වැසි ජලය නොබසින බේරුවල ඇළවේලි පිළිසකර කරයි | දිනමිණ

වැසි ජලය නොබසින බේරුවල ඇළවේලි පිළිසකර කරයි

 බේරුවල ප්‍රදේශිය සභා බල ප්‍රදේශයේ වැසි ජලය නොබැසිමට හේතු වි තිබු ඇළ වේලි , කානු , බෝක්කු , පිළිසකර කිරිමේ වැඩ සටහානක් 21දා බේරුවල ප්‍රදේශීය සභාවෙන් අලුත්ගම කන්දවිහාරය අසලින් ගලා බසින ඔලන්ද ඇල බැකෝ යන්ත්‍ර යොදාගනිමින් ඇළ ප්‍රති සංස්කරණ වැඩ ආරම්භ කළේය .මෙහිදී බේරුවල ප්‍රදේශීය සභාවේ සභාපති මේනක විමලරත්න මහතා කියා සිටියේ මේ ඕලන්ද ඇළ වසර 25කට පසු හාරන බවයි.

මෙමඟින් අළුත්ගම,කළුවාමොදර,මොරගල්ල,මුල්ලපිටිය ධර්ගානගරය,ඇතුළු ප්‍රදේශ ගණනාවක වැසි ජලය බැසයෑමට හැකිවන බවයි .මෙම අවස්ථාවට කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත, බේරුවල ප්‍රදේශීය සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරු විශාල පිරිසක් සහභාගිවි සිටිහ.

ඡායාරූප - කළුතර දිස්ත්‍රික් සංචාරක 

නව අදහස දක්වන්න