අභාවයන් | දිනමිණ

අභාවයන්

ගුණපාල වික්‍රමරත්න (හිටපු විභාග කොමසාරිස්) - විශාඛා විද්‍යාලයේ විශ්‍රාමික ආචාරිනී විනිතාගේ සැමියා වූද,​ අජිත් (සිවිල් ඉංජිනේරු),​ මේධා (වෛද්‍ය විශේෂඥ - ජයවර්ධනපුර රෝහල),​ සර්ධා (වෛද්‍ය /​ සී.ඩී - ඇතුල්කෝට්ටේ) ධර්මන් (ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී) සහ මහීධා (පරිගණක ඉංජිනේරු - ජෝන් කීල්ස්) යන අයගේ පියාණන් වූද,​ රූපා (වරලත් ගණකාධිකාරිනී),​ අජිත් (ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු),​ ප්‍රියංග (වෛද්‍ය - වැලිකඩ බන්ධනාගාර රෝහල),​ වෙනුකා (ශ්‍රී ලංකන් ගුවන් සේවය),​ විරාජ් (පරිගණක ඉංජිනේරු - වර්චුසා) යන අයගේ මාමණ්ඩිය වූද,​ කොළඹ නාලන්ද විදුහල සහ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ හිටපු විදුහල්පති වන ප්‍රවීණ අධ්‍යාපනඥ ගුණපාල වික්‍රමරත්න මහතා අභාවප්‍රාප්ත විය. දේහය පිටකෝට්ටේ,​ රුක්මල් පෙදෙසේ 434/​3 නිවසේ 8 වන බදාදා දහවල් 12 දක්වා තැන්පත්කර ඇති අතර,​ පසුව එදිනම පස්වරු 1 සිට 4 දක්වා කොළඹ නාලන්දා විදුහලේ මහජන ගෞරවය සඳහා තබා ඇත. අවමංගල පෙරහැර පස්වරු 4.00 ට නාලන්දා වෙන් පිටත්වන අතර,​ ආදාහන කටයුතු 8 වන බදාදා පස්වරු 5 ට බොරැල්ල සුසාන භූමියේදී සිදුකෙරේ. දුරකථනය. 071-2733986.
088448

ද සේරම් - එදිරිසූරි මොහොට්ටිගේ සාලිය කුමාර - නීතිඥ රමණී ද සේරම් ගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද,​ නීතිඥ වරුණ ද සේරම් සහ නදීරා ද සේරම් වූන්ස්ටඩ් ගේ ආදරණීය පියාණන් වූද,​ රුක්ෂිලා සහ පීටර් ගේ දයාබර මාමණ්ඩිය වූද,​ ඇලේග්‍රා,​ රුවෙන් සහ එලිආනා ගේ ආදරණීය සීයා වූද,​ නැසීගිය ඩග්ලස් සහ හෙලන් ද සේරම්ගේ ආදරණීය පුතණුවන් වූද,​ නැසීගිය නීතිඥ ඩී. සී. ද සිල්වා සහ දයා ද සිල්වා ගේ දයාබර බැණනුවන් වූද,​ මල්කාන්ති,​ සුජාතා,​ මනෝරි සහ ජීවක ගේ දයාබර සොහොයුරු,​ 2018 අගෝස්තු මස 05 වන දින අභාවප්‍රාප්ත විය. 2018 අගෝස්තු මස 08 වන දින සවස 2.30 පානදුර මිනුවන්පිටිය සුසාන භූමිය වෙතට,​ ශ්‍රී මහ විහාර පාරේ,​ අංක 53,​ නිවසෙන් පිටත් වේ.
088486

සමරනායක සඳවතී ටෝල්ඩින් පෙරේරා (විජය ගුණවර්ධන) - විශ්‍රාමලත් පාඨශාලාචාරිනී මිහිඳු මහා විද්‍යාලය - අගලවත්ත. නැසීගිය අගලවත්ත කොට්ඨාසයේ හිටපු විවාහ උප්පැන්න සහ මරණ රෙජිස්ට්‍රාර්,​ සාම විනිසුරු ඩී.ජේ. විජයගුණවර්ධන මැතිතුමාගේ ආදරණීය භාර්යාව වූද,​ විජිතා (ජර්මනිය),​ කාන්ති,​ අසෝක (අමෙරිකාව) සහ ඩඩ්ලි යන අයගේ ආදරණීය මෑණියන් වූද,​ හෝස්ට් (ජර්මනිය),​ පරලොව සැපත් විජේසුන්දර,​ විජිතා කුමාරිහාමි (ඇමෙරිකාව) සහ තමරා නන්දා යන අයගේ ආදරණීය නැන්දනිය වුද,​ අගලවත්ත පිඹුරේ “සඳකැළුම්” හි විසූ සඳවතී ටෝල්ඩින් පෙරේරා සමරනායක මැතිණිය අභාවප්‍රාප්ත විය. ආදාහන කටයුතු 2018.08.09 බ්‍රහස්පතින්දා සවස 6.00 මතුගම පාන්තිය ආදාහනාගාරයේදී සිදු කෙරේ. දේහය එදින පස්වරු 4.00 දක්වා පිඹුර නිවසේ තැන්පත්කර ඇත. සියළු ඥාති මිත්‍රාදීන් මෙම නිවේදනය කරුණාවෙන් පිළිගනිත්වා. නො. 181,​ “සඳකැළුම්” පිඹුර,​ අගලවත්ත.
088988

 

නව අදහස දක්වන්න