‘‘සදහම් අරුණ ‘වැඩසටහන අම්පාර පුදබිම් අටකදී | දිනමිණ

‘‘සදහම් අරුණ ‘වැඩසටහන අම්පාර පුදබිම් අටකදී

සමාජ සුභ සාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය සහ දයා සරණ සංවර්ධන පදනම විසින් නිකිණි පොහොයදා අම්පාර දිස්ත්‍රික්කයේ විහාරස්ථාන 08 ක දී ‘‘සදහම් අරුණ ‘‘ ආගමික හා සමාජ සේවා වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය .

නිකිණි පොහොයදා පාන්දර සිට සීල භාවනා වැඩසටහන් ආරම්භ වූ අතර දන්සල් ද පවත්වනු ලැබීය . රෝද පුටු ලබා දීම , අක්ෂි වෛද්‍ය සායන , ඇස් කණ්ණාඩි බෙදා දීම , දේශීය හා බටහිර වෛද්‍ය සායන වැඩිහිටි හැඳුනුම් පත් ලබා දීම , පැළ දස කෝටියක් වගා කිරීමේ ඇමැතිවරයාගේ ව්‍යාපෘතිය වෙනුවෙන් අපනයනය සඳහා නිපදවන ටි.ජේ.සී අඹ පැළ බෙදා දීමද මෙමදින සිදු විය .

පසුගිය ඇසළ පොහෝදා ආරම්භ කරනු ලැබු දිවයින පුරා වෛද්‍ය සායන 12000 ක් පැවැත් වීමේ දෙවන දිනය මෙම නිකිණි පොහෝ දිනයයි . සාමාජ සුභ සාධන හා ප්‍රාථමික කර්මාන්ත ඇමති දයා ගමගේ මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන මෛම වැඩසටහන සඳහා ඛනිජ තෙල් සම්පත් නියෝජ්‍ය ඇමැතිනි අනෝමා ගමගේ මහත්මිය ද සහභාගි විය .

දෙහිඅත්තකණ්ඩිය උත්තලපුර රජමහා විහාරස්ථානයේ ලාහුගල මගුල් මහා විහාරය , උහන දඩයම් තලාව මල්වත්ත තිස්සපුර ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානය, දමන පන්නල්ගම පුර්වාරාම විහාරස්ථානය , නාමල්ඔය අඹගහවැල්ල අශෝකාරාමය , අම්පාර මණ්ඩල මහා විහාරය , මහඔය වරාපිටිය කපෝ ආරණ්‍ය සහ තිරුක්කෝවිල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ද වෛද්‍ය සායන සහ අඹ පැළ ලබා දීම සිදු කෙරිණ .

සටහන සහ ඡායාරූප - දිගාමඩුල්ල සංචාරක පියසේන වතුදුර

 


නව අදහස දක්වන්න

Or log in with...