|
2008-11-01
ජයලලිතාගේ රථ පෙළට කොටි හිතවාදීහු ගල් ගසති
ජයලලිතාගේ
රථ පෙළට
කොටි හිතවාදීහු
ගල් ගසති
තමිල්නාඩුවේ හිටපු මහ ඇමතිනී වත්මන් විපක්ෂ නායිකා ජයලලිතා ජයරාම් මහත්මිය ගමන් ගත්
රථ පෙළට කොටි හිතවාදීන් පිරිසක් පෙරේදා (30) සවස ගල්මුල් ප්රහාරයක් එල්ල කර තිබේ.
රාම්නාද්පුරම් හිදී එල්ල වූ මෙම ගල් මුල් ප්රහාරයෙන් ජය ලලිතා මහත්මියට තුවාල
සිදුවී නොමැති අතර ඇය ගමන් ගත් වාහනයේ වීදුරු කැඩී බිඳී ඇති බව පැවසේ.
කැනඩාවේ සිටින කොටි ත්රස්තවාදීන් විසින් ජය ලලිතා මහත්මිය මරා දමන බවට තර්ජනය
කිරීමෙන් පැය කීපයක් ඇතුළත ඇයට මෙම ගල් මුල් ප්රහාරය එල්ල වී තිබේ.
ජය ලලිතා මහත්මිය මදුරාසියේ සිට රාම්නාද් දිස්ති්රක්කය දක්වා ගමන් කරමින් සිටියදී
මෙම ගල් මුල් ප්රහාරයට ලක්වී ඇත.
|