|
2008-12-08
අය-වැය ඡන්ද විමසීම අද
අය-වැය
ඡන්ද
විමසීම අද
එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ සිවුවැනි අයවැය අවසන්වර කියැවීමේ ඡන්ද විමසීම අද
(8) පැවැත්වේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නොවැම්බර් මස 6 වැනිදා මේ අය – වැය
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙළේය.
අය – වැය දෙවැනි වර කියැවීමේ විවාදය නොවැම්බර් මස 7 වැනිදා ආරම්භ කෙරුණු අතර දෙවැනි
වර කියැවීමේ ඡන්ද විමසීම නොවැම්බර් මස 15 වැනිදා පැවැත්විණි.
අයවැය දෙවැනිවර
කියැවීමේ ඡන්ද විමසීමේදී රජය වැඩි ඡන්ද 42 කින් ජයග‍්‍රහණය කළ අතර අයවැයට පක්ෂව
ඡන්ද 127 ක්ද විපක්ෂව ඡන්ද 85 ක්ද ලැබිණි.
අය – වැය තෙවැනිවර කියැවීමේ ඡන්ද විමසීම නොවැමිබර් මස 17 වැනිදා ආරම්භ කෙරිණි.
ධනුෂ්ක ගොඩකුඹුර
|