පැරිස් නුවර පිහිඇණුමකින් 07කට තුවාල | දිනමිණ

පැරිස් නුවර පිහිඇණුමකින් 07කට තුවාල

ප්‍රංශයේ පැරිස් නුවර සිදු වු පිහිඇණුමකින් පුද්ගලයින් හත්දෙනෙකු තුවාල ලබා ඇත. 
 
පිහිඇණුම සිදු කළ පුද්ගලයා ඇෆ්ගනිස්ථාන ජාතිකයෙකු බව වාර්තා වේ. 
 
අදාළ සැකකාර පුද්ගලයාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 
 
පිහිඇණුම සිදු  කිරිමේදී  ඔහුව වැලැක්විමට  උත්සාහ කළද එය අසාර්ථක වී ඇතැයි සදහන් වේ. ඒ සමග පුද්ගලයින් හත් දෙනෙකු තුවාල ලබා ඇත. ඉන් හතරදෙනෙකුගේ තත්ත්වය බරපතල බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.
 
මෙය ත්‍රස්ත ක්‍රියාවක්ද යන්න සම්බන්දයෙන් සොයා බැලිමට වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකය.

නව අදහස දක්වන්න

Or log in with...