Saturday, April 20, 2024
Home » 12 හැවිරිදි දැරියක විටින් විට දූෂණය කළ 27 හැවිරිදි හීරළු බාප්පාට මාංචු

12 හැවිරිදි දැරියක විටින් විට දූෂණය කළ 27 හැවිරිදි හීරළු බාප්පාට මාංචු

by mahesh
March 15, 2024 1:00 am 0 comment

12 හැවිරිදි දැරියක් දූෂණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට දැරියගේ බාප්පා බව කියන 27 හැවිරිදි අයෙකු පෙරේදා (13) අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි.

බදුල්ල පල්ලේකන්ද පදිංචි සැකකරු මෙම දැරියගේ නිවසට ගොස් දෙමාපියන් නිවසේ නොමැති අවස්ථා කීපයකදීම ඇය දූෂණය කර ඇති බවත් ඔහු කලක් පැවිදි වී සිට මීට වසර 9කට පෙර පැවිදි ජීවිතය අතහැර ඇති අයෙකු බවත් සිදු කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවත් පොලිසිය පවසයි.

මෙම දැරිය 5 වන ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලැබීමෙන් පසු ඇතිවූ රෝගී තත්ත්වයක් නිසා ඇගේ පාසල් ගමන නතර වී ඇති බවට ද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

බදුල්ල ළමා හා කාන්තා අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති කා. පො.ප. නදීකා පීරිස් මහත්මියගේ මෙහෙයවීම යටතේ වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

බදුල්ල - නිශාන්ත අබේගුණවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT