දිය යුතු බැවින් මහින්ද චින්තනයේ පොරොන්දු වූ පරිදි විදුලි ඒකක 90 කට අඩුවෙන් පරිභෝජනය කරන සෑම පාරිභෝගිකයෙකුටම මසකට රුපියල් 30ක වට්ටමකුත්, ජල ඒකක 15කට අඩුවෙන් පරිභෝජනය කරන පාරිභෝගිකයෙකුට රුපියල් 20ක මාසික වට්ටමකුත් දීමට මා යෝජනා කරනවා. 350,000 කට අධික විදුලි පාරිභෝගිකයින්ටත්, 150,000 කට වැඩි ජල පාරිභෝගිකයින්ටත් මෙයින් විශාල සහනයක් ලැබෙනවා. මේ සහනය සඳහා රුපියල් මිලියන 300 ක ප‍්‍රතිපාදන වෙන් කරනවා.

වී සඳහා පොහොර

ගොවිතැන අමතක කර ගොවීන් සඳහා දෙනු ලබන සහනාධාර කප්පාදු කර තිබුණා අපට මතකයි. නමුත් මහින්ද චින්තනයෙන් පොහොර මිටියක් රුපියල් 950ක් ව පැවති මොහොතේ එය රුපියල් 350කට ලබාදීමට මා පියවර ගත්තා. මේ වසරේ එම පොහොර මිටිය රුපියල් 6,000 කට ඉහළ ගියත් අප රුපියල් 350 ටම එය ලබාදෙනවා.

ඒ අනුව එය සියයට 96 ක සහනාධාරයක්. මේ සහනාධාරය මෙතෙක් පැවති රජයන් දෙනු ලබූ පිටි සහනාධාරය වගේ දේවල්වලට වඩා හරවත් බව කවුරුත් දැන් පිළිගන්නවා. ජල හිඟයෙන්, ඉඩම් හිඟයෙන්, වගා පාලුවෙන්, සත්ත්ව උවදුරුවලින්, අස්වනු විකුණාගත නොහැකිකමින් හා නව ක‍්‍රමෝපාය නොමැතිකමින් අපේ ගොවීන් විඳින දුක්ගැහැට අපමණයි.

වී සඳහා රුපියල් 30ක් 35ක් තරම් ඉහළ මිලක් ලබාදීමට අපට හැකි වූවත් පොහොර මිලදී ගැනීමේදී ගොවියන්ට විවිධ මූල්‍ය දුෂ්කරතා විඳීමට සිදුවෙනවා. එබැවින් එළඹෙන මාස් කන්නයේ සිට කාබනික පොහොර හා පිදුරු වැනි ද්‍රව්‍ය භාවිත කරන සියලුම ගොවීන්ට අක්කරයකට පොහොර මිටි තුනක් ගොවි සමිතිවල ඇප මත සැපයීමට යෝජනා කරනවා.

එම ගොවීන් අස්වැන්න නෙලා ගත් පසු තමන් ලබා ගත් පොහොර වෙනුවට ගොවි සමිති / ගොවිජනසේවා නිලධාරීන්/ වාරිමාර්ග නිලධාරීන් හා කන්න සමිති මගින් දිසාපතිවරයාට වී ලබාදීමේ ක‍්‍රමවේදයක් කි‍්‍රයාත්මක කිරීමටද යෝජනා කරනවා. දිසාපතිවරුන්ගේ සෘජු සහභාගිත්වයෙන් හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ අධීක්‍ෂණය යටතේ මෙම වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කරනවා.

පොහොර සඳහා වී පදනම යටතේ අත්තිකාරම් ක‍්‍රමයකට පොහොර ලබාදීමේ මෙම වැඩපිළිවෙළ නිසා ගොවීන්ට පොහොර මිලදී ගැනීමේදී ඇතිවන මූල්‍ය දුෂ්කරතා මගහැරෙනවා. මෙසේ ගනු ලබන වී වලින් ආහාර සංචිතයක් ගොඩ නැගීමට ද හැකි වේ යයි මා බලාපොරොත්තු වෙනවා. මෙම ක‍්‍රමය එළවළු වගාව සඳහා ද කි‍්‍රයාත්මක කිරීමට යෝජනා කරනවා.

ජාතික සවිය – ගම නැගුම

පසුගිය දශක ගණනාවක් තුළ අපේ දෑස් ඉදිරිපිටදීම පිරිහීමට ලක්වූ ගම පුනර්ජීවනය කරන බව මහින්ද චින්තනයේ සඳහන් කළා. සෙනෙහසින් හා සෞන්දර්යයෙන් පිරුණු ගම පිළිබඳව මා දකින සිහිනය “ගම නැඟුම” ලෙස යථාර්තයක් බවට පත්කරන බව මම සඳහන් කළා. එය යථාර්තයක් කරන්න මග නැඟුම, ග‍්‍රාමීය විදුලිබල යෝජනා ක‍්‍රම, ග‍්‍රාමීය ජලසම්පාදන ක‍්‍රම, ග‍්‍රාමීය ණය යෝජනා, නැණසල, සුළු වාරිමාර්ග, නිවාස යෝජනා ක‍්‍රම, ප‍්‍රජා සංවර්ධන කටයුතු පුළුල් කළා.

2009 වසරේ මේ කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 13,515ක් වෙන් කර තිබෙනවා. මග නැඟුමට රුපියල් මිලියන 3,000ක් ද, නිවාස සඳහා රුපියල් මිලියන 3,827ක් ද, ග‍්‍රාමීය විදුලිය සඳහා රුපියල් මිලියන 3,830ක් ද, පානීය ජලය සඳහා රුපියල් මිලියන 1,680 ක්ද, ග‍්‍රාමීය ණය යෝජනා ක‍්‍රම සඳහා රුපියල් මිලියන 1,178 ක්ද වෙන් කර තිබෙනවා.

ගම නැඟුම වැඩසටහන යටතේ ග‍්‍රාමීය පාරවල් සඳහා රුපියල් මිලියන 9,825 කුත්, විදුලිය සඳහා රුපියල් මිලියන 1,642 කුත්, පානීය ජලය සඳහා රුපියල් මිලියන 1,149 කුත්, සුළු වාරිමාර්ග සඳහා රුපියල් මිලියන 821 කුත් වශයෙන් ජාතිය ගොඩනැඟීමේ අමාත්‍යාංශය යටතේ රුපියල් මිලියන 16,420 ක් වෙන්කර තිබෙනවා. ග‍්‍රාම සේවා කොට්ඨාසයකට රුපියල් ලක්‍ෂ 20 ක් වනසේ ප‍්‍රතිපාදන වෙන් කිරීමේ පදනම යටතේ මේ සඳහා තවත් රුපියල් මිලියන 8,000ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා. මෙයින් ග‍්‍රාමීය ප‍්‍රබෝධයක් ඇති කිරීම මගේ අරමුණ වෙනවා.

උතුර – දකුණ යා කරන දුම්රිය මාර්ග, මහාමාර්ග ඉදිකළයුතු වෙනවා. පාසල්, රෝහල්, රජයේ කාර්යාල, ප‍්‍රතිසංස්කරණය කර නවීකරණය කළ යුතු වෙනවා. පවුල් 80,000 පමණකගේ විනාශ වි ගිය නිවාස සහ ජීවනෝපා ක‍්‍රම ඇති කළ යුතු වෙනවා. මේ සියල්ලටම වඩා එම ප‍්‍රදේශවල ජීවත්වන අහිංසක ළමයින්, කාන්තාවන්, තරුණ තරුණියන්ගේ සුබසාධනය මෙන්ම එල්. ටී. ටී. ඊ. සාමාජිකයින් පුනරුත්ථාපනය කර සමාජයට වැඩදායී පුරවැසියන් බවට පත් කර ගත යුතු වෙනවා.

මේ සඳහා රුපියල් මිලියන 3,000 ක අතිරේක ප‍්‍රතිපාදන වෙන් කිරීමට යෝජනා කරනවා. මෙයට අමතරව උතුරේ නැවත පදිංචි කිරීමේ කටයුතු සඳහා නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය සඳහා රුපියල් මිලියන 500 ක් වෙන් කිරීමටද යෝජනා කරනවා.

විදේශ විනිමය ඉපයීම් සඳහා දිරිගැන්වීම්

ලෝක ආර්ථිකය තුළ විශාල මූල්‍ය අර්බුදයක් ඇති වෙමින් පවතිනවා. කොටස් වෙළඳපොළවල්වල පසුබෑමත්, විනිමය අනුපාත අවප‍්‍රමාණවීමත්, බැංකුවල මුදල් හිඟතාවයන් සෑම රටකින්ම වාර්තා වෙනවා. මේ තත්ත්වය අපේ ප‍්‍රධාන අපනයනයන්ට හා සංචාරක කර්මාන්තයට බලපානවා. ඇඟලුම් කර්මාන්තයෙන් ඇමරිකානු ඩොලර් 3500 ක් පමණ විදේශ ආදායමකුත් ලක්ෂ 10 කට පමණ රැකියාවලුන් ලබාදෙනවා.

තේ හා රබර් ඇමරිකානු ඩොලර් 1500 ක පමණ විදේශ විනිමය උපදවන හා ලක්ෂ 10 ක පමණ රැකියා සපයන කුඩා වතුහිමියන් හාර ලක්ෂයක් පමණ නිරත ක්‍ෂේත‍්‍රයක්. සංචාරක ව්‍යාපාරය මගින්ද ඇමරිකානු ඩොලර් මිලියන 400 ක විදේශ විනිමයකුත්, ලක්ෂයකට ආසන්න පිරිසකට රැකියාත් සපයනවා. පිඟන්, සම්භාණ්ඩ ඇතුළු සම්ප‍්‍රදායික නොවන අපනයනයන්ටද මේ තත්ත්වය බලපානවා. එබැවින් විදේශ ආදායම් මෙන්ම විශාල ප‍්‍රමාණයකට රැකීරක්ෂා පවත්වාගෙන යාමට මෙම ක්‍ෂේත‍්‍රවලට විශේෂ සහන අවශ්‍ය වෙනවා. පහත සඳහන් යෝජනා මේ සඳහා කි‍්‍රයාත්මක කරනවා.

. විදුලිබල මණ්ඩලය අයකරන ඉන්ධන ගැලපුම් ගාස්තුව සංචාරක හෝටල් සහ කර්මාන්ත සඳහා වසරක කාලයකට සියයට 15 දක්වා අඩු කරනවා.

. කර්මාන්ත සඳහා භාවිතා කරන දැවිතෙල් මිල ලීටරයකට රුපියල් 55 දක්වා අඩු කරනවා.

. 2008 වසරේ විනිමය ඉපයීම් හා රැකියා මට්ටම පවත්වා ගන්නා කර්මාන්තවලට ණය වාරික ආපසු ලබා ගැනීම මාස හයකින් අත්හිටුවනවා. ඒ සඳහා ශී‍්‍ර ලංකා මහ බැංකුව අදාළ වාණිජ බැංකුවලට අවශ්‍ය සහන සපයනවා ඇති.

දේශීය නිෂ්පාදනය

දේශීය නිෂ්පාදන සඳහා නව වෙළෙඳපොළ සොයා ගැනීම් හෝ පවත්නා පොළවල්වල ඇණවුම් වැඩිකර ගනු ලබන, නිෂ්පාදකයින්ට අපනයන දිරිගැන්වීමේ මූල්‍යාධාර සැපයීමට රුපියල් මිලියන 1000 ක ප‍්‍රතිපාදන වෙන් කරනවා. ඇඟලුම්, සම්භාණ්ඩ, පිඟන් වැනි ප‍්‍රධාන අපනයන කර්මාන්තවලට මෙන්ම සංචාරක හෝටල්වලටද ඉන්ධන හා විදුලි ගාස්තු අඩු කිරීමෙන් විශාල දිරිගැන්වීමක් ලැබෙනවා.

තේ කර්මාන්තය

තේ කර්මාන්තයේ ස්ථාවර වර්ධනයක් පවත්වා ගැනීමට පහත සඳහන් යෝජනා කි‍්‍රයාත්මක කරනවා.

. කුඩා තේ වතුහිමියන්ගෙන් මූල්‍ය දුෂ්කරතා අඩු කිරීම සඳහා පොහොර මිල රුපියල් 1000 දක්වා අඩු කරනවා.

. පිටරටින් ආනයනය කරන තේ සඳහා කිලෝවකට රුපියල් 4 ක සෙස් බද්දක් පැනවීමට යෝජනා කරනවා.

. තේ පැකට් හෝ තේ බෑග් අපනයනය සෙස් බද්දෙන් නිදහස් කිරීමට යෝජනා කරනවා.

. කිලෝග‍්‍රෑම් එකට වඩා අඩු පැකට් කළ තේ අපනයනයෙන් ලැබෙන ආදායම සඳහා ආදායම් බද්ද සියයට 15 දක්වා අඩු කිරීමට යෝජනා කරනවා.

. කොළඹ තේ වෙන්දේසියට අවශ්‍ය පරිදි මැදිහත්වීම සඳහා තේ මණ්ඩලයත්, කුඩා තේ වතු අධිකාරියත්, අපනයන සංවර්ධන මණ්ඩලයටත් කොටස් අයිතිය සතු රාජ්‍ය සමාගමක් පිහිටුවීමටද යෝජනා කරනවා.

. තේ මිලදී ගනු ලබන මිත‍්‍ර රටවල ආනයනකරුවන් සඳහා කෙටිකාලීන ණය පදනම මත හෝ සැපයීමේ පහසුකම් ලබාදීමට, භාණ්ඩාගාර ඇප ලබාදීම යෝජනා කරනවා.

පෙ‍්‍ර්ෂණ වැඩි කර ගැනීම

. විදේශ රැකියාවල නිරතවන අයගෙන් අපේ රටට වසරකට ඩොලර් මිලියන 2500 ක් පමණ ලැබෙනවා. මෙම මුදල් රට තුළට එවීමේදී විවිධ ගැටලුවලට ඔවුන්ට මුහුණදීමට සිදුවෙනවා. එම රටවල අපේ බැංකු නියෝජිතයන් නොමැතිකම ප‍්‍රධාන ගැටලුවක් බව එම රටවල රැකියා කරන පිරිස් මට පැහැදිලි කර තිබෙනවා. එබැවින් ලංකා බැංකුවේත්, මහජන බැංකුවේත්, ඉතිරි කිරීමේ බැංකුවේත් නායකත්වයෙන් සම්බන්ධ කර ගත හැකි අනෙක් දේශීය බැංකුද සම්බන්ධ කර ගෙන ඒ ඒ රටවල බැංකු නියෝජිතයන් පත් කිරීමේ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කිරීමට යෝජනා කරනවා. මෙමගින් රට තුළට විශාල මුදලක් ගෙන්වා ගැනීමට හැකි වෙනවා.

සමාප්තිය

මා මුලින් සඳහන් කළ පරිදි ත‍්‍රස්තවාදයෙන් තොර රටක් බිහි කිරීමත්, උතුර නිදහස් කර ගැනීමේ වැඩපිළිවෙළ නිමකර ගැනීමත්, අප සියලු දෙනාගේම මූලික අපේක්ෂාවයි. අලුත් ශී‍්‍ර ලංකාවක් සඳහා අරඹා ඇති සංවර්ධන වැඩකටයුතු සාර්ථකව නිම කළයුතු වෙනවා.

නිෂ්පාදනයත්, ග‍්‍රාමීය ආර්ථිකයත් බලසම්පන්න කළයුතුයි. ජීවන වියදම අඩුකර ගැනීමද මේ අතරට එක්වන තවත් ප‍්‍රමුඛතාවයකි.

මා විසින් ඉදිරිපත් කළ යෝජනා වලින්මේ සියලු කාර්යයන් සමබරව ඉටුකිරීමට උත්සාහ ගනු ලැබුවා. වගකීමෙන් තොරව, තමන්ට බලය තිබුණ විට කළදේට හාත්පසින් වෙනස්ව, ජනතාව මුලා කිරීමට ඉදිරිපත් කර තිබෙන විකල්ප අයවැය යෝජනාවලට වඩා, මා ඉදිරිපත් කළ යෝජනා, මේ රටේ පොදු ජනතාවත් ගරු මන්තී‍්‍රතුමන්ලාත් හෘද සාක්ෂියට එකඟව අගය කරන බව මම දන්නවා.

මා විසින් ඉදිරිපත් කළ යෝජනා වලින් බලාපොරොත්තු වූයේ, දියහැකි සහන සහ ඒ හා ආශි‍්‍රත ප‍්‍රතිලාභ සමාජයේ වැඩිදෙනෙකුට ලැබෙන පරිදි කටයුතු කිරීමටයි. ඉන්ධන ගාස්තු, ප‍්‍රවාහන ගාස්තු, විදුලි ගාස්තු, ජල ගාස්තු, වැට් බදු, ආදායම්බදු සහන රජයේ සේවකයින්ගේ වැටුප් හා විශ‍්‍රාම වැටුප් මගින් වැඩකරන ජනතාවට විශාල සහන රැසක් ලබාදී තිබෙනවා.

දේශීය නිෂ්පාදන වැඩි කිරීමෙන් මෙන්ම නිෂ්පාදන වියදම් අඩුකර ගැනීමෙනුත්, ඵලදායිතාවයන් වැඩිකිරීමෙනුත් ලෝක ආර්ථික අර්බුදයට අප මුහුණ දිය යුතු වෙනවා. ඒවාට අවශ්‍ය දිරිගැන්වීම් සියලුම ක්‍ෂේත‍්‍ර ආවරණය වන පරිදි ලබාදීමට මා උත්සාහ කළා. ත‍්‍රස්තවාදයෙන් තොර රටක් බිහි කිරීමට යුග මෙහෙවරක නිරත වී සිටින වීරෝදාර හමුදාවන් හා ඔවුන්ගේ පවුල්වලට සෑම විටම ප‍්‍රමුඛත්වය දී අගය කළයුතු වෙනවා. ඒ සඳහා කැපකිරීම්ද කළයුතු වෙනවා.

ගරු කථානායකතුමනි,

අමාත්‍යාංශවල, දෙපාර්තමේන්තුවල, සංස්ථාවල හා රජයේ ආයතනවල පරිපාලන කටයුතුවලට අදාළ වර්තන වියදම් සියයට 2 කින් ඉතිරි කිරීමට යෝජනා කරනවා. මේ සඳහා අමාත්‍යවරුන් හා ලේකම්වරුන් පෞද්ගලිකව මැදිහත් වී මෙය ඉටුකළ යුතු වෙනවා. මෙයින් රුපියල් මිලයන 2000 ක සමස්ත ඉතිරියක් ඇස්තමේන්තු කර තිබෙනවා.

ප‍්‍රාග්ධන වියදම් සිදු කිරීමේදී ඇතිවන තාක්ෂණික සීමාවන් සැලකිල්ලට ගෙන ඇස්තමේන්තු ගත ප‍්‍රතිපාදන වලින් සියයට 15 ක ඌණ වියදම්ද අපේක්ෂා කරනවා. මෙම තත්ත්වයන් හා ආදායමේ ඇතිවිය හැකි අඩුවීම් හා නව යෝජනාවල බලපෑමද සැලකිල්ලට ගෙන අයවැය හිඟය රුපියල් බිලියන 337 ක නැතහොත් ජාතික ආදායමෙන් සියයට 6.5 ක මට්ටමක තියා ගන්නත් සැලසුම් කර තිබෙනවා.

සෑම වසරකම අයවැය පරතරය අඩු කරන්න මා ගත් උත්සාහය ඒ අයුරින්ම ඉදිරියට ගෙන ගොස් තිබෙනවා. පසුගිය වර්ෂයේ ඉහළ ගිය උද්ධමනය සියයට 20 කට දැන් අඩු වී තිබෙනවා. ඉදිරි මාසය කිහිපය තුළ මෙය ඉතා ශීඝ‍්‍රයෙන් අඩු වේ යයි මා විශ්වාස කරනවා. මේ වර්ෂයේ ආර්ථික වර්ධනයද සියයට 6.5 ක මට්ටමක පවත්වා ගැනීමට හැකි වෙනවා.

මා ඉදිරිපත් කළ ජාතික නිෂ්පාදනය දිරිගැන්වීමට දෙනු ලැබූ යෝජනාවලින් ලබන වසරේද සියයට 6 ඉක්මවන වර්ධනයක් ළඟාකර ගැනීමට අපි කටයුතු කළයුතු වෙනවා. අදාළ බදු යෝජනාවල පැහැදිලි කිරීම් ඇමණුම 01 ද, අයවැය යෝජනාවල මූල්‍ය අගයන් සහ විසර්ජන පනතේ සඳහන් ණය ගැනීම් සඳහා වූ ගැලපීම් 02 වන ඇමුණුමේද, සමස්ත අයවැය තත්ත්වය 03 වන ඇමුණුමේද දැක්වෙනවා.

ගරු කථානායකතුමනි, මහින්ද චින්තනයේ මා මෙසේ සඳහන් කළා. ඔබ සැමගේ සිතුවිලි කැටිකොට මිනිසා ගොඩනඟා පවුල රකින්නටත්, පවුල ගොඩනගා ගම රකින්නටත්, ගම ගොඩනගා රට රකින්නටත්, රට ගොඩ නගා ලොව දිනන්නටත් මහින්ද චින්තන නම් වූ මගේ වැඩපිළිවෙළ ඉදිරිපත් කළෙමි. මගේ සිහිනය නිවහල් ජාතියකි. නිල්ල පිරුණු රටකි. අටුකොටු පිරුණු හෙටකි. දැහැමි මිනිසෙකි. සිංහල, දමිළ, මුස්ලිම්, මැලේ, බර්ගර් ලක් මවගේ සියලු දරුවන් අපේක්ෂා සනිටුහන් දෑසින් අප දෙස බලා සිටින බව මම දනිමි. ඒ අපේක්ෂාව යථාර්ථයක් බවට පත් කළ හැකිය.

ඒ විශ්වාසය මා සතුව තිබේ. නිසැකවම එය ඉටු කරන්නෙමි. අභියෝගයන්ට ආදරය කරමු. ලක් මවට සුභ අනාගතයක් තිළිණ කිරීමට අපි සැවොම එක්ව පිය නගමු.

 

සෑම ණයකින්ම කීප ගුණයක් වටිනා වත්කම් ගොඩ නඟනවා

4 වැනි අය - වැය ඉදිරිපත් කරමින් ජනපති කියයි

මගේ හතරවැනි අයවැය කථාව මෙම ගරු සභාවට ඉදිරිපත් කරන්නේ ඉමහත් සතුටකිනි. මහින්ද චින්තන දස අවුරුදු දැක් ම දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙළ දැන් රටපුරා කි‍්‍රයාත්මකයි. ත‍්‍රස්තවාදයෙන් රට ගලවා ගැනීමේ මානුෂික මෙහෙයුම අවසන් අදියරයට පැමිණිලා. සියලු පුරවැසියන් උපරිම ලෙස ශක්තිමත් කෙරෙන දේශපාලන විසඳුමක් ඇති කර ගන්න ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරිසරය සකස් වෙමින් පවතිනවා.

ආගමික, සංස්කෘතික හා සදාචාරාත්මක ප‍්‍රබෝධයක් ඇති වී තිබෙනවා. සාමය හා සංවර්ධනය කරා යන ගමන්මගේ විශේෂ සංධිස්ථානයකට අප පැමිණ සිටිනවා. මගේ පාලන කාලයෙන් හරි අඩක් ගෙවී තිබෙනවා. එවන් මොහොතක ගෙවී ගිය අවුරුදු තුන තුළ අපි ලබාගත් ප‍්‍රගතියත් ඉදිරි අවුරුදු තුනේ දී අපි ගමන් කරන්නේ කෙසේ ද යන්නත් අපි සියලු දෙනාට වැදගත්.

මා මේ රටේ පාලන වගකීම භාර ගන්න කොට තිබුණ තත්ත්වය ගැන යමක් සඳහන් කරමින් මගේ කතාව ආරම්භ කිරීමට කැමතියි. 2006 වසර වන විට අපේ රටේ උතුරු හා නැගෙනහිර ප‍්‍රදේශ ත‍්‍රස්තවාදී ග‍්‍රහණයට යටත්ව පැවති බව ඔබට මතක ඇති. එම ප‍්‍රදේශ එල්. ටී. ටී. ඊ. පාලන ප‍්‍රදේශ ලෙස ද නම් කර තිබුණා. නීති විරෝධි ලෙස එම පළාත්වල උසාවි, බැංකු කි‍්‍රයාත්මක වෙන්න ඉඩ දී බලා සිටියා.

විශාල ත‍්‍රස්තවාදී කඳවුරු පවත්වා ගෙන යමින් අහිංසක ළමයින් සොල්දාදුවන් වශයෙනුත්, තරුණියන් මරාගෙන මැරෙන බෝම්බකරුවන් වශයෙනුත් යොදා ගෙන සිටියා. සමස්ත ජන ජීවිතයට හා දේපළවලට පමණක් නොව අපේ ආර්ථිකයටත්, අපේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිරූපයටත් හානිවන අයුරින් ත‍්‍රස්තවාදය කි‍්‍රයාත්මක වන්නට ඉඩ දී තිබුණා. ත‍්‍රස්තවාදය පරාජය කරන ස්ථිර ප‍්‍රතිපත්තියක් තිබුණේ නැහැ. උතුරේ හා නැගෙනහිර අහිංසක ජනතාව අවුරුදු 25කට අධික කාලයක් අමානුෂික ත‍්‍රස්තග‍්‍රහණයට ලක්කර පීඩනයට පත් වුණා.

කෘර ත‍්‍රස්තවාදී ප‍්‍රහාර වලින් ශ‍්‍රී ලංකා මහ බැංකුව, කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණය, ගුවන්තොටුපල, කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානය වැනි ආර්ථික කේන්ද්‍රස්ථාන පමණක් නොව ලෝක පූජනීයත්වයට පත් ශ‍්‍රී මහා බෝධිය, දළදා මාලිගාව පවා විනාශ කිරීමේ ම්ලේච්ඡ කි‍්‍රයා එල්. ටී. ටී. ඊ. ය සිදු කළා. මුළු රටේ ම පිළිගැනීමට ලක් වුණ දෙමළ නායකයින් සියල්ලම පාහේ කෘර ලෙස ඝාතනය කළා.

එල්. ටී. ටී. ඊ. ය සිංහල නායකයින් ඝාතනය කළාටත් වැඩියෙන් දෙමළ නායකයින් ඝාතනය කර දෙමළ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නියෝජනය විනාශ කළා. සාමය, සංවර්ධනය වෙනුවෙන් කටයුතු කළ අපේ ජන නායකයින් පමණක් නොව අප රට සමඟ දැඩි මිත‍්‍ර සබඳතා පැවැත් වූ ඉන්දියාවේ හිටපු අගමැතිවරයකු වූ රජිව් ගාන්ධි මැතිතුමා ද එල්. ටී. ටී. ඊ. ය මරා දැමුවා.

1988 දී පළාත් සභා කි‍්‍රයාත්මක කරද්දී ඒවා උතුරු හා නැගෙනහිර පළාත්වල කි‍්‍රයාත්මක කිරීමට එල්. ටී. ටී. ඊ. ත‍්‍රස්තවාදීන් ඉඩ දුන්නේ නැහැ. සාමය උදා කර ගැනීමට විවිධ රජයන් යෝජනා ඉදිරිපත් කළත් එල්. ටී. ටී. ඊ. යට ත‍්‍රස්තවාදයෙන් ඈත්වීමට වුවමනාවක් තිබුණේ නැහැ. මෙම මිලේච්ඡ ත‍්‍රස්තවාදී පිිරිස සමඟ 2002 වසරේ දී සාම ගිවිසුමක් පවා අත්සන් කළ බව තමුන්නාන්සේලාට මතක ඇති. එම ගිවිසුමෙන් එල්. ටී. ටී. ඊ. පාලන ප‍්‍රදේශ යැයි පිළිගත් ස්ථානවල එල්. ටී. ටී. ඊ. යට හැර තිබුණා.

තෙල් මත රඳ්‍ර පැවති, පරිසරයට අහිතකර, අධික වියදම් සහිත විදුලි ජනනය කිරීමේ වැඩපිළිවෙළ නිසා රටට දරාගත නොහැකි බරක් ඇති කර තිබුණා. අවුරුදු 40 කට වැඩි කාලයක් ගත වෙලත් ජාතික ආර්ථිකය ශක්තිමත් වන පරිදි සපුගස්කන්ද තෙල් පිරිපහදුව වැඩිදියුණු කිරීමට කටයුතු කර තිබුණේ නැහැ.

එය පුද්ගලික අංශයට දීමට සැලසුම් කර තිබුණා. සියලු දේ පුද්ගලික අංශයෙන් ඉටුවෙයි කියා මනකල්පිත ලෝකයක ජීවත් වුණා. කලාපයේ දියුණු වී ඇති රටවල් ගැන පුරසාරම් දොඩමින් අපේ රට එවැනි තැනකට ගෙන ඒමට කළ යුතු දේ නොසලකා හැර තිබුණා.

සදාචාරය පිරිහුණා. මත්ද්‍රව්‍ය, සූදුව වැනි අපරාධ රට පුරා පැතිරුණා. ඓතිහාසිකව උරුම වූ ආගමික වතාවත්, සංස්කෘතික බැඳීම් සමාජයෙන් ගිලිහෙන්න ගත්තා. පූජනීය ස්ථානවලින් ජනතාව ඈත්වෙන්න ගත්තා. ලෝකයේ ඉහළම මත්පැන් පානය කරන රටක් බවට මේ ධර්මද්වීපය පත් කර තිබුණා. කුඩා දරුවන් පවා මත්ද්‍රව්‍යවලට, කැසිනෝ හා රාතී‍්‍ර සමාජ ශාලාවලට පොළඹවන මට්ටමකට සමාජ ක‍්‍රමය විනාශ කළා.

ඒවා ආකර්ෂණීය ආයෝජන ලෙස වර්ණනා කළා. ඕර්‍ණධ් සහන මගින් එවැනි ආයෝජන දිරිගැන්වූවා. ළමා අපචාර, ස්තී‍්‍ර දූෂණ, පාතාල අපරාධ හා සංවිධානාත්මක අපරාධ පුළුල් වුණා. මා මේ සඳහන් කළ භයානක ආර්ථික, සමාජීය හා ත‍්‍රස්තවාදී දේශපාලන ගමන් මඟ වෙනස් කිරීමටයි “මහින්ද චින්තන අලුත් ශී‍්‍ර ලංකාවක්” සඳහා වැඩපිළිවෙළක් ඉදිරිපත් කළේ.

එය කි‍්‍රයාත්මක කරන්නයි අපට 2005 වසරේදී ජනවරම ලැබුණේ. මහින්ද චින්තන දස අවුරුදු දැක්ම මගින් අලුත් ශී‍්‍ර ලංකාවක් ගොඩනැගීමේ ප‍්‍රධාන අරමුණ වූයේ බියෙන් හා සැකෙන් තොර ජාතික උරුමයන් අගය කරන, ජාතික සම්පත්වලට වැඩි වටිනාකම් එකතු කරන, සදාචාර සම්පන්න සමාජ ක‍්‍රමයක් ගොඩනැගීමයි. ගෙවී ගිය වසර තුන තුළ සෑම අංශයකින්ම අපි එම පරිවර්තනය සිදුකිරීමට කැපවුණා. එයට විරුද්ධ බලවේග විවිධ ස්වරූපවලින් දැන් කරලියටද පිවිස තිබෙනවා. එසේ වුවත් අප එම කෙනෙහිලිකම් මැද නව ප‍්‍රවේශයක ඉදිරියට යනවා.

අපේ ප‍්‍රවේශය

ත‍්‍රස්තවාදය තුරන් කළ යුතුය. තුරන් කළ හැකිය යන ස්ථාවරයට අප පැමිණියා. දේශපාලන ප‍්‍රවේශයක අවශ්‍යතාවයද අමතක කළේ නැහැ. මුලින්ම සාමකාමී ප‍්‍රවේශයකට පැමිණීමට මාස 10 ක පමණ කාලයක් ත‍්‍රස්තවාදයට ඉඩ දුන්නා. ප‍්‍රජාතන්ත‍්‍රවාදී විසඳුම්වලට එකඟ නොවන තරමට ම්ලේච්ඡ වූ ඔවුන් මව්වරුන් හා අතදරුවන් ඇතුළත්ව කැබිතිගොල්ලෑවේ මහා මිනිස් ඝාතනය කළා පමණක් නොව මාවිල්ආරු සොරොව්වද වසා ස්වභාව ධර්මය විසින් දායාද කර ඇති ජලය පවා අහිංසක ජනතාවට අහිමි කරමින් ත‍්‍රස්තවාදී කි‍්‍රයා උත්සන්න කළා.

එයින් ජනතාව මුදවාගෙන, ත‍්‍රස්තවාදය තුරන් කර, රටට ස්ථාවර සාමයක් ගෙන ඒමේ හමුදාමය මැදිහත්වීමෙන් යුත් මානුෂික මෙහෙවර නැඟෙනහිර පළාතේ කි‍්‍රයාත්මක වුණේ එම පසුබිම නිසයි.

2006 වසරේ ජූලි මාසයේ ආරම්භ වූ මානුෂික මෙහෙයුම් සමස්ත නැඟෙනහිර පළාතම ආවරණය වන පරිදි ව්‍යාප්ත කර තොප්පිගල ප‍්‍රදේශය මුදාගැනීමෙන් අවසන් කිරීමට හැකි වුණා. අවතැන් වූ සියලු ජනකොටස් මාස 09 ක් ඇතුළත යළි පදිංචි කළා. මූලික පහසුකම් යළි ඉදිකළා. ඉන් නොනැවතී 2007 වසර අවසන් වනවිට එම දිස්ති‍්‍රක්කවල පළාත් පාලන මැතිවරණ නිම කළා.

2008 වර්ෂයේ මුල් කාලයේ පළාත් සභා මැතිවරණය නිමකර අපේ රටේ පවතින ව්‍යවස්ථා රාමුව තුළ එම ජනකොටස්වලට සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පාලනයක් ලබාදීමට කටයුතු කළා. නැඟෙනහිර පළාතේ සංවර්ධනයට රුපියල් මිලියන 25,000 ක් පමණ මේ දක්වා වියදම් කළා. මහින්ද චින්තන දස අවුරුදු දැක්මෙන් එම ප‍්‍රදේශවල පොරොන්දු වු නැඟෙනහිර නවෝදය යථාර්ථයක් බවට පත් කළා. එම ප‍්‍රදේශය අද ජාතික නිෂ්පාදනයෙන් දැවැන්ත කොටසක් බවට පත්වෙමින් පවතිනවා.

ත‍්‍රස්තවාදය තුරන් කර, ජනතාවට නිදහසේ ජීවත්වීමට අවශ්‍ය සංවර්ධනය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරිසරය උතුරු පළාතේද ඇති කිරීම අපගේ වගකීමක්. එම ප‍්‍රදේශවල ජීවත්වන ජනතාවගේද අපේක්ෂාව එයයි. එබැවින් මුලින්ම මන්නාරම් දිස්ති‍්‍රක්කය, වවුනියා දිස්ති‍්‍රක්කය, ති‍්‍රකුණාමල, අනුරාධපුර, මුලතිව් දිස්ති‍්‍රක් මායිම් හා වැලිඔය ප‍්‍රදේශ මුදා ගැනීමට අපගේ ආරක්ෂක හමුදාවන්ට හැකිවුණා.

කතෝලික භක්තිකයන්ගේ පූජනීයත්ව කේන්ද්‍රස්ථානයක් වන මඩු පල්ලියද මුදාගැනීමට සමත්වුණා. අපගේ හමුදාවන් එම පූජනීය ස්ථානය සංවර්ධනය කිරීමටද කටයුතු කළා. මහින්ද චින්තනයේ 26 වන පිටුවේ මඩු පල්ලිය හා ආශ‍්‍රිත ප‍්‍රදේශ එම පළාතේ ගෞරවය හා පූජනීය සාමය රැකෙන ආකාරයට දියුණු කරන බව සඳහන් කර තිබෙනවා. අවුරුදු 25 කට වැඩි කාලයක් කතෝලික බැතිමතුන්ට අහිමි කළ මඩු වන්දනා කිරීමේ අවස්ථාව ඉතා ඉක්මණින් අපි උදා කරනවා.

කළ යුතු ප‍්‍රධාන කාර්ය වන්නේ අපේ අවශ්‍යතාවයන් සඳහා දේශීය නිෂ්පාදන පුළුල් කර ගැනීමයි. මෑතදී ලෝකය පුරා පැතිර ගිය ආහාර අර්බුදයෙන් අප මිදුනේ අපට අවශ්‍ය සහල් අප විසින් ම නිපදවා ගත් නිසයි.

අඩු ආදායම් පවුල්වල දරුවන් සඳහා කිරි සහනාධාරය

අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන වියදම අඩු කිරීමටත්, එම පවුල්වල දරුවන්ට දේශීය දියර කිරි ලබාදීම සඳහාත්, සමෘද්ධි හා අඩු ආදායම්ලාභී වතුකරයේ පවුල්වල අවුරුදු 1 සිට 5 දක්වා දරුවන් වෙනුවෙන් රුපියල් 200 ක මාසික දීමනාවක් 2009 ජනවාරි මාසයේ සිට දීමට යෝජනා කරනවා. හිමිකම් ලබන සෑම පවුලකටම මුද්දර නිකුත් කිරීමට කාන්තා හා ළමා අමාත්‍යාංශය හා සමෘද්ධි කොමසාරිස් දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇත. මෙයින් දියර කිරි නිෂ්පාදනය ද දිරි ගැන්වෙනවා. මේ සඳහා රුපියල් මිලියන 900 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.

මගේ බලාපොරොත්තුව මේ රටේ මහ පොළොව, සතා සිවුපාවා හා ගහ කොළ ද සමඟ බැඳුන තිරසාර සංවර්ධනයක් ඇති කිරීම බව මහින්ද චින්තනයෙන් පැහැදිලි කළා. දිවයින පුරා කි‍්‍රයාත්මක වන මාර්ග හා නගර සංවර්ධනය සමඟ පාරවල් දෙපස ගස් වවා පරිසර සංරක්‍ෂණයක් කළ යුතු වෙනවා. පාසල්, කෝවිල්, පල්ලි, රජයේ කාර්යාල වැනි ස්ථානවලද ගස් වැවීම සඳහා විශේෂ ව්‍යාපෘති කි‍්‍රයාත්මක කළ යුතු වෙනවා. දිවයින පුරා විහිදී ඇති ගංගා දෙපස ඇති වෘක්ෂලතාවන් පෝෂණය කර ගංගා නිම්න සංරක්‍ෂණය කළ යුතුය. මේවා හරිත කවයන් ලෙස දියුණු කිරීමට සැලසුම් කර තිබෙනවා.

ජීවත්වීමට පරිසරයක් ලබා ගැනීමට ඕනෑම පරිත්‍යාගයක් කරන්න සාමාන්‍ය ජනතාව කැප වී ඉන්නේ අවුරුදු 25ක් වින්ද මේ දුක තවත් පරම්පරාවකට දීමට අකමැති නිසයි. ත‍්‍රස්තවාදයෙන් තොර රටක් ඇති කිරීම පෞද්ගලික අංශයේ ආයෝජකයන්ගේ ද මූලික අවශ්‍යතාවයක්.

නැගෙනහිර පළාතේ භූමි ප‍්‍රමාණයත්, දැනට මුදාගෙන ඇති වන්නි හා උතුරු ප‍්‍රදේශයේ දිස්ති‍්‍රක්ක සියල්ලත් නැවතත් ජාතික නිෂ්පාදනයට දායක වෙමින් පවතිනවා. කෘෂිකර්මයේ, ධීවර කර්මාන්තයේ, කිරි නිෂ්පාදනයේ, සංචාරක ක්ෂේත‍්‍රයේ විශාල දියුණුවක් මෙයින් ඇති වෙනවා. ත‍්‍රස්තවාදී කි‍්‍රයා ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට දැන් සීමා වී බලහීන වෙමින් පවතිනවා.

එම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපය ද කිසිදු සිවිල් වැසියෙකුට හෝ පොදු දේපලකට හානියක් නොවන පරිදි අපේ වීරෝදාර හමුදාව මුදා ගන්නා දිනය එතරම් දුර නොවන බව මා දන්නවා. එම කාලය තුළ වුවත් ත‍්‍රස්තවාදීන්ට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවේශයකට පැමිණිය හැකියි.

ත‍්‍රස්තවාදීන් පුනරුත්ථාපනය කිරීමට හා ඔවුන් ඵලදායි පුරවැසියන් ලෙස සමාජයට දායකකර ගැනීමට අවශ්‍ය පහසුකම් දීමට අප කැප වී සිටිනවා. එබැවින් මේ අවසන් මොහොතේ දී, ත‍්‍රස්තවාදින්ගෙන් මා ඉල්ලා සිටින්නේ අවි බිම තබා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ප‍්‍රවේශ වන ලෙසටයි. ඔවුන් එසේ යටත් නොවුවහොත් හමුදාමය වශයෙන් දණ ගැසිය යුතු වෙනවා.

ඉන් පසු උතුරු පළාතේ පළාත් පාලන මැතිවරණයත්, පළාත් සභා මැතිවරණයත් පැවැත්වීමට කටයුතු කළ යුතු වෙනවා. ඒ සමගම අවුරුදු 30කට ආසන්න කාලයක් කිසිදු සංවර්ධනයක් නොවුණ හා ත‍්‍රස්තවාදීන් විසින් ම විනාශ කළ උතුරේ යටිතල පහසුකම් යළි ගොඩනැගීමට අපේ සැලසුම් වහා කි‍්‍රයාත්මක කළ යුතු වෙනවා.

ගෝලීයකරණ නව ලිබරල්වාදයෙන් ඕනෑම ප‍්‍රශ්නයක් දෙස අන්ධානුකරණයෙන් බැලූ හා දේශයේ ව්‍යවසාය ශක්තිය අවතක්සේරුවට ලක් කළ ‘යළි පුබුදුමු ශ‍්‍රී ලංකා’ අපි ප‍්‍රතික්ෂේප කළා. ඒ වෙනුවට දේශීය ආර්ථිකය ශක්තිමත් කරන, දේශීය අනන්‍යතාවය රැකෙන දේශීය සම්පත්වලට නව වටිනාකමක් ලැබෙන අනෙකුත් රටවල් සමඟ ශක්තිමත්ව ආර්ථික සහයෝගිතාව පවත්වා ගත හැකි විකල්ප වැඩපිළිවෙළක් ‘මහින්ද චින්තනයෙන්’ ඉදිරිපත් කළා.

සියළු දේ පෞද්ගලික අංශය මත රඳ්‍ර පැවතීමෙන් හා වෙළඳපොළ මගින් සමස්ත ආර්ථික හා සමාජ සුබ සාධනය ඇති කර ගැනීම අසාර්ථක බව අපේ රටේ මෙන්ම ලෝක ආර්ථික අත්දැකීම් වලින්ද දැන් පිළිගන්නට සිදු වී තිබෙනවා.

මුදල් නොමැතිකම නිසා රාජ්‍ය සම්පත් විකුණා ලැබෙන මුදලින් අය වැය පියවා ගැනීම අපි නතර කළා. සංවර්ධන ව්‍යාපෘති ඇරඹීමට තබා ගමේ පාරක් සෑදීමටවත් මුදල් නෑ කියා එම කටයුතු අත හැරීමට අප කටයුතු කළෙත් නැහැ. ආරක්ෂක වියදම් නිසා සංවර්ධන වියදම් හෝ සුබ සාධන වියදම් කපා හරින්න කටයුතු කළෙත් නැහැ.

මුදල් සොයා ගැනීම සඳහා ලෝක බැංකුව මතම බලා ගෙන හිටියෙත් නැහැ. රජයේ ආදායම මෙන්ම ද්විපාර්ශ්වීය ආධාරද වැඩියෙන් ලබා ගත්තා. කෘෂිකාර්මික ප‍්‍රදේශ හා පසුගාමීත්වයට ලක්ව තිබූ දිස්ති‍්‍රක්ක වල ආර්ථික පුනර්ජීවනයක් ඇති කිරීම සඳහා මොරගහකන්ද, දැදුරු ඔය, උමා ඔය වැනි විශාල වාරිමාර්ග යෝජනා ක‍්‍රමවලට අත ගැසුවා.

ජාතික මාර්ග පද්ධතිය අවම වශයෙන් ඉදිරි වසර 20 ක පමණ කාලකයක අවශ්‍යතාවයන්ටවත් සරිලන පරිදි නවීකරණය කිරීමට අවශ්‍ය මුදල් සොයා ගෙන එම කටයුත්තත් පටන් ගත්තා. පළාත් සභා හා ග‍්‍රාමීය මට්ටමේ විශාල මාර්ග හා පාලම් සංවර්ධනයට මුල් තැන දුන්නා. දුම්රිය හා ගමනාගමන පද්ධතිය වැඩි දියුණු කිරීම සඳහා ද රජයේ ආයෝජන වැඩසටහනින් ප‍්‍රමුඛත්වය දී තිබෙනවා.

කොළඹ, හම්බන්තොට, ඕලුවිල් වරාය සංවර්ධන යෝජනා ක‍්‍රම මගින් ජාත්‍යන්තර ආර්ථිකයකට අපේ රට සම්බන්ධ කිරීමේ දැවැන්ත ආයෝජන ආරම්භ කළා. නොරොච්චෝලේ, ඉහළ කොත්මලේ, කෙරවලපිටිය වැනි විශාල විදුලි බලාගාර ඉදිකිරීමට පියවර ගත්තා. පානීය ජල සැපයුම පුළුල් කිරීමට සෑම ප‍්‍රධාන දිස්ති‍්‍රක්කයකම ජලසම්පාදන යොජනා ක‍්‍රම කි‍්‍රයාත්මක කළා. අවශ්‍ය මුදල් සොයා ගෙන තිබුණත්, අවාසනාවකට මෙන් යාපනය ජලසම්පාදන යෝජනා ක‍්‍රමය, ශික්ෂණ රෝහල ඉදි කරන්නත් ත‍්‍රස්තවාදින් ඉඩ දුන්නේ නැහැ. ලබන වසරේදී එම ව්‍යාපෘති ආරම්භ කිරීමට හැකි වේ යයි අප විශ්වාස කරනවා.

කොළඹ නාගරික අවශ්‍යතාවයන් සපුරාලීමට විශාල මට්ටමේ පෞද්ගලික ආයෝජනයන්ට අමතරව ප‍්‍රසංග කලාව සම්බන්ධ ජාතික මධ්‍යස්ථානයක්ද දැන් ඉදි කරමින් තිබෙනවා.

හම්බන්තොට ඉදිවන ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාව හා පරිපාලන සංකීර්ණය, මහ දඹුලු නාගරික සංවර්ධන වැඩ පිළිවෙළ, දියගම ජාත්‍යන්තර කී‍්‍රඩාංගනය හා නැගෙනහිර නවෝදය යටතේ ඉදිකරමින් සිටින නව නගර මේ පරිවර්තනයේ තවත් ප‍්‍රධාන ව්‍යාපෘති වී තිබෙනවා. ‘නිල්ල පිරුණ රටක් – පිවිතුරු පරිසරයක්’ සඳහා පරිසර සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කර තිබෙනවා. කොළඹ හා තදාසන්න නගරවල කැලි කසල පවිත‍්‍ර කිරීම සඳහා රුපියල් බිලියන 150 ක විශාල ව්‍යාපෘතියක්ද ලබන වසරේදී ආරම්භ කරනවා.

පළාත්වල ඇති යටිතල පහසුකම්වල විසමතාවයන් මෙන්ම අධ්‍යාපන සහ සෞඛ්‍ය පහසුකම්වල ඇති විෂමතාවයන්ද ගැටලුවක්. ඒ හේතුවෙන් නාගරික පාසල්වල පවතින විශාල තදබදයත්, ග‍්‍රාමීය පාසල් වැසී යන තත්ත්වයත් වලක්වා ගැනීමට පියවර ගත යුතුයි. දිවයිනපුරා කි‍්‍රයාත්මක වෙමින් පවතින 300 කට අධික ප‍්‍රමාණයක් ඉසුරු පාසල් වශයෙන් සංවර්ධනය කිරීමෙනුත්, එම පාසල්වල පරිගණක තාක්ෂණය හා කී‍්‍රඩාගාර පහසුකම් වැඩිදියුණු කිරීමෙනුත් මේ විෂමතා මඟහරවා ගන්නවා.

කාර්මික අධ්‍යාපනය විශ්වවිද්‍යාල තත්ත්වයට පත්කිරීම, වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන වැඩි කිරීම, රජරට වෙද්‍ය පීඨය පිහිටුවීම, විශ්වවිද්‍යාල පහසුකම් වැඩි කිරීම සඳහා ද ප‍්‍රමුඛත්වය දෙනු ලැබුවා. ආරක්‍ෂක පීඨය විශ්වවිද්‍යාල මට්ටමට උසස් කළා. දිස්ති‍්‍රක් රෝහල් අංග සම්පූර්ණ පසුකම් ඇති රෝහල් බවට පත් කිරීමට හා ගොඩගම නව රෝහලක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළා. පළාත් මට්ටමේ වැඩිදියුණු කරනු ලැබූ ශල්‍යාගාර, තාක්ෂණ පහසුකම් හා කාර්ය මණ්ඩල නේවාසික පහසුකම් සහිත ශික්ෂණ රෝහල් ඇතිකිරීම නිසා පළාත් අතර එම සේවාවල විෂමතා අඩු කරන වැඩපිළිවෙළකටද අප ප‍්‍රවේශ වී තිබෙනවා.

අපේ මෑත රජයන් කෘෂිකර්මයෙන් හා දේශීය කර්මාන්තවලින් තොර ආර්ථික සංවර්ධනයක් මවාපාන්න උත්සාහ කළා. සහල්, පිටි, සීනි, බඩඉරිඟු, කිරිපිටි, එළවළු, මාළු, ඖෂධ දේශීය වශයෙන් කළ හැකි කෘෂි නිෂ්පාදන මෙන් ම රෙදිපිළි, පාවහන්, බෝට්ටු, වාහන වැනි කාර්මික නිෂ්පාදන ද පිටරටින් ගෙන්වීමේ නැඹුරුතාවයකට පත් කර තිබුණා.

තීරු බදු සහන දෙමින් කිරිපිටි පරිභෝජනයට ජනතාව හුරු කළා. දේශීය කිරි කර්මාන්තය නොසළකා හැරියා. ගොවි නිෂ්පාදනවලට දිරිගැන්වෙන මිලක් ලබාදීමට අසමත් වුණා. මිනිස් පරිභෝජනයට ගන්නා ආහාර පමණක් නොව සත්ව ආහාර ද පිටරටින් ගෙන්වීමට ඕර්‍ණධ් සහන දුන්නා. දේශීය නිෂ්පාදකයාට එවැනිම ආයෝජනවලට කිසිම සහනයක් දුන්නේ නැහැ. අපේ රටේ සත්ව ආහාර නිපදවා ගැනීමටවත් කටයුතු කළේ නැති බව ඉන් පේනවා.

මුහුදින් වට වී ඇති අපේ රටේ දියලුණුවලින්වත් ස්වයංපෝෂිත වන ප‍්‍රතිපත්තියක් තිබුණේ නැහැ. මුහුදට ගලා ගෙන යන වතුර ටික ඉතුරු කර ගෙන ගොවිතැන්වලට සහ පරිභෝජනයට විතරක් නොවෙයි පිටරට පරිභෝජනය සඳහා ප‍්‍රධාන අපනයනයක් කර ගැනීමට පවා හැකියාවක් තිබුණත් එය නොසලකා හැර තිබුණා. පිටරටින් ගෙන්වන ප‍්‍රතිපත්තියක් අනුගමනය කළ නිසා දේශීය නිෂ්පාදකයින් වෙළෙන්දන් බවට පත් කළා. පිටරටින් ගෙන්වන භාණ්ඩ සහනාධාර යටතේ ලබා දීම නිසා දේශීය නිෂ්පාදකයා අසාධාරණ තරගයකට යොමු කරන ප‍්‍රතිපත්තියක සිර වී සිටියා. එය නිවැරදි හා කාර්යක්‍ෂම ප‍්‍රතිපත්තියක් ලෙස හඳුන්වන්නට අපේ නායකයන් ද පටන් ගෙන තිබුණා.

දේශීය නිෂ්පාදන හා නිෂ්පාදකයින් දිරිගැන්වීම මහින්ද චින්තන ප‍්‍රතිපත්තියයි. ඒ අනුව දේශීය නිෂ්පාදනය දිරිගන්වන සෙස් බදු, ණය යෝජනා ක‍්‍රම හා ව්‍යාප්ත සේවාවන් කි‍්‍රයාවට නැංවූවා. මේ වසරේ ලෝකයේ ඇතිවන ආහාර අර්බුදයෙන් අපේ රටට ගැලවෙන්න හැකි වුණේ ඉහත කී භයානක ආර්ථික ප‍්‍රතිපත්තියෙන් වෙනස්විය යුතුය යන ස්ථාවරය 2006 වසරේදීම අපි ගත් නිසයි.

වී, බඩඉරිඟු, ළුෑණු, අල, පළතුරු හා දියර කිරි සඳහා දිරිගැන්වෙන මිල ගණන් ගොවීන් අතට පත් කිරීමට අප සමත් වුණා. වී ගොවීන්ට පොහොර මිලෙන් සියයට 96 ක් තරම් ඉහළ සහනාධාරයක් දුන්නා. උසස් තත්ත්වයේ බීජ නිපදවීමටත්, ව්‍යාප්ත සේවාවන් දියුණු කිරීමටත්, ගොවීන්ට ණය පහසුකම් ලබා දීමටත්, වී මෝල් කර්මාන්තය නඟාසිටුවීමටත් විශාල මුදලක් යෙදෙව්වා. ගොවීන්ගේ අතමිට සරු කිරීමටත්, විශාල ප‍්‍රමාණයක විදේශ විනිමය ඉතුරු කර ගැනීමටත් අපේ ප‍්‍රතිපත්තිය ඉවහල් වුණා.

එසේ වුවත් තවමත් ඩොලර් මිලියන 800 ක පමණ ආහාර පිටරටින් ගෙන්වනවා. එයද ඉතුරුකර ගැනීම සඳහා කෘෂිකර්මය, කිරි නිෂ්පාදනය, ධීවර කර්මාන්තය සීඝ‍්‍රයෙන් දියුණු කළ යුතු වෙනවා. එමඟින් ගොවීන්ගේ ආදායම් ඉහළ යන අතර, දිළිඳුකමෙන් මිදෙන්නටද හැකි වෙනවා. ආහාර සුරක්ෂිතභාවය ඇතිවෙනවා. අපේ විදේශ සම්පත්ද වැඩි වෙනවා. “අපි වවමු - රට නඟමු” වැඩපිළිවෙළ ජාතික ප‍්‍රමුඛතාවයකින් කි‍්‍රයාත්මක කරන්නේ මේ නිසයි.

කාර්මික අංශයේද ප‍්‍රබෝධයක් ඇති කළා. රට තුළ මෝටර් රථ, ධීවර බෝට්ටු ඉහළ වටිනාකමකින් යුතු තේ, ඇඟළුම්, පාවහන් මැණික් හා ස්වර්ණාභරණ, සුවඳ විලවුන්, ගෘහභාණ්ඩ වැනි විවිධ දේශීය කාර්මික භාණ්ඩ නිෂ්පාදනය සඳහා අලුත් ආරම්භයක් ඇතිවෙලා තියෙනවා. ආරක්ෂක හමුදාවන් පවා තමන්ට අවශ්‍ය නිල ඇඳුම්, බෝට්ටු, ආරක්ෂක රථ වැනි දේ රට තුළම නිෂ්පාදනය කර ගැනීම ආරම්භ කළේ දරුණු ත‍්‍රස්තවාදය පරාජය කිරීම සඳහා කරගෙන යන භාරදූර කටයුත්තටද අමතරවයි.

මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමට මා ගිය සෑම රාජ්‍ය චාරිකාවකින්ම අවශ්‍ය ආධාර ලබාගන්න පුළුවන් වුණා. ඒ නිසා චීනය, ඉරානය වැනි රටවල්වලින් විශාල සංවර්ධන ආධාර ලැබුණා. ජපානය, ඉන්දියාව, පකිස්තානය, ඇමරිකාව, ප‍්‍රංශය, ඕස්ටේ‍්‍රලියාව, නෙදර්ලන්තය, ඩෙන්මාර්කය, ස්විඩනය, හංගේරියාව, ස්පාඤ්ඤය, එංගලන්තය, කොරියාව, සෞදිඅරාබිය, කුවේට් රාජ්‍ය වැනි රටවලින් ලැබෙන ආධාර වැඩිකර ගත්තා.

පසුගිය අවුරුදු තුන තුළ රටේ සංවර්ධනයට යොදාගත හැකි විදේශ මුදල් ප‍්‍රමාණය ඩොලර් මිලියන 9,000 ක් දක්වා වැඩිකර ගත්තේ ඒ විදියටයි. එවැනි මිත‍්‍ර රටවල සහයෝගය නොවන්නට අපට නොරොච්චෝලේ විදුලි බලාගාරය, මොරගහකන්ද හා උමා ඔය වාරිමාර්ග ක‍්‍රම, හම්බන්තොට වරාය වැනි දැවැන්ත සංවර්ධන යෝජනා ක‍්‍රම කරගෙන යන්න ලැබෙන්නේ නැහැ. සපුගස්කන්ද තෙල් පිරිපහදුව අවුරුදු 25 ක පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස කිරීමටයි සැලසුම් කරලා තිබුණේ.

ඉරාන රජයේ ආධාර ඇතිව ඛණිජ තෙල් සංස්ථාවේ පිරිපහදුවේ ධාරිතාවය දිනකට බැරල් ලක්ෂය දක්වා වැඩි කරන්න කටයුතු කරමින් සිටිනවා. එමඟින් අපගේ ඉන්ධනවල ජාතික අවශ්‍යතාවය සපුරා ගැනීමට හැකිවෙනවා. ලෝක තෙල් මිල ඉහළ ගිය අවස්ථාවේ ඉරානය අපට මාස හතක ණය පහසුකම් දීමෙන් ඒ අර්බුදයට අපට සාර්ථකව මුහුණ දෙන්න කළ උදව් අපි අගය කළ යුතු වෙනවා.

ලෝක බැංකුවත්, ආසියානු සංවර්ධන බැංකුවත් ඉදිරි අවුරුදු හතරක කාලයකටද ඩොලර් මිලියන 1,700 ක සංවර්ධන යෝජනාවලට මුදල් වෙන්කර තිබෙනවා. පරාක‍්‍රම සමුද්‍රය, රිදියගම, කවුඩුල්ල, තබ්බෝව, චන්ද්‍රිකා වැව, ඉඟිනිමිටිය, ගිරිතලේ ඇතුළු ප‍්‍රධාන වාරිමාර්ග 11 ක ධාරිතාව වැඩි කිරීම සහ පළාත් හා ග‍්‍රාමීය මට්ටමේ මාර්ග සංවර්ධනයට එම වැඩසටහන්වල ප‍්‍රමුඛත්වය දී තිබෙනවා.

අභියෝග

පසුගිය වසර තුන තුළ පමණක් ලෝක තෙල් මිලෙහි ඇති වු වැඩිවීම අතිවිශාලයි. ඩොලර් 40 ක්ව පැවැති තෙල් බැරලයක මිල මේ වර්ෂයේ ජූලි මස වනවිට ඩොලර් 147 දක්වා වැඩිවුණා. 2005 දී තෙල් ගෙන්වීමට වියදම් කළ විදේශ විනිමය ප‍්‍රමාණය ඩොලර් මිලියන 600 යි. දැන් තෙල් මිල අඩුවී තිබුණත් තෙල් ගෙන්වීම සඳහා මේ වසරේ ඩොලර් මිලියන 3,000 ක් පමණ වැය වෙනවා. ගිය අවුරුද්දේත් එම වියදම ඩොලර් මිලියන 2500 ක් පමණ වුණා. ලෝකයේ තෙල් මිල සීඝ‍්‍රයෙන් වැඩිවීමත් සමඟ පොහොර, අමුද්‍රව්‍ය සඳහා වියදම් කිරීමට සිදු වූ විදේශ විනිමය වැඩිවුණා.

මේ වර්ෂය තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සියල්ලේම මිල ගණන් සියයට සියයකින් වැඩිවුණා. විවෘත ආර්ථික ප‍්‍රතිපත්ති අනුගමනය කරන ඇතැම් රටවල් පවා ආහාර පිටරට යැවීම තහනම් කරන මට්ටමකට අර්බුදය උග‍්‍ර වුණා. තෙල් මිල ඉහළ ගිය නිසා උද්ධමන වේගය සියයට 25 ක තරම් මට්ටමකට වැඩි වුණා. හාල් පිටරටින් ගේන්න බලපෑම් ආවත්, හාල් කිලෝව රුපියල් 100 ක් වේ යයි අනාවැකි පළවුණත් අපි ඒ අර්බුද හොඳින් කළමනාකරණය කර ගත්තා. මේ තත්ත්වයට අපේ වැඩ කරන ජනතාව අවබෝධයෙන් හා වගකීමෙන් රජය සමඟ මුහුණ දුන්නා. එය අපට ශක්තියක් වුණා.

සුනාමි ව්‍යසනයෙන් අවතැන් වූවන් ලක්‍ෂයකට පමණ නිවාස සාදා දීම, ධීවර වරායන්, මාර්ග, පාලම්, පාසල්, රෝහල්, කී‍්‍රඩාංගණ වැනි පහසුකම් යළි ගොඩනැගීම ද අපි නිම කළා. ස්වභාවික විපත්වලට මුහුණ දුන් අනෙක් රටවල්වලට වඩා ඉක්මනින් විපතට පත් ප‍්‍රදේශ යළි ගොඩනැගීම සාර්ථකව කර ගැනීමට පමණක් නොව එවැනි ව්‍යසනවල විනාශයන් අවම කරන වැඩපිළිවෙළවල් කි‍්‍රයාත්මක කරන්න මේ වසර තුන තුළ අපට හැකි වුණා.

ගරු කතානායකතුමනි, අපේ රටේ රාජ්‍ය අංශය යළි ගොඩනැගීම ද අපට මුහුණ දීමට සිදු වී තිබෙන ප‍්‍රධාන අභියෝගයක්. වසර ගණනාවක් රාජ්‍ය අංශයට අවශ්‍ය බඳවා ගැනීම නොකිරීම නිසා ගුරුවරුන්, වෙද්‍යවරුන්, හෙදියන්, බදු හා රේගු නිලධාරීන්, තාක්ෂණිකයින් වැනි අයගේ විශාල හිඟයක් පැවතුණා. එම නිසා ආයතනවල වැඩකටයුතු අඩපණ වී තිබුණා. අවුරුදු ගණනාවක් නොවිසඳී තිබූ වැටුප් විසමතාවයන් විසඳීම සඳහාත්, අලුත් වැටුප් ව්‍යුහයක් සකස් කිරීම හේතුවෙනුත් විශාල මුදලක් යට කිරීමට සිදු වුණා. ආරක්ෂක කටයුතුත්, සංවර්ධන ප‍්‍රමුඛතාවයනුත් නිසා, රාජ්‍ය සේවය ගොඩනැගීමේ කටයුත්ත අමතක නොකර සෑම වසරකම රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කරමින් අවශ්‍ය බඳවා ගැනීම් කරනු ලැබූ එකම රජය අප බව සඳහන් කළ යුතු වෙනවා.
 

අපේ අපනයන කර්මාන්තය බිල්ලට දෙන්න ඉඩ තබන්නේ නැහැ

- ජනපති මහින්ද රාජපක්ෂ

මූල්‍ය වෙළඳ පොළ

ලෝක ආර්ථිකය දැන් විශාල අර්බුද ගණනාවකට මුහුණ දී තිබෙනවා. ඇමෙරිකාව, ජපානය ඇතුළු ප‍්‍රධාන මූල්‍ය වෙළඳ පොළවල් දැඩි කඩා වැටීමකට ලක් වී තිබෙනවා. ආර්ථිකය කඩා වැටීම වළක්වා ගන්න ඇමෙරිකානු රජය පමණක් ඩොලර් බිලියන 700 ක මුදලක් වෙන් කර තිබෙනවා. විශාල බැංකු හා මූල්‍ය ආයතන ජනසතු කිරීමට ඇමෙරිකාව හා එංගලන්තය පටන් අරන්. මේ අතර ආර්ථික අර්බුදය ආසියාවට හා මැදපෙරදිගටත් බලපාලා. මේ වනවිට ප‍්‍රධාන විනිමය අනුපාත අස්ථාවර වෙලා. එම බලපෑම හේතු කොටගෙන අපේ ප‍්‍රධාන අපනයන බෝග වන තේ, රබර් වැනි භාණ්ඩවල මිලත් අඩුවෙමින් පවතිනවා.

යුරෝපා හවුල කොන්දේසි සහිතවට් GSP+ වැනි තීරු බදු සහන දීමේ අළුත් ප‍්‍රවණතාවයකටත් එළඹිලා. ජාත්‍යන්තර වෙළඳ්‍රම හා ආයෝජනය දේශපාලන අරමුණු ඉටු කර ගන්නා කොන්දේසි රාමුවකට කිරීම සාධාරණ නැහැ.

අහිංසක ජනතාව බිල්ලට තබමින් ත‍්‍රස්තවාදීන්ට උතුරේ කි‍්‍රයා කරන්න ඉඩ දෙන්නේ නැහැ වගේ ම අපේ අපනයන කර්මාන්ත බිල්ලට තබාගෙන විවිධ රටවල දේශපාලන න්‍යාය පත‍්‍රය කි‍්‍රයාත්මක කරන්නත් අප ඉඩ දෙන්නේ නැහැ.

ලෝකයේ දියුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවලට නොදෙවෙනි මූලික අයිතිවාසිකම්, මානව අයිතිවාසිකම්, කාන්තා අයිතිවාසිකම්, කම්කරු නීතිරීති, ළමා ශ‍්‍රමය යොදා ගැනීම වැළැක්වීමේ නීති, පරිසර නීති, කාන්තා - පිරිමි සාමානතා, මැතිවරණ හා සිවිල් අයිතිවාසිකම් කි‍්‍රයාත්මක කරන රටක් වශයෙන් අපට ආඩම්බරයක් තිබෙනවා.

ඒවාට අපි ගරු කරන්නේ අනෙක් රටවල් වලින් ආර්ථික වාසි ගන්න නොව ශීලාචාර ජාතියක් ලෙස අපි ඒවා අගය කරන නිසයි. මහින්ද චින්තන දස අවුරුදු දැක් ම කි‍්‍රයාත්මක කිරීමේ දී අපි සියළු දෙනාගේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගනු ලබන සංවාදශීලි කි‍්‍රයාමාර්ගයක් අනුගමනය කරනවා. ආර්ථික දුෂ්කරතාවයන් තුළ වැඩ කරන ජනතාව මුහුණ දෙන ගැටලු විසදීම සඳහා වෘත්තීය සමිති සමඟ ඍජු සම්බන්ධයක් ඇති කර ගෙන තිබෙනවා. එමඟින් රට තුළ කාර්මික සාමය ගොඩ නැගීමට ද කටයුතු කර තිබෙනවා.

2002 වසරේ දී රටේ ඇති වූ 90 කට වැඩි වූ වැඩවර්ජන ප‍්‍රමාණයත් 2008 වසර වන විට 20 කටත් වඩා අඩු වී තිබෙනවා. වැඩ කරන ජනතාව රටේ පවතින තත්ත්වය මෙන් ම ලෝක ප‍්‍රවණතාවයත්, මහින්ද චින්තන වැඩපිළිවෙළත් අවබෝධ කර ගෙන විශාල කැපවීමකින් හා ඉවසීමකින් කටයුතු කරනවා. ඒ නිසා ම පසුගිය වසර තුන තුළ අඛණ්ඩව සියයට 6 කට වැඩි ඉහළ වර්ධනයක් පවත්වා ගත හැකි වුණා.

ආර්ථික ප‍්‍රගතිය

දරුණු අභියෝගයන් මධ්‍යයේ වූවද පසුගිය වසර තුන තුළ අපේ රටේ ජාතික නිෂ්පාදනය සියයට 7 ක සාමාන්‍ය වාර්ෂික වර්ධනයකින් වැඩි වුණා. ඒ නිසා 2004 වසරේ දී අපේ රටේ එක් පුද්ගලයෙක් ලැබූ ඩොලර් 1,000 ආදායම මේ අවුරුද්දේ ඩොලර් 2,000 ක් දක්වා වැඩිවී තිබෙනවා.

රැකියා විරහිත සංඛ්‍යාව ලක්ෂ 8 සිට ලක්ෂ 5 දක්වා අඩු කළා. නව රැකියා අවස්ථා ලක්ෂ 3 ක් ඇතිවී තිබෙනවා. මේ රැකියාවලින් බහුතර සංඛ්‍යාවක් ග‍්‍රාමීය පළාත්වල තරුණ පිරිස්වලට ලැබුණ නිසා ග‍්‍රාමීය ආදායම් වැඩිවීමටත් හේතුවක් වුණා.

මගනැගුම වැඩපිළිවෙළ යටතේ දිවයින පුරා විවිධ දුර ප‍්‍රමාණවලින් කොන්කී‍්‍රට් පාරවල් විශාල ප‍්‍රමාණයක් ඉදිකර තිබෙනවා. පානීය ජල යෝජනා ක‍්‍රම හා ගම නැගුම වැඩසටහන් රාශියක්ද ගම් මට්ටමින් කි‍්‍රයාත්මක කළා. පසුගිය වසර තුන තුළ ඒ සඳහා රුපියල් මිලියන 39,000 ක් වියදම් කළා. එයට අමතරව එම ප‍්‍රදේශවල ජනතාවද සියයට 20 – 30 ශ‍්‍රම දායකත්වයක් ලබාදුන්නා. මේ නිසා ගමට ගිය මුදල් ප‍්‍රමාණයත්, ගමේ සහභාගිත්වයත් අතිවිශාල වුණා.

සංවර්ධන යෝජනා

අතපසු වී තිබූ වරාය, විදුලි බලාගාර, දුම්රිය මාර්ග, වාරිමාර්ග ක‍්‍රම වැනි සංවර්ධන යෝජනා ක‍්‍රම රාශියක් කි‍්‍රයාත්මක කිරීමට රජයේ ප‍්‍රාග්ධන වියදම් 2006 වසරේ රුපියල් බිලියන 177 සිට 2008 වසරේ රුපියල් බිලියන 278 දක්වා වැඩි කළා. අයවැය ඇස්තමේන්තුවල ලබන වසර සඳහා රුපියල් බිලියන 360 ක ප‍්‍රතිපාදන සලසා තිබෙනවා.

රුපියල් බිලියන 400 ක්ව පැවැති රජයේ ආදායම රුපියල් බිලියන 700 දක්වා වැඩිකර ගත්තා. තේ අපනයනය ඩොලර් බිලියනයකට අධික අපනයන ක්ෂේත‍්‍රයක් බවට පත් කළා. තේ, රබර්, පොල්, සුළු අපනයන බෝග පුළුල් වශයෙන් කුඩා වතු හිමියන් තුළ ප‍්‍රචලිත වී ඇති අතර ඔවුන්ගේ ආදායම්වලද වැඩිවීමක් ඇතිවුණා.

විවිධ තරගකාරි තත්ත්වයන් තුළත් ඇඟළුම් කර්මාන්තය ඩොලර් මිලියන 3,500 ඉක්මවන කර්මාන්තයක් ලෙස ඉදිරියට ගෙනයාමට අවශ්‍ය දිරිගැන්වීම් කළා. ඒ සඳහා පසුගිය වසර තුනේම විවිධ දිරිගැන්වීම් දෙනු ලැබුවා. කඩා වැටී තිබූ දේශීය ඉදිකිරීම් අංශය යළි ගොඩ නැංවෙන පරිදි ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ අතර එම ක්‍ෂේත‍්‍රය වර්ෂයකට සියයට 9 ඉක්මවන වර්ධන වේගයකට පත්කළා. අද අපේම ඉදිකිරීම් සමාගම් රාශියක් ඉදිරියට ඇවිල්ලා. නැඟෙනහිර මෙන්ම උතුරේද ඉදිකිරීමට නියමිත විශාල ඉදිකිරීම් හා සංවර්ධන කටයුතුවලදී මෙම ඉදිකිරීම් සමාගම්වලට විශාල කාර්යභාරයක් පැවරෙනවා.

රජයේ සේවකයින්ගේ මාසික අවම වැටුප රුපියල් 7,900 සිට රුපියල් 11,730 දක්වා වැඩි කළා. ජීවන වියදම් දීමනාව රුපියල් 1,000 සිට රුපියල් 3,500 දක්වා ද වැඩි කළා.

අවුරුදු තුනක් තුළ රජයේ සේවකයෙකුට අවම වශයෙන් මාසයකට රුපියල් 7330 කින් වැටුප් වැඩි කර තිබෙනවා. විශ‍්‍රාමිකයින් සඳහා ද දීමනා වැඩි කළා. ජනතාවගේ සුභසාධනය සඳහා අවශ්‍ය වෙද්‍ය පහසුකම් සහ බෙහෙත් සඳහා 2005 වසරේදී රුපියල් මිලියන 7100 ක් වූ වියදම 2008 වසරේදී රුපියල් මිලියන 13,000 දක්වා වැඩි කළා.

පාසල් පොත්, නිල ඇඳුම්, ආහාර, ප‍්‍රවාහන පහසුකම් සඳහා වියදම් කරන මුදල රුපියල් මිලියන 2560 සිට රුපියල් මිලියන 5510 දක්වා වැඩි කර තිබෙනවා. අග්නිදිග ආසියාවේ ඉහළම මානව සම්පත් දර්ශකය අපට පවත්වා ගැනීමට හැකි වී තිබෙන්නේ ගුණාත්මක භාවයෙන් ඉහළ මට්ටමකට අධ්‍යාපන හා සෞඛ්‍ය පහසුකම් පවත්වාගෙන යන නිසයි.

දිවයින පුරා මාර්ග හා පාලම් මෙන් ම කොළඹ නගරයේ හා තදාසන්න ප‍්‍රදේශවල ගුවන් පාලම් ඉදිකිරීම මගින් ජනතාවගේ ප‍්‍රවාහන පහසුකම් වැඩි කර තිබෙනවා. මෝටර් රථ, බස් රථ, තී‍්‍රවීලර්, මෝටර් බයිසිකල් භාවිතය වසරකට ලක්‍ෂ දෙකේ සිට ලක්‍ෂ දෙකහමාර දක්වා වැඩි වී තිබෙනවා. දසලක්‍ෂ 3.7 ක්ව පැවති දුරකථන භාවිතය දසලක්‍ෂ 12 දක්වා වැඩි වී තිබෙනවා.

එය තුන් ගුණයකටත් වඩා වැඩි වර්ධනයක්. ගම්බද පළාත්වල පරිගණක භාවිතය හා තාක්ෂණික ඥාණය පුළුල් කිරීමට නැණසල මධ්‍යස්ථාන 570 ක් මේ වන විට ඉදිකර තිබෙනවා. මෙයට අමතරව පාසල් පද්ධතිය තුළද විවිධ අමාත්‍යාංශ හා පළාත් සභා මගින් ද තාක්ෂණ ඥාණය පුළුල් කිරීමට කටයුතු කළා.

ග‍්‍රාමීය විදුලිබල යෝජනා ක‍්‍රම පුළුල් කිරීම සහ බෙදාහැරීම ශක්තිමත් කිරීමට කළ රුපියල් මිලියන 6472 ක ආයෝජනය නිසා විදුලිය පාවිච්චි කරන නිවාස සංඛ්‍යාව ලක්‍ෂ 34 සිට ලක්‍ෂ 39 දක්වා වැඩි වී තිබෙනවා.

පානීය ජලය භාවිතා කරන පවුල් සංඛ්‍යාව ද අටලක්‍ෂ පහළොස්දහසේ සිට දසලක්‍ෂ පනස්දහ දක්වා වැඩි වී තිබෙනවා.

කොළඹට පමණක් සීමා වී තිබූ ආර්ථික දියුණුව ගම් නියම්ගම් දක්වා පුළුල් කළා. ඒ නිසා ප‍්‍රාදේශීය විෂමතාවයන් පසුගිය වසර තුන තුළ අඩු වුණා. නුවරඑළිය දිස්ති‍්‍රක්කය හැර සෑම දිස්ති‍්‍රක්කයකම දිළිඳුභාවය සීඝ‍්‍ර ලෙස අඩු වී ඇති බවද වර්තා වෙනවා.

පරිහානියට ලක්ව තිබූ දුම්රිය සේවාව යළි පණගන්වමින් නව දුම්රිය මැදිරි 100 ක් හා බලවේග කට්ටල 10 ක් ප‍්‍රවාහන සේවයට එක්කිරීම මගින් දුම්රිය සේවය යළි පණගන්වනු ලැබුවා. දුම්රිය මාර්ග පද්ධතිය ද වැඩිදියුණු කරමින් ඉදිරි අවුරුදු දෙක තුළ ඉතා සිත් ගන්නා ප‍්‍රවාහන සේවාවක් බවට දුම්රිය සේවය පත් කිරීමට කටයුතු කර ගෙන යනවා. ලංගමය සඳහා අලුත් බස් රථ 2240 ක් යෙදවීමෙනුත්, බස් රථ අලුත්වැඩියාව ක‍්‍රමවත් කිරීම මගිනුත්, මගී ප‍්‍රවාහනය කාර්යක්‍ෂම කරමින් දිනකට ලක්‍ෂ 17 ක් ප‍්‍රවාහනය කළ හැකි ජනතා සේවයක් බවට ලංගමය නැවත ශක්තිමත් කරමින් සිටිනවා.

මගී ප‍්‍රවාහනයෙන් සියයට 40ක දායකත්වයක් පවත්වා ගැනීමට කි‍්‍රයාන්විත බස් රථ 6,000 කින් යුත් සේවාවක් බවට ලංගමය පත් කරනවා. පෞද්ගලික බස් සේවාවත් ක‍්‍රමවත් කර එය ශක්තිමත් කිරීමටද කටයුතු කර තිබෙනවා. පාසැල් බස් සේවා යලි පණගැන්වීමේ වැඩපිළිවෙලක් ආරම්භ කළා. පෞද්ගලික බස් හිමියන් ශක්තිමත් දේශීය ව්‍යාපාරිකයන් වශයෙන් ගොඩනැගීමට කටයුතු කරන අතර ඔවුන්ගේ සේවාවද ගුණාත්මකභාවයෙන් ඉහළ මට්ටමකට ගෙන ඒමට කටයුතු කරනවා.

ඈවර කිරීමට නියමිතව තිබූ රජයේ වැඩපොළ, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, කඩදාසි සංස්ථාව වැනි ආයතන යළි ආරම්භ කළා. මහවැලි ඉංජිනේරු අංශය, ඉංජිනේරු සංස්ථාව SD & CC  වගේ රජයේ ඉදිකිරීම් අංශද, ආරක්‍ෂක හමුදාවල ඉංජිනේරු අංශද ඉදිකිරීම් අංශයේ ඉදිරියට ඇවිල්ලා.

නිෂ්පාදකයාට ලැබෙන මිල ගණන් ඉහළ මට්ටමක තබා ගත්තා. වී, බඩඉරිගු, ළුෑණු වැනි නිෂ්පාදනවල මිල කිලෝවකට රුපියල් 25 සිට රුපියල් 30 මට්ටමට ස්ථාවර වුණා. 2005 වසරේ මිලියන මෙටි‍්‍රක් ටොන් 3.2ක් වූ වී නිෂ්පාදනය මේ වසරේ මිලියන මෙටි‍්‍රක් ටොන් 3.8 දක්වා වැඩිවුණා. බඩඉරිගු, බීළුෑණු, අල නිෂ්පාදනවලද කැපී පෙනෙන වර්ධනයක් ඇති කර ගැනීමට හැකි වුණා.

කිරි නිෂ්පාදනය දේශීය අවශ්‍යතාවයෙන් සියයට 28ක් දක්වා වැඩි කර ගෙන ඇති අතර එය සියයට 50 ඉලක්කයට ගෙන ඒමට කටයුතු කරනවා. තිරිඟු පිටි පරිභෝජනය වසරකට මෙටි‍්‍රක් ටොන් ලක්‍ෂ 7.2 සිට 6 දක්වාත් අඩු වූ අතර දේශීය පිටි, සහල් සහ වෙනත් ධාන්‍ය වර්ග පරිභෝජනය වැඩි වුණා. තිරිඟු පිටි, කිරි පිටි පරිභෝජනය තවදුරටත් අඩු කිරීමට සෙස් බදු හා අනෙකුත් බදු කි‍්‍රයාත්මක කරනවා. එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව සතොස පුද්ගලීකරණය කර වසා දැමීමට කටයුතු කළ නිසා අඩු හා මධ්‍යම ආදායම්ලාභීන්ගේ ජීවන වියදමට හා සුභසාධනයට එය සෘජුවම බලපෑවා. එහි සේවය කළ සේවකයින් විශාල ප‍්‍රමාණයක් අතරමං වුණා.

සමූපකාර සේවය යළි පණ ගැන්වීමත්, ලක් සතොස, කෝප් සිටි වෙළඳ ජාලය ඇති කිරීමත් නිසා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කරන්නට කටයුතු කළා. කෝප් සිටි වෙළඳ සල් 300ක් පමණ දැන් පිහිටුවා තිබෙනවා.

රාජ්‍ය බැංකු ශක්තිමත් කළා. ප‍්‍රාදේශීය සංවර්ධන බැංකු ඒකාබද්ධ කර 200 කට කිට්ටු ශාඛා ජාලයක් සහිතව එම බැංකු ගමේ සංවර්ධනයට යොමු කිරීමට කටයුතු කරමින් සිටිනවා.

අනෙකුත් සංවර්ධන බැංකු පුද්ගලීකරණය කිරීම නිසා එම කටයුත්තට මැදිහත්වීමට ලංකාපුත‍්‍ර බැංකුවත්, රක්‍ෂණ කටයුතුවලට මැදිහත්වීමට ජාතික රක්‍ෂණ භාර අරමුදලත්, ප‍්‍රමුඛ බැංකුව කඩා වැටීම නිසා අතරමං වූ තැන්පත්කරුවන් ගොඩනැගීමට නව ලංකා ඉතිරිකිරීමේ බැංකුවත්, අඩු ආදායම්ලාභීන් සඳහා මිහින් ලංකා ගුවන් සමාගමත් පිහිටුවනු ලැබූවා. එක්සත් ජාතික පක්‍ෂයට බලය ලැබුණොත් මේවා පෞද්ගලීකරණය නොකරනු ඇතැයි මා විශ්වාස කරනවා.

පියකරු පරිසරයක්

පරිසර හිතකාමී ආර්ථිකයක් ගොඩ නැගීමේ ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය, පිළිසරු පියකරු වැඩසටහන, පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය අඩු කිරීම, ගස් වැවීම හා කැලෑ සංරක්‍ෂණය මඟින් පරිසර සංවර්ධනයට ප‍්‍රමුඛත්වය දී තිබෙනවා. “නිල්ල පිරුණ රටක් – පියකරු පරිසරයක්” ඇති කර ගැනීම අපේ අරමුණයි.

මත්පැන් හා දුම්වැටි භාවිතය තුරන් කිරීමට ඉහළ බදු, අධ්‍යාපනික වැඩසටහන් නව නීතිරීති මෙන්ම මත්පැන් වැටලීමේ කටයුතු නිසා එම ද්‍රව්‍ය පරිභෝජනය අඩු කර ගැනීමේ “මතට තිත” වැඩසටහන විශාල ප‍්‍රගතියක් ඇති කර ගෙන තිබෙනවා.

තමන්ගේ ගම් ප‍්‍රදේශවල සිදුවන සංවර්ධනයේ ප‍්‍රතිලාභ එම ජනකොටස්වලට දැනෙනවා. ලක්‍ෂ තුනකට වැඩියෙන් ඇති කළ රැකියාවලින් ලැබෙන ආදායම් වැඩියෙන් ගමට ගියා. විදේශ රැකියා පුළුල් කිරීමෙන් අවුරුද්දකට ඩොලර් මිලියන 2,500ක පමණ ආදායමක් සාමාන්‍ය ජනතාව අතට පත් වෙනවා. ගොවි නිෂ්පාදනවලට ලැබුණ ඉහළ මිල හා සංවර්ධන ව්‍යාපෘතිවලින් ගම්වල ආර්ථිකය පිබිදුණා.

අපගේ විරුද්ධවාදීන් රටේ මානව අයිතිවාසිකම කඩවන බව ප‍්‍රචාරය කරනවා. රටේ යුදකාමී ආණ්ඩුවක් පවතින බව කියනවා. ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී රජයක් ඇති බවත්, දූෂණයෙන් පිරි අසාර්ථක රාජ්‍යයක් ලෙසත් විවිධ රාජ්‍ය නොවන සංවිධානද සම්බන්ධ කර ගෙන අප රටේ කීර්තියට හානි කරනවා.

රජයේ සංවර්ධනයට ආධාර සැපයීම වැලැක්වීමට බලපෑම් කරනවා. අපනයනයන් සඳහා ලබාගත හැකි වරප‍්‍රසාද කඩාකප්පල් කිරීමට උදව් දෙනවා. ඉතා දැවැන්ත කුමන්ත‍්‍රණකාරී දේශද්‍රෝහී වැඩපිළිවෙළකට පුළුල් ලෙස ඇතැම් මාධ්‍යද යොදා ගනිමින් මුදල් වැය කරනවා. එසේ වුණත් අපේ රටේ පොදු මහජනතාව මෙය බුද්ධිමත්ව තේරුම් ගෙන තිබෙනවා.

උතුරු මැද හා සබරගමු පළාතේ ආසන 27 ම රජය ජයග‍්‍රහණය කළේ අපේ වැඩපිළිවෙළ සාර්ථක කරන්නත්, කුමන්ත‍්‍රණකරුවන් පරාජය කරන්නත් ජනතාවට අවශ්‍ය නිසයි. අපේ වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්න මහන්සි ගන්නා සියළුම බලවේගවලට ප‍්‍රජාතන්ත‍්‍රවාදීව දිය හැකි උපරිම පිළිතුර පළාත් සභා තුනේ පැවති මැතිවරණවලින් අපේ ජනතාව දී තිබෙනවා.

රජයේ වියදම්

අයවැය යෝජනා ඉදිරිපත් කිරීමට කලින් රජයේ ආදායම් හා වියදම් පිළිබඳ සුළුවෙන් හෝ සඳහන් කිරීමට කැමැත්තෙමි. රජයේ වත්කම් විකිණීම වෙනුවට යටිතල පහසුකම් සඳහා ප‍්‍රාග්ධන වියදම් වැඩි කර රජයේ වත්කම් ඉහළ මට්ටමකට ගෙන ඒමට කටයුතු කිරීම රජයේ වියදම්වල ප‍්‍රධාන ලක්‍ෂණයක්. ඒ අනුව ප‍්‍රාග්ධන වියදම් රුපියල් බිලියන 360ක් දක්වා වැඩි කර තිබෙනවා.

ජාතික ආරක්‍ෂාව සඳහා කරනු ලබන වියදම රුපියල් බිලියන 200 දක්වා වැඩි කර එමඟින් ත‍්‍රස්තවාදය තුරන් කිරීමට ප‍්‍රමුඛත්වය දී තිබෙනවා. මුළු රටේ ආර්ථික කටයුතුවලට ස්ථාවර වාතාවරණයක් මෙයින් ඇති වෙමින් පවතිනවා.

සමස්ත අධ්‍යාපනය සඳහා වියදම් කර ඇති මුදල රුපියල් බිලියන 100 ඉක්මවා වැඩි වී ඇත්තේ අතිරේකව බඳවා ගත් ගුරුවරුන්, පාසල් ගොඩනැගිලි උපකරණ වැඩිදියුණු කිරීම්, පාසල් පොත්, පුස්තකාල, පරිගණක පහසුකම් සෑම ප‍්‍රදේශවලම පුළුල් කිරීම නිසයි. විශ්ව විද්‍යාල අධ්‍යාපනය පුළුල් කිරීම සඳහා අවශ්‍ය නේවාසික පහසුකම්, අධ්‍යාපන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල ව්‍යාප්ත කිරීම් සිදුකර තිබෙනවා.

අධ්‍යාපන කටයුතු

විශ්වවිද්‍යාල වලින් පිටවන සිසුන් රැකියාවල නිරත කිරීමේ පාඨමාලාවන් වැඩිදියුණු කිරීම නිසා ක‍්‍රම ක‍්‍රමයෙන් එම ආයතන වලින් පිටවන උපාධිධාරීන් ඵලදායි තත්ත්වයකට පත් කර ගත හැකි වී තිබෙනවා.

මෙවරද විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු සඳහාද රුපියල් මිලියන 21,000 ක් වෙන් කර තිබෙන අතර, කාර්මික හා වෘත්තීය අධ්‍යාපනය පුළුල් කර ශ‍්‍රම වෙළඳ පළට අවශ්‍ය කුසලතා වැඩිදියුණු කිරීම සඳහා ද රුපියල් මිලියන 4,600 ක් වෙන් කැර තිබෙනවා.

සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ද වෙද්‍යවරුන්, හෙදියන් හා අනෙකුත් කාර්ය මණ්ඩල බඳවා ගැනීම්, වෙද්‍ය පහසුකම් පුළුල් කිරීම් සහ නොමිලේ සපයනු ලබන සේවාවන් සඳහා වියදම රුපියල් මිලියන 4,000 කට ආසන්න ප‍්‍රමාණයක් වැඩි කර තිබෙනවා.

ග‍්‍රාමීය ප‍්‍රදේශවල නව පිබිදීමක් ඇති කිරීමට ගම නැඟªම වැඩසටහන හා ඒකාබද්ධව ග‍්‍රාමීය මාර්ග විදුලිබල යෝජනා ක‍්‍රම, පානීය ජල යෝජනා ක‍්‍රම, ස්වයං රැකියා සඳහා 2009 වසරේදී රුපියල් මිලියන 29,935 ක් වෙන් කර තිබෙනවා.

අඩු ආදායම්ලාභීන්ගේ සුභසාධන කටයුතු සඳහා සමෘද්ධි වැඩසටහන, අවතැන්වූවන්ගේ සුභසාධන කටයුතු හා පොහොර සහනාධාරය සඳහා ද රුපියල් මිලියන 41,000 ක් වෙන් කර තිබෙනවා. මෙයට අමතරව රජයේ ණය සඳහා ගෙවීම් ද කළ යුතුයි. මේ නිසයි රජයේ වියදම 2009 වසරේදී රුපියල් බිලියන 1,719 ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙන්නේ. 2004 වසරේදී රුපියල් බිලියන 311 ක් වූ රජයේ ආදායම මේ වසරේදී රුපියල් බිලියන 709 ක් පමණ දක්වා වැඩි කර ගැනීමට කටයුතු කර තිබෙනවා. ආදායම් බදු වලින් ලැබෙන ආදායම රුපියල් බිලියන 138 දක්වා වාර්තාගත වැඩිවීමක් පෙන්නුම් කර තිබෙනවා.

එය හොඳ ප‍්‍රවණතාවයක්. සමස්ත ජාතික නිෂ්පාදනයෙන් සියයට 16 කට ආසන්න ආදායම් මට්ටමක පවත්වා ගැනීමට අප සමත් වී තිබෙනවා. එයද කර ඇත්තේ ඉන්ධන, අත්‍යවශ්‍ය භාණ්ඩ, අමුද්‍රව්‍ය හා ආයෝජන සඳහා විවිධ සහන සසපයමිනි.

අයවැය හිඟය

2006 වර්ෂයේ අයවැය ඉදිරිපත් කිරීමේදී රජයේ ආදායම් හා වියදම් අතර පරතරය අඩු කර ගත යුතු බව මා පෙන්නුම් කළා. 2004 වසරේ සියයට 8.2 ක්ව පැවති එම පරතරය මේ වනවිට සියයට 7 දක්වා අඩු කරගෙන තිබෙනවා.

එයට අමතරව ජාතික ආදායමෙන් සියයට 100 ක් ඉක්මවූ රාජ්‍ය ණය සියයට 85 දක්වා අඩු කර ගෙන තිබෙනවා.

මෙහිදී මතක් කළ යුතු තවත් කරුණක් වන්නේ අප විසින් ගනු ලැබූ සෑම ණයක්ම එම මුදල මෙන් කිහිප ගුණයකින් වටිනා වත්කම් ගොඩ නැගීමට අපි යොමු කර ඇති බවයි. දැනට ඉදිවන වරායවල්, විදුලි බලාගාර, වාරිමාර්ග ව්‍යාපෘති, ජලසම්පාදන යෝජනා ක‍්‍රම මගින් අලුත් වත්කම් රට තුළ ඇති කරමින් සිටිනවා.

ජාතික මට්ටමේ පමණක් නොව ග‍්‍රාමීය හා පළාත් මට්ටමේද අපේ සංවර්ධන වියදම් වලින් ස්ථාවර වත්කම් ගොඩ නැගීමට හැකි වී තිබෙනවා. ගමේ ඉදි කරනු ලැබූ කොන්ක‍්‍රීට් පාර වසර ගණනාවක් පවත්වා ගත හැකි ආයෝජනයක්.

ගම් නියම්ගම් පුරා කි‍්‍රයාත්මක කරන ග‍්‍රාමීය විදුලිබල යෝජනා ක‍්‍රම, පානීය ජල යෝජනා ක‍්‍රම, සුළු වාරිමාර්ග ක‍්‍රම තවත් එවැනි දිගු කාලීන ගම් මට්ටමේ සංවර්ධනයකට තුඩු දෙන වත්කම් ය. ගමට රටට ආදායම් ගෙන දෙනවා. දුප්පත්කම අඩු වෙනවා. ණය ඉක්මවන වත්කම් ගොඩ නැගීම සඳහා අයවැය හැසිරවීම මගින් එම ණය දිගුකාලීනව ගෙවීමට අපේ ආර්ථිකයට ඇති හැකියාව ද වැඩි වෙනවා.

එක් පුද්ගලයෙක් රුපියල් එක් ලක්‍ෂ පනස් පන් දහසක් ණයගැති බව සඳහන් කරමින් විපක්‍ෂයේ ඇතැම් මන්තී‍්‍රවරුන් ද පුවත්පත්වල හා රූපවාහිනී වැඩසටහන්වල කරන ප‍්‍රකාශ මම දකිනවා.

නමුත් ඒ රුපියල් එක් ලක්‍ෂ පනස් පන් දහස ගෙවන්න අවුරුදු 20 - 25 ක පමණ කාලයක් ඇති බව කියන්නේ නැහැ. වසරකට එක් පුද්ගලයෙකුට ගෙවීමට ඇති ණය ප‍්‍රමාණය රුපියල් 7,000 ක් වෙන බව කියන්නේ නැහැ. ඒක පුද්ගල ආදායම රුපියල් ලක්‍ෂ දෙක දක්වා වැඩි කර තිබෙන බව කියන්නෙත් නැහැ.

අප රජය විසින් ගනු ලබන ණය එකින් එක ඉතා තෝරා බේරා කරනු ල‍්‍රැබුවා පමණක් නොව ඒ සෑම ණයක් ම වරායක්, විදුලි බලාගාරයක්, ජලාශයක් වැනි පරම්පරා ගණනාවකට ඵලදායි ලෙස භක්ති විඳිය හැකි වටිනා වත්කමක් ගොඩ නැගීම වෙනුවෙන් ගත් ණය බව මා අවධාරණය කිරීමට කැමැත්තෙමි.

එබැවින් ණය බරින් තොර වත්කම් විකුණන්නේ නැතිව ශක්තිමත් රටක් ගොඩ නංවන ආදායම් වියදම් රටාවක් මගේ අයවැය තුනකින් ඇති කර තිබෙන අතර, 2009 වසරේ අයවැය යෝජනා මගින් එය තවත් ශක්තිමත් කරනවා.

2008 වසරට අදාළ රාජ්‍ය මුල්‍ය කළමනාකරණ වාර්තාව 2009 වසරේ ආදායම් හා වියදම් ඇස්තමේන්තු හා ආර්ථිකය පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තා මා සභාගත කරනවා.