I LOVE YOU SO MUCH
I LOVE YOU SO MUCH
ඒ පසුගිය සිකුරාදා රාත්‍රියයි. වෙසක් නිවාඩුව සඳහා දින තුන හතරක් වසා දමන බැවින්
කැරෝකේ ශාලාව පුරා බොහෝ පිරිසක් රැඳී සිටියහ. ඉඳගන්නට සෝපාවක් හෝ නොමැති තරමින් හැම
අස්සක් මුල්ලක්ම තරුණ පිරිසගෙන් පිරී ගොසිනි.
“අද සෙනගත් වැඩියි”
මම මිතුරාට කීවෙමි.
“ඇයි කෙල්ලොත් වැඩියිනේ...”
ඔහු කීවේද ඇත්තකි. එදා වෙනදාට වඩා කැරෝකේ කෙල්ලන්ගේද වැඩි බවක් දක්නට තිබිණි.
“පිටින් ගෙනැල්ලද කොහේද?”
සුපුරුදු මුහුණු අතරින් නාඳුනන සුරූපිනියෝ ද බොහෝය. අප අතරට ආවේ එවන් එකියකි.
“ඉඳගන්න නම් තැනක් නැහැ.”
ඇය නෙත් කරකවමින් අපට වාඩි වෙන්නට තැනක් සොයන්නට වූවාය.
“අර කෙළවර...එතැන කවුරුත් නැහැ. “
මිතුරා ඇයට කීවේය. ඊට ඇයද අවනත වූවාය. අපි අඳුරු මුල්ලක වාඩි වූයෙමු.
“ඉන්න මම තව කවුරුහරි එක්කගෙන එන්නම්...” ඇය එසේ කියා පිටව ගියාය.
“අලුත් කෙල්ලෝ වගේ...”
මාත් මිතුරාත් සෝපාවකට බර දී සිටියෙමු. වැයෙන කන්කලු ගී රාවයට නටන ජෝඩු කිහිපයකි.
සමහරු තැන තැන කෙල්ලන් හා පෙම්බස් දොඩවති. තව අඳුරු මුළු වල තවත් අය කෙල්ලන් තුරුලේ
සැතපෙති.
“පිස්සු හැදෙනවානේද?”
මිතුරා මගේ කනට කර පැවසුවේය. ඇත්තෙන්ම මෙය පුදුමාකාර ලෝකයකි. සුරංඟානාවන් මෙන් හැද
පැළඳ ගත් කෙල්ලෝ ඔබ මොබ යති. සමහරු හැඳ සිටින්නේ කොටටය. බාගෙටය. කාගේත් දෙනෙත්
ඔවුන් ළඟ නතර නොවන්නේ නම් පුදුමයකි. සමහරක් කෙල්ලන් අරක් ගත් අයද එය අතරය. ඔවුන්ද
ඔවුන් තුරුලේය. බොහෝ එවුන් “වාසි” තකාය. ඇත්තෙන්ම ආදරය කරන දෙතුන් දෙනෙකු ද ඒ අතරය.
ඔවුන් තුරුලු වී පෙම්බස් දොඩවති. නටති. වයති. ගයති.
“ඔන්න ඔයාටත් කෙනෙක් එක්කගෙන ආවා.”
ඇය තවත් කෙල්ලක් අප වෙත කැඳවාගෙන ආවේ අපි දෙදෙනාම සතුටින් තබන්නට වන්නට ඇත.
“මම නිමේෂා”
ඇය
මට අතට අත දුන්නාය. මාද ඇය පිළිගත්තේ එලෙසින්ය. මිතුරා මුලින් කී කෙල්ල සමඟද මම
නිමේෂා සමඟද සෝපාවේ තැනක වාඩි වූයෙමු.
“නිමේෂා...මම මීට කලින් දැකලා නැහැ. ‘
“ඔව් මම අදයි ආවේ.”
“ඒ මොකද?”
“මගේ ජීවිතේ පළමු දවස මේ වගේ තැනකට ආව. “ ඇය කීවාය. මට ඇය තේරුම් ගත නොහැකි විය. මා
ඒ ගැන ඇගෙන් විමසුවේය.
“මට මගේ යාළුවෙක් කිව්වා අදට විතරක් මෙතැනට ගිහින් එමු කියලා. මමත් ඉතින් ඔහේ
ආවා...”
“ඇත්තද”
ඇය කියන්නේ ඇත්තකි. දවස් කිහිපයක නිවාඩුවක් ඇති බැවින් අද බොහෝ පිරිස එන බව දත්
පාලනාධිකාරිය කලින් ඒ සඳහා ලක ලැහැස්ති වී සිටියේය.
“ඉතින්”
මම ඇයට කීවෙමි. ඒ වන විටත් මා මිතුරා මොන මොනවාදෝ ඇණවුම් කර තිබිණි. ටික වේලාවකින්
අප සෝපාව ඉදිරිපිට මේසය මතට ඇණවුම් කළදේ ලැබිණි.
“ඔයා මීට කලිනුත් මෙතැනට ඇව්ත් තියෙනවාද”
ඇය මගෙන් ප්‍රශ්න කරන්නට වූවාය.
“ඔව්” එහෙනම් පරණ කස්ටමර් කෙනෙක්.
මම ඊට කිසිත් නොකීවෙමි. මේසය මත තිබූ “රම්” බෝතලය කඩාගත් මම ඉන් මඳක් වීදුරුවට හලා
ගත්තෙමි.
“ඔයාට
“මමත් මේකම ගන්නම්”
මම ඊට කිසිත් නොකීවෙමි.
ඇයද මත්පැන් පානය කර පුරුදු තැනැත්තියක් බව මම ඉන් වටහා ගත්තෙමි. ටිකෙන් ටික අප
ගෙනා “රම්” බෝතලය හිස් වෙයි. කෙමෙන් කෙමෙන් ඇය මට තුරුලු වෙයි. කතා බහක් නැතත් ඇගේ
මත් ගතිය මගේ හිතට ගෙන එන්නේ දැඩි සතුටකි.
“බලාගෙන ගන්න. ඔයාට වැඩි වෙයි.”
මම ඇයට කීවෙමි. ඒ ඇය ටිකක් වැඩියෙන් ගන්න බැව් මට හැඟුණ නිසාය.
“මට මේවා හොඳට පුරුදුයි.”
“ඒ කොහොමද?”
“ඒක දිග කතාවක්”
“ඉතින් කියන්නකෝ”
කතාවක් නැතිව සිටි මම මාතෘකාවක් සොයා ගත්තෙමි.
“මම බැඳපු කෙනාත් හුඟාක් ඩ්‍රින්ක්ස් ගන්නවා. එයාගෙන් තමයි මමත් පුරුදු වුණේ.”
“කෝ දැන් එයා”
“එයා දැන් නැහැ.”
“අපි දැන් ඩිවෝස් වෙලා ඉන්නේ...”
“කොහේද එයා වැඩ කරන්නේ...”
“කස්ටම් එකේ...”
“ආ...එහෙනම් නිකම් එයාට බෝතල් හම්බවෙනවා ඇති ඒකයි...”
ඇය ඊට හිස සැලුවාය. මම තවත් ඇගෙන් ඒ ගැන දැන ගැනීමේ අටියෙන් නොයෙකුත් දෑ ඇසුවෙමි.
පදමට වැදී සිටි ඇය මා තුරුලේ සිටිමින් ඇගේ ජීවිත කතාවේ සමහර තැන් මා හා කීවේ කිසිදු
පැකිලීමකින් තොරව බව මම දනිමි.
“අන්තිමට මට ඩ්‍රින්ක්ස් නතර කර ගන්නම බැරි වුණා.”
“ඉතින්”
“පස්සේ ඒකා මාව දාලා ගියා.”
“ඇයි ඒ...”
“ඇයි ඉතින් මම පිස්සු නටනවනේ.”
ඇය තවත් රම් වීදුරුවක් කටට හලා ගත්තාය. ටීපෝව මත තිබූ “ගෝල්ඩ් ලීෆ්” පැකට්ටුවෙන්
සිගැරැට්ටුවක් ගෙන දෙතොල් අතර තබා එය දල්වා ගත්තාය. මම ඇය දෙසත් මිතුරා දෙසත්
බැලීමි. ඔහුද ඇගේ විලාසයෙන් අන්ද මන්ද වී සිටී.
“මේ මොනවද මම දවසට පැකට් දෙකක්වත් හිස් කරනවා.”
ඇය දැන්නම් හොඳින් මත් වී ඇති බව මට හැඟිණි. බීමත්කම නිසා දෝ ඇය මා තුරුලේ සිටී. මා
සිප ගනී. නැවත තව වෙන මොන මොනවදෝ කියයි.
“පව්”
මම මිතුරාට කීවෙමි. ඔහුද එය අනුමත කළේය. ඇත්තෙන්ම මේ වගේ කෙල්ලක මම දුටු මුල්ම
අවස්ථාව එය විය. අපිට වඩා ඇයට වෙරිය. දැන්නම් හිට ගන්නටද බැරි තරම්ය.
“මම ජීවිතේ ලස්සනට හිටපු ගෑනියෙක්. ඒත් මම අද ජීවත් වෙන්න ආශා නැහැ.”
ඇය බඹර මතින් කියන්නීය.
“ඇයි ඒ”
ඇය නැවතත් සිඟරැට්ටුවක් දල්වා ගත්තාය. ඒ මට පිළිතුරු දෙන්නට වන්නට ඇත.
“ඔය පිරිමි ඉන්නවානේද...එවුන් සත පහකටවත් විශ්වාස කරන්න බැහැ.
මම ඊට පිළිතුරු නොදුන්නෙමි. ඇයටම කතා කරන්නට ඉඩදී මම නිහඬ වීමි.
“එවුන්ට ඕන විදියට වැඩේ වෙනවා නම් හොඳයි. නැත්තම්...”
ඇය කියන්නට ආ දේ ගිල ගත්තාය. මාද ඇගෙන් එතැනින් එහා දෙයක් අසන්නට ගියේ නැත. ඇගේ පදම
හොඳටම වැඩිය. ඒ මේ අත වැනෙමින් ඇය කතා කරයි. එකක් පිලිස්සී යද්දී තවත් සිගරැට්ටුවක්
ඇය අත දැල්වෙයි.
“මාර සිකරට් බීමක්නේ බොන්නේ...”
“ඔව් ඇයි මොකද ඔයාට ප්‍රශ්නයක් ද?”
ඇය මගේ ඇඟට කඩා පනින්නට උත්සහ කළාය.
“නැහැ. මට මුකුත් ප්‍රශ්නයක් නැහැ. මම කියන්නේ ඔයාට සිගරට් බොන්න එපා කියලා.
“හරි හරි ඒක මටනේ ප්‍රශ්නේ. ඔයාට ප්‍රශ්නයක් නැහැනේ.
මට ඇගේ කතාවෙන් මදක් තරහා ගියද මම කිසිත් නොදොඩා නිහඬ වූයෙමි. ඒ මේ අත වැනෙමින් ඇය
තවත් සිගරැට්ටුවක් දල්වා ගන්නට උත්සහ කරයි. මම ඊට කිසිත් නොකීවෙමි.
“ඔයා තරහද ඩාලිං”
සිගරැට්ටුවක් දල්වා ගනිමින් ඇය මගේ කරට අතක් දමා ගනිමින් එසේ අසන්නට වූයේ මා ඇය ළඟට
ඇද ගනිමිනි.
“මොකට තරහා වෙන්නද අපි යාළු වෙලා හිටියේ නැහැනේ. “
“ෂා...ඒකත් ඇත්ත...ඒකත් ඇත්ත...”
මා ඇය තුරුලට ඇදගත් අතර මගේ දෙතොලමත ඇගේ ඇඟිලි තුඩුවල තිබූ සිගරැට්ටුව තියන්නට තැත්
කලාය.
“එපා මම සිගරට් බොන්නේ නැහැ.”
“ඒ වුණාට කමක් නැහැ. මගේ ගානේ බොන්න”
“එපා”
“එපා...එහෙනම් මම තවත් එකක් ගන්නවා හොඳේ.”
ඇය ඒ සමඟම මේසය මත තිබූ “රම්” වීදුරුවට තවත් බිඳක් එක්කොට එකවරම කටේ හලා ගත්තාය.
“ඔයාට දැන් ඇති. තව පොඩ්ඩකින් ඔයාට”
“ඔව්...මොකක්ද...මොකක්ද මට...”
“ඔයාට වෙන්නේ ඔතනම නිදා ගන්න.
ඇය ඊට මහා හඬින් සිනා සුණාය. ඒ සිනහව මුළු කැරෝකේ ශාලාව පුරාම විහිදුණාය. කාත් අප
දෙස බැලුවේ ඒ හිනහව නිසාය. මට ඇති වූයේ ලැජ්ජාවකි. මිතුරාද ඉන් අපහසුතාවයට පත්
වුයේය. ඒ සැණින් අප අතරට ආවේ තවත් කෙල්ලෙකි.
“අයියේ සොරි මෙයා එහෙම තමයි ගණන් ගන්න එපා”
“ඇය අපගෙන් සමාව ඉල්ලුවාය. එය අපට ප්‍රශ්නයක් ගෙනදුනි.
“මෙයාට ටිකක් වැඩියි වගේ නේද?”
මම ඇයට කීවෙමි. ඇය වෙරිමතින් කෙළින් සිටින්නට පවා බැරිව සිටි නිමේෂාව වත්තන් කරගෙන
යන්නට සූදානම් වූවාය.
“මෙයා මගේ හොඳම යාළුවෙක්. මම තමයි අයියේ මෙයාව මෙහේ එක්කගෙන ආවේ. මිනිහෙක් නිසා
මුළු ජීවිතේම නැතිි කර ගන්න කෙල්ලෙක්. දැන් හොඳටම බොනවා. බිව්වට පස්සේ එයාගේ ඔළුව
අවුල් වෙනවා. ඉන් පස්සේ කරන දෙයක් එයාට මතක නෑ අයියේ...”
“කවුරුත් මෙයාට බොන්න දෙන්නේ නැහැ. එයාගෙ ගැන දන්න නිසා.”
ඇය කියාගෙන ගියාය. ඇගේ විවාහක සැමියා නිසා ඇයට මෙවන් ඉරණමක් අත්විඳී බව ඇය කීවාය.
“එක්කරගෙන ගිහින් නිදි කරවන්න.”
මට ඇය ගැන ඇතිවූයේ දුකකි. අපි සැවොම ඇය වත්තන් කරන්නට එක්වූයෙමු. වෙරිමරගතේම කෙළින්
සිටගත් ඇය අඩවන් වූ දෙනෙතින් මා දෙස බැලුවාය.
“ඔයා මට ආදරේ නේද”
ඇය එකවරම මා දෙස බලා ඇසුවාය. මම සිනහ සුණෙමි. ඇය වෙරි මරගාතේ කියවන බව මම දනිමි.
“ඔයා මට ආදරේද පැටියෝ...”
යළි ඇය ඒ අතරින් මා දෙස බලා ඇසුවාය. මම ඊටද නිහඬවූයෙමි. ඇය ඉන් තරහා ගත්තාය.
“ඒ වුණාට ඔයාට මම...” ධ් ඹ්ධමඥ කධභ
ඇය එකවරම පැන ගෙල වටා දෙඅත් දමා මා කම්මුල සිපගත්තාය. ඉන් කර කියාගත නොහැකි වූ මම
ඇගේ දැඟලිල්ල නිසාම සෝපාවට බර වූයෙමි.
මිතුරාත් අනෙක් කෙල්ලත් ඇය වත්තන් කරගෙන රැගෙන යති. ඇය ඒ අතරින්ද මා දෙස බලමින්
‘හාදු”දෙන අයුරු මට පෙනේ.
“පිස්සු කෙල්ල”
ඉතිරිව තිබූ රම් වීදුරුව කටට හලා ගත් මට ඇය ගැන ඇති වුයේ දුකකි.
කීර්ති මෙන්ඩිස්
|