‘සංගා’ ආසියානු කුසලානයට එයි | දිනමිණ

‘සංගා’ ආසියානු කුසලානයට එයි

ලෝක ක්‍රිකට් පිටියේ හිටපු විශිෂ්ට පිතිකරු කුමාර් සංගක්කාර එළැඹෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී විස්තර විචාරකයකු ලෙස කටයුතු කිරීමට නියමිතය. සුප්‍රකට ‘ස්ටාර් ස්පෝර්ට්ස් ‘ රූපවාහිනි සේවය සමග මේ සඳහා ඔහු පසුගියදා ගිවිසුම් ගත විය.

පසුගිය වසරේදී පළමුපෙළ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ද සමුගත් 40 හැවිරිදි සංගක්කාර එංගලන්තය සහ ඉන්දියාව අතර පසුගියදා එංගලන්තයේ පැවැති ටෙස්ට් තරගමාලාවේදි ‘ස්කයි ස්පෝර්ට්ස්’ රූපවාහිනි සේවය සමග එක්වෙමින් විස්තර විචාරයේ යෙදුණේය.

මේ මස 15 වැනිදා ඩුබායි හී දී ආරම්භ වන ආසියානු කුසලාන තරගාවලියේ විස්තර විචාරක කණ්ඩායම මෙසේය.

සුනිල් ගවස්කර්, ලක්ෂමන් සිවරාමක්‍රිෂ්ණන්, වී.වී.එස්.ලක්ෂ්මන්, රමීස් රාජා, ආමිර් සොහේල්, ඩීන් ජෝන්ස්, කුමාර් සංගක්කාර, රසල් ආනෝල්ඩ්, අතාර් අලි ඛාන්, බ්‍රෙට් ලී, කෙවින් පීටර්සන්.


නව අදහස දක්වන්න

Or log in with...