Dinamina Online Newspaper- දිණමිණ සජීව ජාල පුවත්පත
මහා පාවාදීමට අවුරුදු දහයයි
රනිල් - ප්‍රභා කුප්‍රකට ගිවිසුමට වසරක් පිරෙන දා එවකට අගමැතිව සිටි රනිල්
වික්‍රමසිංහ මහතා ජනතාව අමතා අපූරු තර්ජනයක් කළේ ය. අපගේ මතකයට අනුව එම තර්ජනයෙන්
කියැවුණේ සාම - ක්‍රියාදාමයට හා රනිල්- ප්‍රභා ගිවිසුමට එරෙහි වන අය සම්බන්ධයෙන්
දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ය. එම වසරේ රට පුරා සාම රැස්වීම් දස දහසක්
පැවැත්වීමටත්, දීප ව්‍යාප්ත ව උත්සව මාලාවක් පැවැත්වීමටත් තීන්දු කර තිබිණි. එම
රැස්වීම්වලට හා උත්සවවලට බාධා කරන අයට දඬුවම් ලබා දෙන බව ද වික්‍රමසිංහ මහතා කියා
සියලු චෝදනාවලට පිළිතුරු දෙන්න ශ්‍රී ලංකාව සූදානම්
පළමු දිනයේම
නිල ප්‍රකාශයක්
මහින්ද අලුත්ගෙදර
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 19වැනි සැසිවාරය ආරම්භක දිනයේදීම ශ්‍රී
ලංකාව වෙනුවෙන් නිල ප්‍රකාශයක් සිදුකිරීම සඳහා වේලාව වෙන් කරගෙන තිබෙන බව රජය සඳහන්
කරයි.
එහිදී මානව හිමිකම් ප්‍රවර්ධනය සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග මෙන්ම එල්ලවී
ඇති චෝදනාවලට පිළිතුරු ලබාදීමටද කටයුතු කරන බව වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන බාහිර මැදිහත්වීමක් අවශ්‍ය නෑ
- රුසියාව
මහින්ද අලුත්ගෙදර
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් කිසි විටෙකත් බාහිර මැදිහත්වීමක්
චෝදනා පැරදවීමට රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග
මහින්ද අලුත්ගෙදර
ජිනීවා නුවරදී පැවැත්වෙන ජගත් මානව හිමිකම් සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව
ඉදිරිපත් කිරීමට යන යෝජනාව පරාජය කිරීම සඳහා රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ ක්‍රියාදාමයක්
විරෝධතා අතහැර සියලු ධීවරයෝ දියඹට
ප්‍රසාද් පූර්ණමාල් සහ පුත්තලම සමූහ ඩබ්ලිව්. සී. ඩී. ප්‍රනාන්දු
විරෝධතා නතර කර සිරිත් පරිදි මුහුදු යාමට සියලු ධීවරයෝ ඊයේ (22) අලුයම සිට ආරම්භ
කළහ. ඊයේ සිට ධීවර පන්නයේ යෙදී සිටින ධීවරයන්ට ආරක්ෂාව සැලසීමට ශ්‍රී ලංකා නාවික
ඇමැති කෙහෙළියට ශල්‍යකර්ම හයක්
ඉන්දික පොල්කොටුව
ඕස්ට්‍රේලියාවේ මෙල්බන්හිදී අනතුරට ලක් වූ ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කෙහෙළිය
රඹුක්වැල්ල මහතාට පෙරේදා (21) තවත් ශල්‍යකර්මයක් සිදුකර ඇත. ඒ අනුව මේ වන විට තමන්ට
ශල්‍යකර්ම හයක් එහි වෛද්‍යවරුන් විසින් සිදුකර ඇතැයි ඇමැතිවරයා ඊයේ (22) සවස
දිනමිණ’ට පැවැසීය. අනතුරින් ඇමැතිවරයාගේ දෙපාවලට තුවාල සිදුවීම හේතුවෙන් එම
ශ්‍රී ලංකා ටෙලිකොම් රු. බිලියන 478ක ලාභ ලබයි
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම පසුගිය 2011 වසරේදී රුපියල් බිලියන 478ක (රුපියල් කෝටි
යුද සමයෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන උපාය සාර්ථකයි
ජාත්‍යන්තර මුල්‍ය සංගමය
මහින්ද අලුත්ගෙදර
ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද කාලපරිච්ඡේදයේ අනුගමනය කර තිබෙන ආර්ථික සංවර්ධන උපාය
වසර 2020 දී විදුලි ඒකකයක් රු.60කට වැඩිවීමේ අවදානමක්
චමීර ඇල්ලදෙණිය
පුනර්ජනනි බලශක්තිය කෙරෙහි වැඩි අවධානය යොමු නොකළහොත් වසර 2020 දී විදුලි ඒකකයක මිල
රුපියල් 60ක් දක්වා වර්ධනය වනු ඇතැයි විදුලිබල හා බලශක්ති ඇමැති පාඨලී චම්පික රණවක
අධ්‍යාපන සංවර්ධනයට ඉංගි‍්‍රසි ගුරු සංගමයෙන් යෝජනා මාලාවක්
අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතියට ක්‍රියාත්මක කළ හැකි යෝජනා මාලාවක් ඉංගි‍්‍රසි ගුරු
ඩෙංගු මදුරුවාට රට පුරා යන්න පොදු ප්‍රවාහන සේවයෙන් උදව්
පර්යේෂණ වාර්තා කියයි
සන්ධ්‍යා කරුණාරත්න
ඩෙංගු මදුරුවන් රට පුරා ව්‍යාප්ත වීම සඳහා පොදු ප්‍රවාහන සේවය විශාල බලපෑමක් සිදු
අම්බුළුවාවේ හදිසි ගින්නකින් අක්කර 500ක් විනාශයි
ගම්පොළ සමූහ, චන්ද්‍රිකා පෙරේරා සහ ගඟඉහළකෝරළේ සමූහ
ගම්පොළ අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණ රක්ෂිතයේ හටගත් ගින්නකින් එහි අක්කර 500කට
පියාගේ වද හිංසා ලබා පස් හැවිරිදි දරුවා මරු දකී
ඇඟ පුරා
පිළිස්සුම්
තුවාල
සොරණාතොට සමුහ සී. ගමගේ
පියාගේ වද හිංසනයට හා ලිංගික අපයෝජනයකට ලක්වු පස් හැවිරිදි සිඟිත්තෙක් ඊයේ (22)
සෙවණගල වෛද්‍ය නිල නිවෙසේ ජල ටැංකියේ වල් නාශක
රස පරීක්ෂක වාර්තාවෙන් තහවුරු වෙයි
ඇඹිලිපිටිය සමූහ, බන්ධුල ගුණසේකර සහ සූරියවැව සමූහ
සෙවණගල ප්‍රාදේශීය රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයාගේ නිල නිවසේ පානීය ජල ටැංකියට වස දැමීම
පිළිබඳව සිදු කරන ලද පරීක්ෂණවලදී එම ටැංකියේ ජලයට එම්.සී.පී.ඒ. (ර්.ඛ්.ර්‍ථ.ඒ)
ඩී. ආර්. විජයවර්ධන
සහනාධාර මැද තෙල් මිල
තෙල් මිල වැඩිවිමේ කථිකාවත තවමත් අවසන් වී නැහැ. එහෙත් දේශපාලන ආවේගශීලීත්වයෙන්
මිදුන ජනතාව ක්‍රමයෙන් යථාර්ථය තේරුම් ගනිමින් සිටිනවා. තෙල් මිල සම්බන්ධයෙන්
විපක්‍ෂය ගෙනා ප්‍රධාන තර්කය වූයේ ලෝක වෙළෙඳපොළේ මිලටත් වඩා නව මිල වැඩි කිරීම හරහා
මේ රටේ තෙල් අලෙවිය සිදු කරන බවයි. ඔවුන් එහි වගකීම ආණ්ඩුවට බැර කළා. එසේ ම ලෝක
වෙළෙඳපොළේ තෙල් මිල වැඩි වෙමින් පැවතීම ඔවුන් බැහැර කළේ නැහැ. ඒ වෙනුවට කීවේ පවතින
කාල්ටන් දීප ව්‍යාප්ත මැරතන් තරගාවලිය මාර්තු 3 දා සිට පළාත් නවයේදී ම
කාන්තා - පිරිමි ජයග්‍රාහකයන්ට දහසින් බැඳි පියලි
ප්‍රින්ස් ගුණසේකර
ශ්‍රී ලංකාවේ මුල් වරට දීපව්‍යාප්ත මැරතන් ධාවන තරගාවලියක් සංවිධානය කිරීමට
තාරුණ්‍යයට හෙටක් සංවිධානය සුදානම් වෙයි.
ශ්‍රී ලංකාවේ පළාත් 9ක් මූලික කරගෙන පළාතකට එක් මැරතන් තරගය බැගින් මාර්තු 3 වැනිදා
බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ ක්‍රිකට් ජය ගම්පහට
දක්‍ෂතම ක්‍රීඩකයා වූ
යු. ජෝර්ජ් පෙරේරා
බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් අතර පැවති සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියේ
සූරතාව දිනා ගැනීමට ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී පිල සමත් විය. කොළඹ, ගම්පහ හා කළුතර
බස්නාහිර පළාත් සත් සාමාජික පාසල් රගර් තරගාවලිය 26දා
ෆවුස් මොහොමඩ්
වසරේ පාසල් රගර් තරගවාරයට පෙරහුරු තරගාවලියක් ලෙස සැළකෙන බස්නාහිර පළාත් සත්
සාමාජික පාසල් රගර් තරගාවලිය මේ මස 26 වැනිදා ගල්කිස්ස විද්‍යා විදුහල් ක්‍රීඩා
එංගලන්තය එක්දින තරගාවලිය ජය ගනී
ඩුබායි (ඒ. එෆ්. පී.)
පිට පිට දෙවැනි එක්දින ශතකයත් රැස්කළ එංගලන්ත පිලේ කෙවින් පීටර්සන් පාකිස්තානයට
එරෙහිව පැවැති දිවා රාත්‍රී සිවුවැනි හා අවසන් එක්දින තරගයෙන් කඩුලු 4 ක ජයක් සිය
කණ්ඩායමට ලබා දුන්නේය.
මේ අනුව තරග 4 කින් සමන්විත පාකිස්තාන – එංගලන්ත එක්දින තරගාවලියේ ජය 4 – 0 ක් ලෙස
උකුවෙල ප්‍රා.ලේ. කොට්ඨාස ක්‍රීඩා 26දා
අසෝක හිඳගොඩ
මාතලේ දිසා විශේෂ
උකුවෙල ප්‍රා.ලේ. කොට්ඨාස අන්තර් ක්‍රීඩා සමාජ මලල ක්‍රීඩා උළෙල මේ මස 26 වැනිදා
උකුවෙල මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
හම්බන්තොට පාසල් විස්සයි 20 සූරතාව අම්බලන්තොට ථෙරපුත්තයට
පි‍්‍රයාන් ද සිල්වා මාතර ක්‍රීඩා
හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසල් අතර පැවැති 19 න් පහළ විස්සයි 20 ක්‍රිකට්
ඉසිපතන ‘ඒ’ පිලට පළමු ඉනිමේ ජය
ඉසිපතන හා තර්ස්ටන්
විදුහල් ‘ඒ’ කණ්ඩායම් අතර තර්ස්ටන් පිටියේ පැවැති ක්‍රිකට් තරගයේදී ඉසිපතන ‘ඒ’ පිලට
පළමු ඉනිමේ ජයක් හිමිවිය.
තර්ස්ටන් ‘ඒ’-166 ටී. ජයසිංහ 19, සී. කන්නන්ගර 36, ඇම්. පේ‍්‍රමතිලක 42, එස්.
පෙරේරා 29 (ජී. නවිශාන් 5/69, කේ. ධනංජය 2/39)
ඉසිපතන ‘ඒ’-185 ඇම්. රණවීර 46, කේ. සඳරුවන් 52, ජේ. ධනංජය නොදැවී 18 (එස්. පෙරේරා
2/39, එම්. පේ‍්‍රමතිලක 3/47, එස්. ගුණතිලක 2/14),
තර්ස්ටන් ‘ඒ’ දෙවැනි ඉනිම 136 එන්. පෙරේරා 19, ටී. ජයසිංහ 36, ඩී. ගුණවර්ධන 23 (කේ.
ධනංජය 2/18, ඩී. පුංචිහේවා 3/48) ඉසිපතන ‘ඒ’ දෙවැනි ඉනිම 12/1
තරගයේ වීරයා - ඇම්. පේ‍්‍රමතිලක (තර්ස්ටන්), හොඳම පිතිකරු - ආර්. සඳරුවන් (ඉසිපතන),
හොඳම පන්දු යවන්නා - ගිහාන් නවිශාන්(ඉසිපතන), හොඳම පන්දු රකින්නා - ටී. ජයසිංහ
පිතිකරු දවාලීමේ ‘මන්කාඩ්’ ක්‍රමය
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පෙරේදා බ්‍රිස්බේන්හි පැවැති ‘කොමන්වෙල්ත් බැංකු
කුසලාන’ ක්‍රිකට් තරගයේදී ළහිරු තිරිමාන්න ට එරෙහිව ඉන්දීය පිට දඟ පන්දු යවන
ක්‍රීඩක රවි අශ්වින් ක්‍රියාත්මක කළ “මන්කාඩ්ගේ දවාලීම” (‘Mankad’
ඇල්දෙනියේ ගීතිකා මව්බිමට ගෞරවයක්
මැජික් බලයෙන් තෙල් මිල අඩුකරන්න බෑ
රිපබ්ලිකයන්ට ධවල මන්දිරය උත්තර බඳී
වොෂින්ටනයේදී - ඒ. එෆ්. පී.
එක්සත් ජනපදයේ ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් ජනාධිපති බැරැක් ඔබාමාට
චෝදනා එල්ල කරන රිපබ්ලිකන් විචාරකයින්ට ප්‍රතිප්‍රහාර එල්ල කරන ධවල මන්දිරය
මෙසේ මිල වැඩිවීමට ඉන්ද්‍රජාලික විසැඳුම් නැතැයි අනතුරු අඟවා තිබේ.
එක්සත් ජනපදයේ දුර්වල ආර්ථික පුනර්ජීවනය ට හා නොවැම්බර්
ජනාධිපතිවරණයෙන් ඔබාමාට යළි බලයට පත්වීමේ වරමට තර්ජනයක් ලෙසින් මතුව
ඇති ඉන්ධන මිල ඉහළයාම පිළිබඳව චෝදනා කිරීම සම්බන්ධයෙන් රිපබ්ලිකන්
ජනාධිපති අපේක්ෂකයන් අවස්ථාවාදී දේශපාලනයක නියැළෙ බවට ධවල මන්දිරය
ප්‍රතිචෝදනා කර ඇත.
ඉන්ධන මිල ඉහළ යාමට හා ඉන් අමෙරිකානුවන්ට මූණ දීමට සිදුවන දුෂ්කරතාවන්ට
ඉන්ද්‍රජාලික විසැඳුමක් නැතැයි ධවල මන්දිර ප්‍රකාශක ‍ජේ. කානේ ප්‍රකාශ කර
තිබේ.
‘ගෝලීය වශයෙන් ඉන්ධන මිල ඉහළ යාමෙන් ජනතාවට ඇතිවන බලපෑම ඔබාමා මැනවින් දන්නවා
. මෙය සමහර දේශපාලනඥයින් සෑම වසන්ත සමයකම සොයාගනු ලබන දෙයක් ලෙසින් ඔබාමා
පරිපාලනය විසින් සොයාගත් දෙයක් නොවෙයි” ඔහු කීවේය.
ලබන නොවැම්බර් මස පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ඔබාමාට තර්ජනයක් වීමේ
අපේක්ෂාවෙන් පසුවන රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක වීමේ තරගයක නියැළී සිටින
මිට් රොම්නේ ,රික් සැන්ටෝරම් හා නිව්ට් ගින්රිච් විසින් ඉන්ධන මිල වැඩිවීම
බෙනාසීර් භූ‍තෝ ඝාතනයට මුෂාරෆ් අත්අඩංගුවට ගන්න
පාකිස්තානය ඉන්ටපෝල් සහාය පතයි
තිරසාර සාම කතාවකට එන්න
ඇෆ්ගන් ජනපතිගෙන් තලේබානුවන්ට සහෝදරාත්මක ආයාචනයක්
කාබුල් හිදී -ඒ. එෆ්. පී.
දසකයක ඇ‍ෆ්ගන් යුද්ධයේ නිමාවක් දකිනු රිසියෙන් පවත්වන සාකච්ඡාමය
ප්‍රයත්නයට සහාය වන ලෙස පාකිස්තානයෙන් ඉල්ලා සිටින ඇ‍ෆ්ගන් ජනාධිපති හමිඩ්
කර්සායි සිය රජය සමඟ ඍජු සාකච්ඡාවන්ට එළැඹෙන ලෙස තලේබාන් සංවිධානයට
ආරාධනාවක් කර තිබේ.
“සාමක්‍රියාවලියේ අරමුණු මැනවින් අවබෝධ කරගනු පිණිස ඇ‍ෆ්ගන් රජය සමඟ ඍජු
සාකච්ඡාවන්ට එළැඹෙන ලෙස තලේබාන් නායකත්වයට ආරාධනා කරනවා”යැයි කර්සායිගේ
කාර්යාලය මගින් නිකුත් නිවේදනයක දැක්වේ .
විශ්වාසය ගොඩනගා ගැනීම හා සිරකරු හුවමාරුව කට මඟ පාදාගැනීම උදෙසා තලේබාන්
නියෝජිතයන් කටාර් රාජ්‍යයේදී එක්සත් ජනපද බලධාරීන් හමුවීම අරඹා ඇතත්
පුළුස්සන ලද ශුද්ධ කුරානය
දූෂිත ඇමැති හිරේට
ලිබියාවේ ගෝත්‍ර ගැටුම්වලින් මිය ගිය ගණන 100 පනී
ට්‍රිපොලි හි දී -ඒ. එ‍ෆ්. පී
ලිබියාවේ ගිනිකොන දිග කාන්තාර ප්‍ර‍දේශයේ ගෝත්‍ර කණ්ඩායම් දෙකක් අතර පසුගිය දින
දහය තිස්සේ ඇතිවු දරුණු ගැටුම්වලින් මේ වනවිට 100කට වැඩි පිරිසක් මියගොස්
ඇතැයි ගෝත්‍රික ආරංචිමාර්ගවලින් පැව සේ‍. ඉකුත් 12 දා පටන් පවත්නා මේ
ගැටුම්වලින් කුෆ්රා නම් නගරයේ ටෝබු ගෝත්‍රයේ 113 දෙනකු ද ස්වායි ගෝත්‍රයේ 23
දෙනකු ද ඝාතනය වී ඇත. ටෝබු ගෝත්‍රිකයන් පවසන්නේ සතියක පමණ කාලයක පටන් ඔවුන්
වැටලී ඇති අතර තත්ත්වය ‍බෙහෙවින් දරුණු බවය.
ඝාතනය වූවන් අතර ළමයින් හය දෙනකු
සිටින බව ඔවු‍හු කියති. තවද ඔවුන්ගේ ගෝත්‍රයේ තවත් 241 දෙනකු තුවාල ලබා ඇතැයි ද
සඳහන්ය. මේ අතර 23 දෙනකු ඝාතනය වූබව පැවසෙන ස්වායි ගෝත්‍රයේ 13 දෙනකු තුවාල ලබා
ඇති බව කියැවේ. මේ අතර කුර්ෆා නගර බලධාරීන් පවසන්නේ ටෝබු ගෝත්‍රිකයන්ට චැඩ් හා
සුඩාන වැනි ‍විදේශ කණිඩායම්වල සහාය ලැබී ඇති බවය. චැඩ් හා සුඩාන ජාතික
සටන් විරාම ගිවිසුමෙන් රනිල් රට විනාශයට ගෙන ගියා
- අධිනීතිඥ ගෝමීන් දයා ශ්‍රී
පණ්ඩුක සමරසේකර
රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රභාකරන් සමඟ එළැඹි සටන් විරාම ගිවිසුම නිසා රටට සිදු වූ
ව්‍යසනය අදටත් තක්සේරු කළ නොහැකි යැයි නීති විශාරදයකු වන අධිනීතිඥ ගෝමීන් දයා ශ්‍රී
ඇඹුල්ගම - ජල්තර ගම් යා කෙරෙන සමාධි මාවත සංවර්ධනයට
මංජුල හිරිපිටිය -
හෝමාගම සංචාරක
ඇමැති බන්ධුල ගුණවර්ධණ මහතා ඇඹුල්ගම, ජල්තර යා කරන මාර්ගය ජනතා අයිතියට පත්
සතුන් මරා සතුටු වූ පිලෝරිස්ට කළ පව් මෙලොවදීම පල දීලා
දියණියන්ගේ නෙත් අඳවෙලා: ඔහු දැන් වැඩිහිටි නිවාසයක
බර්ටි ලයනල් උඩුගම්පොළ
එක්තරා ප්‍රදේශයක පිහිටි වැඩිහිටි නිවාසයක වැඩිහිටි පියවරුන් දසදෙනෙකු සිටිති.
දරුවන් හැරගිය විශ්‍රාමික පියවරුන් සහ රැකියා විරහිත වූවන් වැනි විවිධ තරාතිරමේ
දහසය හැවිරිදි පාසල් සිසුවියක් කෙළෙසූ පුද්ගලයකු බරපතළ වැඩ ඇතිව සිපිරිගෙට
අවස්ථා කීපයකදීම අතවර කරලා
එක්ලක්ෂ පනස් දහසක වන්දියක් ගෙවන්න සිදු වෙයි
මුන්නේශ්වරම සමූහ – ඊ. සී. ප්‍රනාන්දු
දහසය හැවිරිදි පාසල් සිසුවියක් රවටා විටින් විටි ඇයව කෙළෙසීමේ චෝදනාවට වරද පිළිගත්
පුද්ගලයකුට බරපතළ වැඩ සහිත වසර හතක සිර දඬුවමක් සහ රුපියල් දස දහසක දඩ මුදලක් නියම
කළ හලාවත මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්. එම්. එම්. මාලනී ගුණරත්න මහත්මිය අතවරයට පත්
ලියුම් මල්ල කියා එළවළු බෑගයක් තැපැල් කාර්යාලයට බාරදීලා
කලබලයෙන් බස් රිය පැදවු ගුණදාස අයියා ලජ්ජාවට පත්වෙලා
පොල්ගහවෙල සමූහ – එල්. පී. තිලකරත්න
ග්‍රාමීය තැපැල් කාර්යාලවලට නගරයේ සිට ලිපි හා පාර්සල් ඇතුළත් තැපැල් මලු රැගෙන
යන්නේ ශ්‍රී ලංගම බස් රථ මගිනි. මේ එවැනි තැපැල් මලු රැගෙන ගිය බස් රථ රියැදුරුකු
දරුණු රෝගවලින් පීඩා විඳින අසරණ රෝගීන් පිරිසකට නොමිලේ ශීතකරණ
මාවනැල්ල සමූහ – පී. සෙනෙවිරත්න
ශීතකරණ ලබාගත් පිරිස
ඡායාරූපය - මාවනැල්ල සමූහ
දරුණු රෝගාබාධවලින් පීඩා විඳින සහ ආබාධිත පුද්ගලයන්ට අත්‍යවශ්‍ය වන ඖෂධ ගබඩා කර තබා
ගැනීම සඳහා එවැනි අයට කුඩා ප්‍රමාණයේ ශීතකරණ නොමිලේ ලබාදීමේ වැඩසටහනක් පසුගියදා