උඩරට-පහතරට එළවළු එකට වවන දකුණේ ගොවියා | දිනමිණ

උඩරට-පහතරට එළවළු එකට වවන දකුණේ ගොවියා

ඉමදුව සමුහ ලංකින්ද නානායක්කාර

කෘෂිරසායන භාවිතයෙන් තොර ගොවිතැන පිළිබදව අද ලෝකයම කතා කරන අතර දියුණු රටවල් ඒ සදහා ප්‍රමුඛතාවය දී කටයුතු කරයි. වර්තමාන ශ්‍රී ලංකා රජයේ ද ප්‍රතිපත්තිය කෘෂිරසායන භාවිතයෙන් තොර ගොවිතැනයි.

කාබනික ගොවිතැනේ අස්වනු පරිභෝජනයෙන් නිරෝගී ජන සමාජයක් අපේක්ෂා කිරීමට හැකි බව පසුගිය දා ජනාධිපතිවරයා ද ප්‍රකාශ කර තිබුණි. දියුණු රටවල් මඟින් හදුන්වාදෙනු ලැබු වල්නාශක හා කෘෂි රසායන ද්‍රව්‍ය නිසා බෙහෝ ජනයා අද වන විට හදුනා නොගත් රෝග ලක්ෂණ වලට මුහුණ දී ඇත.

එය එසේ වුවද අප මේ කියන්නට යන්නේ ජාතිය අවධිකිරීමේ කෘෂිකාර්මික මෙහෙයුම් වල නිරත වන ගොවි මහතෙකු පිළිබදවය. ඔහු නමින් ඩී.එල්. සරත් ඩයස් මහතාය. ඉමදුව කෝදිගොඩ ප්‍ර දේශයේ පදිංචිව සිටින දෙදරු පියෙකු වන මොහු මේ වන විට 56 හැවිරිදි වියේ පසුවෙයි.

ඔහුගේ සම්පුර්ණ ගොවිතැනම සිදුවන්නේ කාබනික පෙහොර භාවිතයෙනි. තම පර්චස් 54 වු නිවස සහිත ඉඩම පුරාම තැනින් තැන උඩරට පහතරට එලවළු වර්ග , පළා වර්ග ගණනාවක් වගා කොට ඇත. බොහෝ අයගේ නිගමනය උඩරට දේශගුණය අනුව වැවෙන කැරට්, නෝකෝල්, බීට්, ගෝවා වැනි එලවළු වර්ග ඩයස් මහතාගේ ගෙවත්තේ අපුරුවට වැවී ඇත. කන්කුන්, වම්බොටු, ගොටුකොළ,වැටකොලු, පතවල, ලීමකරල්, තම්පල වැනි එලවළු ද සරුවට මෙහි වැවී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඩී.එල්. සරත් මහතා,

මම මගේ මුළු ඉඩමෙම වගා කරලයි තියෙන්නේ වස විස වලින් තොර කාබනික පොහොර වලින්ම පමණයි මම වගා කරන්නේ. මගේ මුළු නිවස වටා තියෙන සම්පුර්ණ ඉඩමෙම වගා කරලා තියෙන්නේ. ඉවතලන දේවලුත් මම මේ සදහා යොදා ගන්නවා. පරණ ටයර් පවා ගෙනල්ලා මම ඒවායෙත් මේ වගාව කරනවා. මම එහි අස්වැන්න මගේ නිවසේම තියෙන පොඩි වෙලඳසලේ තියලා විකුණනවා. ගමේ ම අය ඇවිල්ලා මේවා ගෙනියනවා. අලවියේ නම් කිසිම ප්‍රශ්නයක් නෑ. උණු කැවුම් වගේ අලවි වෙනවා. හැමදාම මදි වෙනවා. මිනිස්සු කැමතියි වස විස නැති අහාර කන්න. නමුත් ප්‍රශ්නය තියෙන්නේ ඒවා නැතිකමයි. ඇත්තටම රසායනික පොහොර යෙදුවේ නෑ කියලා අස්වැන්න අඩු වෙන්නේ නෑ. කෘමීන් මර්දනය සදහා උගුල් භාවිතය කරනවා, කෘමි විකර්ෂණ පැළෑටි වගා කිරීමත් සිදුකර වගාව ආරක්ෂා කර ගන්නවා. මගේ දරුවන් දෙදෙනා හ බිරිය මේ සදහා ඉතා විශාල සහයක් දෙනවා.

නව අදහස දක්වන්න