නව ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ සඳ­හන් ඒකීය රටක් යන්නට අපත් කැම­තියි | දිනමිණ

නව ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ සඳ­හන් ඒකීය රටක් යන්නට අපත් කැම­තියි

කෙටු­ම්පත් කර ඇති නව ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ රට බෙදන යෝජනා ඇතැයි සම­හර දේශ­පා­ල­න­ඥ­යන් පැවැ­සු­වත් එහි සඳ­හන් වන්නේ ඒකීය රටක්, බෙදා වෙන් කළ නොහැකි රටක් යනු­වෙ­නුයි. ඒකීය රටක් කියන එකට අපත් කැම­තියි. යැයි ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සුම­න්ති­රන් මහතා පැවැ­සීය.

ඒ මහතා මේ බව පැවැ­සුවේ නව ආණ්ඩු ක්‍රම ව්‍යව­ස්ථාව සම්බ­න්ධව රත්න­පුරේ ජන­තාව දැනු­වත් කිරී­මට පසු­ගිය 19 වැනි දා රත්න­පුර බෞද්ධ සමිති ශාලාවේ දී පැවැති සම්ම­න්ත්‍ර­ණ­ය­ක­දීය. 'අලුත් ව්‍යව­ස්ථා­ව­කට පෙළ ගැසෙමු' තේමා­වෙන් අලුත් ව්‍යව­ස්ථා­වක් උදෙසා ජාතික ව්‍යාපා­ර­යෙන් මෙය සංවි­ධාන කර තිබුණි.

එහි දී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

මේ ව්‍යවස්ථා කෙටු­ම්පත සකස් කළේ දකුණේ මහ ඇමැ­ති­ව­රුන් හය දෙනකු ඉදි­රි­පත් කළ යොජනා සහ අද­හස් අනු­වයි. මේ සඳහා අද­හස් සහ යෝජනා ඉදි­රි­පත් කරන්න මහ ඇමැ­ති­ව­රුන් නව දෙනාට දැනුම් දුන් විට උතුරු නැඟෙ­න­හිර මහ ඇමැ­ති­ව­රුන් යෝජනා ඉදි­රි­පත් කළේ නෑ. එක් පළා­තක මහ ඇමැ­ති­ව­ර­යෙක් ලිඛි­ත­වත්, තවත් මහ ඇමැ­ති­ව­රුන් පස් දෙනකු වාචි­ක­වත් යෝජනා සහ අද­හස් ඉදි­රි­පත් කළා. ලිඛි­තව යෝජනා ඉදි­රි­පත් කළ මහ ඇමැ­ති­ව­රයා පවසා තිබුණේ පළාත් සභාවේ ඇති ආණ්ඩු­කාර තන­තුර ඉවත් කළ යුතු බව පම­ණයි. එම යෝජ­නාව කමි­ටුව ඉවත් කළා.

ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථා­වක් කියන්නේ මොකක්ද කියා ජන­තාව කල්පනා කළ යුතුයි. ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාව කියන්නේ රටේ පුර­වැ­සි­යන් එකතු වී හදන ගිවි­සු­මක්. එසේ හදන ගිවි­සුම සැම දෙනා පිළි­ගන්නා එකක් විය යුතුයි. අපේ රටේ ආණ්ඩු­ක්‍රම ව්‍යවස්ථා තුනක් ඉදි­රි­පත් වී තිබෙ­නවා. පළමු ව්‍යව­ස්ථාව අපේ රටේ හදපු එකක් නොවෙයි. එය 1947 බ්‍රිතා­න්‍ය­යන් විසින් සකස් කර අපට ලබා දුන් එකක්. අනෙක් දෙක 1962 සහ 1972 වර්ෂ­වල ඉදි­රි­පත් කළ ඒවා.

පෙඩ­රල් ක්‍රම­ය­කට පළ­මු­වෙන්ම යෝජනා ඉදි­රි­පත් වුයේ නුව­රට, උතුරු නැඟෙ­න­හි­රට සහ පහ­ත­ර­ට­ටයි.ඒ 1926 දී. පසුව 1949 සෝල්බරි ආණ්ඩු­ක්‍ර­මය බ්‍රිතා­න්‍ය­යන් හඳුන්වා දුන්නා. මෙය යාප­නයේ එව­කට සිටි දේශ­පා­ල­යන් පිළි­ගත්තේ නෑ. 1956 දී ඇස්. ඩබ්ලිව්. බණ්ඩා­ර­නා­යක මහතා බලය බෙදා­හැ­රීම සම්බ­න්ධව අප පක්‍ෂය සමඟ සාකච්ඡා කළා. 1957 බලය බෙදා හැරී­මට බෑ කියු නිසා තම පක්‍ෂය සාක­ච්ඡාව අත­හැර දැමුවා. අන­තු­රුව 1970 පිහි­ටවූ සමඟි පෙර­මුණ ආණ්ඩුව නව ව්‍යව­ස්ථා­වක් සෑදී­මට සාකච්ඡා කළා. ඒ අව­ස්ථාවේ අප සංශෝ­ධන ඉදි­රි­පත් කළා. ඒ අව­ස්ථාවේ පෙඩ­රල් ක්‍රමය පිළි­ගත්තේ නෑ. මේ රටේ පෙඩ­රල් ක්‍රම­යක් ඇති කළ යුතු බවට යෝජනා ඉදි­රි­පත් කළේ කොමි­යු­නිස්ට් පක්‍ෂ­යයි. මේ රටේ පැවති යුද්ධය අව­ස­න්වී­මෙන් පසු නව ව්‍යව­ස්ථා­ව­කට ජන­තා­වගේ අද­හස් ලබා­ගැ­නීම 2015 අගෝස්තු මාසයේ ආරම්භ කළා. 2016 මැයි මාසයේ ලබා ගත් එම ජනතා අද­හස් ආණ්ඩු­ක්‍රම ව්‍යවස්ථා මණ්ඩ­ල­යට යෝජනා කර මෙහෙ­යුම් කමි­ටුවේ සාකච්ඡා කර මෙහෙ­යුම් කමිටු වාර්තා­වක් ඉදිරි පත් කළා. එය දින 6ක් පාර්ලි­මේන්තු ව්‍යවස්ථා මණ්ඩ­ලයේ සාකච්ඡා කර විවා­ද­යක් පවත්වා කෙටු­ම්ප­තක් වශ­යෙන් වාර්තා­වක් සකස් කර ඉදි­රි­පත් කළා. මෙයට විරෝ­ධ­යක් පළ වුයේ නෑ. එහි සඳ­හන් වන්නේ නොබෙ­දුන ඒකීය ,බෙදා වෙන් කළ නොහැකි රටක් වශ­යෙන් යනු­වෙ­නුයි. එයට මම කැම­තියි. මම එයට කැමැත්ත ප්‍රකාශ කරද්දී දකුණේ සුළු පිරි­සක් විරුද්ධ වනවා සේ උතුරේ සුළු පිරි­සක් අපේ මුලික අර­මුණු අත හැරිය බවට මට විරු­ද්ධව ප්‍රචා­ර­යක් යනවා. රටේ කාල­යක් තිස්සේ ඇදී යමින් තිබෙන ප්‍රශ්න­යට විස­ඳුම් ලබා ගත හැකි හොඳම අව­ස්ථාව රටේ ප්‍රධාන දේශ­පා­ලන පක්‍ෂ එකට එක්ව පාල­නය කරන මේ අව­ස්ථා­වයි. විස­ඳුම් ලබා­ගැ­නී­මට මීට ‍පෙර බලයේ සිටි පක්‍ෂ යම් යෝජ­නා­වක් ඉදි­රි­පත් කළ සෑම අව­ස්ථා­ව­කම විරුද්ධ පක්‍ෂ විරුද්ධ වීම නිසා විස­ඳුම් ලබා­ගැ­නී­මට නොහැකි වුණා.

පාර්ලි­මේන්තු මන්ත්‍රී (එ.ජා.ප.) මන්ත්‍රී මුජි­බර් රහු­මාන් මහතා

මේ අව­ස්ථාව තීර­ණා­ත්මක අව­ස්ථා­වක්. රටේ ප්‍රධාන දේශ­පා­ලන පක්‍ෂ දෙක එක්ව ආණ්ඩු­වක් පිහි­ටවා වසර 3ක් ගත වෙනවා. නව ව්‍යව­ස්ථාව අව­ශ්‍ය­තාව රටට තේරුම් ගොස් තිබෙ­නවා. කෙටු­ම්පත් කර ඇති ව්‍යව­ස්ථාව 2020ට පෙර සම්මත කර ගත යුතුයි. එසේ නොවු­ණොත් 2020න් පසු ලැබෙන මැති­ව­රණ ප්‍රති­ඵ­ල­ව­ලින් පසු වෙන­ස්වීම් සිදු විය හැකියි.

අලුත් ව්‍යව­ස්ථා­වක් උදෙසා ව්‍යාපා­රයේ ලේකම්, නව ව්‍යවස්ථා කෙටු­ම්පත් මණ්ඩ­ලයේ ලේකම් ලාල් විජේ­නා­යක මහතා

මේ රටේ ජන­තා­වගේ ඉල්ලීම වන්නේ අසී­මිත බල­යක් ඇති විධා­යක ජනා­ධි­පති ක්‍රමය අහෝසි කළ යුතු බවයි. නව ව්‍යව­ස්ථා­ව­කට අප රට පුරා ජනතා අද­හස් ලබා­ගැ­නී­මට ගිය අව­ස්ථාවේ ඉදි­රි­පත් වු කරුණු අත­රින් ප්‍රධා­නම යෝජ­නා­වක් වුණා. මේ රටේ ජනා­ධි­පති ධුර­යට පත් වු චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­යක, මහින්ද රාජ­පක්‍ෂ වැනි නාය­ක­යන් මැති­ව­රණ පොරො­න්දු­වක් වශ­යෙන් විධා­යක ජනා­ධි­පති ධුරය ඉවත් කරන බවට කීවත් එය ඉටු කළේ නෑ. නව ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථා­වෙන් විධා­යක ජනා­ධි­පති ක්‍රමය අහෝසි කර පාර්ලි­මේ­න්තු­වට බලය ලබා දෙන වැඩ­පි­ළි­වෙ­ළක් ද යෝජනා වී තිබෙ­නවා.

ජනතා විමුක්ති පෙර­මුණේ රත්න­පුර දිස්ත්‍රික් නායක ශාන්ත පද්ම­කු­මාර මහතා

අපි මේ නව ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථා­වට විරුද්ධ වුවත් නව ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථා­වක් අවශ්‍ය බව පිළි­ග­න්නවා. නමුත් මෙහි ප්‍රමා­ද­යක් දකින නිසා අපේ පක්‍ෂය 20 වන සංශෝ­ධ­නය ඉදි­රි­පත් කර තිබෙ­නවා. මෙය සම්මත කිරී­මෙන් විධා­යක ජනා­ධි­පති ක්‍රමය අහෝසි කිරීම ඇතුළු නව ව්‍යවස්ථා කෙටු­ම්ප­තින් ඉදි­රි­පත් කර ඇති කරුණු ඉටු වෙනවා.

රත්න­පුර විශේෂ එන්. පී. රාජ­දොරේ

නව අදහස දක්වන්න