බෙන්තර පාලමෙන් මෙහා | දිනමිණ

බෙන්තර පාලමෙන් මෙහා

ඉමදුව සමුහ ලංකින්ද නානායක්කාර

බෙන්තර පාලමෙන් එහාට පුස් පැටියෙක්වත් ගේන්න එපා යැයි පැරන්නන් කියයි. බෙන්තර පාලමෙන් එහා ගැන නොයෙකුත් ද අසන්නට ලැබෙයි. දකුණත් බස්නාහිරත් වෙන්කරන විශාල පාලම බෙන්තරට ගෙන එන්නේ පෞඩත්වයයි. බෙන්තර පාලමෙන් එහා දේත් බෙන්තර පාලමෙන් මෙහා දේත් නරඹමින් බෙන්තර පාලම විරාජමානව ඇත්තේ දෙස් විදෙස් සංචාරකයන්ගේ මනදොල සපුරමිනි.

බෙන්තර සහ අළුත්ගම සංචාරක පුරවරයි. බෙන්තොට දකුණු පළාතේ ගාලු දිස්ත්‍රික්කයේ දකුණත් බස්නාහිරත් වෙන්කරන මායිමේ පිහිටි සුන්දර වෙරළාසන්න නගරයකි. බෙන්තර නගරයේ ලෝක ප්‍රසිද්ධ සංචාරක හෝටල් කීපයක්ම පිහිටා ඇති අතර එය රෝග සුව කිරීමේ දේශීය ක්‍රමයක් වන ආයුර්වේදය සදහාද ප්‍රසිද්ධියක් උසුලයි. බෙන්තොට නගරය තුල නිපදවෙන රා නැමැති මධ්‍යසාරය එහි ජනප්‍රිය පානයකි. මෙහි ජනගහනය ආසන්න වශයෙන් 25000-50000ත් අතර ‍වේ.

බෙන්තර ගඟෙන් මෙහා සංචාරක ව්‍යාපාරය ගැනයි මේ. බෙන්තර පාලමත් බෙන්තර මෝය කටත් අතර ප්‍රදේශය අයිති වෙන්නේ බෙන්තර ගඟෙන් මෙහාටයි. මෙම ප්‍රදේශය සංචාරක ව්‍යාපාරයේ හිණි පෙත්තේ සිටින්නේ බෙන්තර ගඟේ මෙම ප්‍ර දේශය තුල ඇති ආරක්ෂාකාරී බව නිසාය. විශේෂයෙන්ම ජල ක්‍රීඩා සහ ආයුර්වේද ක්‍රම මඟින් රෝග සුව කර ගැනීම සදහා පැමිණෙන දේශීය විදේශීය සංචාරකයින්ගෙන් මෙම ප්‍රදේශය පිරී පවතියි.

ජල ක්‍රීඩාව සදහාම උචිත ප්‍රදේශයක් වන බෙන්තර පාලම අසල සිට මොය කට අසල දක්වා ප්‍ර දේශයේ ඕනෑම මෙහොතක විවිධ වර්ගයේ ජල ක්‍රීඩාවල යෙදෙන දෙස් විදෙස් සංචාරකයන් දැක ගැනීමට හැකියාව ඇත. මෙම ජලක්‍රීඩාවන් වලට ඉතාම ආරක්ෂා කාරී ප්‍ර දේශයක් වන මෙම ප්‍රදේශයේ පිරිස් වශයෙන් සහභාගී විය හැකි බෝට්ටු සංචාර ද ඇත. මීට අමතරව බෝට්ටුවක වරුවක් ගත කිරීමට ඔබට අවශ්‍ය නම් ලංකාවේ හොදම තැන මෙතන යැයි සිතේ. අවශ්‍ය ආහාර පාන සමඟින් මෙහි බෝට්ටුවක් ඔබට සහ ඔබගේ පවුලේ සැමට පහසුමිලකට ලබා ගැනීමේ හැකියාව ඇත. එම බෝට්ටුව තුළදීම මාළු අල්ලමින් දිනය පුරා විනෝද වෙමින් කඩොලාන පරිසරයක සුන්දරත්වය විදීමට මෙහි සංචාරයන් සදහා සහභාගී වන අයට පහසුකම් සලසා ඇත.

විශේෂයෙන්ම ජල ක්‍රීඩා සදහා හොදින් පුහුණු වු පිරිසක් මෙම ප්‍රදේශයේ දී සංචාරකයන්ට ජල ක්‍රීඩා කිරීමට කිරීමට අවශ්‍ය උපදේශන සේවා ලබා දෙනවා. මේ ප්‍රදේශය ආශ්‍රිතව පිහිටා ඇති ලලුනා ආයුර්වේද රිසෝට්හි මෙම ජල ක්‍රීඩාව සදහා වෙනම උපදේශකයින් පිරිසක් සිටිනවා. ගැඹුරු මුහුදේ මසුන් මැරීම, මෝටර් ජෙට්ස්කි පදින්න, බනානා බෝට්ස්, ටියුබ් පදින්න, සර්ෆින් කරන්න මෙහි ඕනෑ තරම් අවස්ථාව තියෙනවා. මෙහි තියෙන විශේෂත්වය නම් මෙහි පැමිණෙන අය මේවා මීට පෙර කර අත්දැකීම් ඇති අය නොවීමයි. එම අවස්ථාවේ දී ම ලලුනා ආයුර්වේද රිසෝට්හි උපදේශකයින්ගේ උපදේශනය යටතේ මේ සියලු ජල ක්‍රීඩා ඉතා සාධාරණ මුදලක් යටතේ කිරීමට හැකියාව තිබෙනවා. බෙන්තර ගඟේ දිය රැලි අතරේ කරනා මේ ජල ක්‍රීඩාවේ අපුර්වත්වය විදින්න බෙන්තර ගඟෙන් මෙහා සංචාරක ව්‍යාපාරයේ දියුණුව මොනවට ඔප්පු කරනවා.

මෙම ප්‍රදේශයටම ආවේනික වු ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම සදහා ද සංචාරකයින් වැඩි වශයෙන් මෙම ප්‍රදේශය කරා පැමිණෙනවා. කොලස්ටරෝල්, දියවැඩියාව , අධික තරබාරුව, හිසේ කැක්කුම්, කොන්දේ කැක්කුම් වැනි රෝගාබාධ සදහා විශේෂ වු ප්‍රතිකාර ක්‍රම මඟින් ප්‍රතිකාර කිරීම් සිදු කරනා බවයි මෙහි දී අපට හමු වු ලලුනා ආයුර්වේද රිසෝට් හි වෛද්‍ය රෝහිත මුනිදාස මහතා පැවසුවේ. ඔහු වැඩිදුරටත් පවසන පරිදි පැය 24 පුරාම මෙම වෛද්‍ය ක්‍රම මඟින් ප්‍රතිකාර ලබා ගැනීම සදහා සංචාරකයන් පැමිණෙනවා. එසේම සිරුර හා මනස සැහැල්ලු කරන ආයුර්වේද සම්භාහන ද අායුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි මෙම ප්‍ර දේශයේ ආයතන මඟින් ලබා ගත හැකියි. ඖෂධ වර්ග ලබා ගැනීම සදහා අක්කර 11ක ආයුර්වේද උයනක් ද ඇති බව ත් එසේ ගන්න ඉතාම පිරිසුදු ඖෂධ වර්ග යොදා ගනිමින් මෙම කාර්ය සිදුකරන බවත් ඔහු පවසයි. බෙන්තර ගඟේ ඓතිහාසික තොරතුරු දැනගන්න, විනෝද වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට මොහාන්ඩ් සොයිසා 0777 038410 සහ චානක මනරම් 077 3309101 මහත්වරු ඇමැතීමෙන් තොරතුරු ලබාගත හැකිය.

නව අදහස දක්වන්න