රෝගීන් සඳහා ලබාදෙන අත්‍යාවශ්‍ය ඖෂධ මිල අඩු කිරීමේ වැඩපිළිවෙළට සමගාමීව ශල්‍ය උපකරණවල මිල ද අඩු කිරීමට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා තීරණය කැර ඇත.
ඒ අනුව පළමු අදියර යටතේ අක්ෂි කාච මිල අඩු කිරීමට සැලසුම් කැර තිබේ. දැනට අක්ෂි කාච මිල ගණන් පිළිබඳව රෝගී ජනතාවගෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බව සෞඛ්‍ය ඇමැතිවරයා පෙන්වා දෙයි.
දැනට රජයේ රෝහලට අක්ෂි සායන සඳහා පැමිණෙන රෝගීන්ට අවශ්‍ය අක්ෂි කාච ලක්ෂයක් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් නොමිලයේ ලබාදී තිබේ. නමුත් පෞද්ගලික රෝහල්වලට පැමිණෙන රෝගීන්ට අධික මිල ගණන් යටතේ අක්ෂි කාච අලෙවි කරන බවට සෞඛ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කරයි. ඇතැම් අක්ෂි කාච ඉන්දියාවෙන් රුපියල් 6000කට පමණ ආනයනය කැර රෝගීන්ට රුපියල් 25000කට පමණ අලෙවි කරන බව හෙළි වී තිබේ. අක්ෂි කාච මිල නියාමනය කිරීම තුළින් අක්ෂි කාචයක් රුපියල් 10,000කට පමණ අලෙවි කළ හැකි බව සෞඛ්‍ය ඇමැතිවරයා අවධාරණය කැර සිටී.
ශල්‍ය උපකරණ මිල අඩු කිරීමේ ක්‍රමවේදය ද සකස් කරන ලෙස සෞඛ්‍ය ඇමැතිවරයා ජාතික ඖෂධ නියාමන අධිකාරියට උපදෙස් ලබාදී ඇත.
නව අදහස දක්වන්න