නාච්චාදූව වැව අවට කැළි කසළ පිරිලා | දිනමිණ

නාච්චාදූව වැව අවට කැළි කසළ පිරිලා

අනුරාධපුර නාච්චාදූව වැව මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දැඩි ලෙස අපවිත්‍ර වී ඇත.

දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් නාච්චාදූව වැවට දෛනික විශාල පිරිසක් පැමිණෙති. විශේෂයෙන්ම අනුරාධපුර පූජා භූමියට වන්දනාව සඳහා පැමිණෙන සැදැහැවතුන් බොහෝ දෙනෙක් විනෝද වීම උදෙසා නාච්චාදූව වැවට පැමිණෙති. වැව් තාවුල්ලෙහි ඇති විනෝද උද්‍යානය හා ඒ අවට ඇති වන ළැහැබ විවේක ගැනීමට ඇති කදිම තෝතැන්නකි.

එහෙත් කනගාටුවට කරුණ එහි පැමිණෙන පිරිස් විසින් එහි දමා යන ප්ලාස්ටීක් බෝතල්,පොලිතින්, ලන්ච් ෂීට්, බියර් ටින්, වීදුරු බෝතල් ආදිය හේතුවෙන් මේ වන විට නාච්චාදූව වැව දැඩි ලෙස අපවිත්‍රව පවතී. වගකිව යුතු බලධාරීන්ගේ අවධානය ඒ සම්බන්ධයෙන් යොමුවිය යුතු කාලය එළැඹ ඇත.

සටහන හා ඡායාරූපය
මරදන්කඩවල සමූහ කේ. එස්. කරුණාරත්න


නව අදහස දක්වන්න

Or log in with...