| Adventure with පට්ට ෆන් near හුලුගඟ | | දිනමිණ

| Adventure with පට්ට ෆන් near හුලුගඟ |

නලින් දිල්රුක්ෂ
සාමාන්‍ය චාරිකාවකට වඩා වැඩි යමක් ඔබේ ජීවිතයට ලබා දෙන අපූරුම තැනක් ගැන හඳුන්වා දෙන්නයි අද අපේ වෑයම. Adventure (ක්‍රියා දාම අද්දැකීම්) එක්ක සුපිරිම ෆන් එකක් ජීවිතයට ආත්ම විශ්වාසයක් ලැබ ගත හැකි ස්ථානයක් ගැන. තැනේ නම silver eagle adventure.
තැන පිහිටලා තියෙන්නේ නකල්ස් රක්ෂිතයට මායිම්ව. හුළු ගඟේ එක් ඉවුරක. සුන්දර නිස්කලංක භූමි බාගයක.
කොහොමද මේ තැනට යන්නේ... 
නුවර මහියංගනය දහඅට වංගු පාරේ දිගන පහුකරලා ටික දුරක් යනකොට හමු වෙනවා අරත්තන පාර. අන්න ඒ පාරේ කිලෝ මීටර් 8ක් විතර යනකොට අරත්තන තමා මේ කියන තැන පිහිටලා තියෙන්නේ.
මොනවද මේ තැනදී ඔබට ලැබෙන්නේ...
උපරිමයෙන් විනෝදාශ්වාදය, දෙවැනුව ජීවිතයේ කවදාවත්ම ලබා ගත නොහැකි අන්දමේ කණ්ඩායම් ක්‍රියාකාරකම් සමූහයක අද්දැකීම.
උපරිම ආරක්ෂාව යටතේ ක්‍රියාදාම අද්දැකීම්.
කවුද මේ අද්දැකීම් ලබන්න උපකරණ හා පුහුණුව දෙන්නේ....
වැදගත්ම දේ මේක තමයි. අද බොහෝ අය උපකරණ ටිකක් අරගන මේවගේ දේවල් කරනවා. එත් ඒවගේ දේ කරන්න අවැසි පුහුණුව ඒ අයට තියනවාද කියන එක ගැන දෙවරක් හිතන්න. මේ ක්‍රියාකාරකම් කරන්න ඇහැක් වුවත් ඒවා කරවන්න නම් නිසි පුහුණුවක් බලපත්‍රයක් තිබිය යුතුයි. එවිට තමා විශ්වාසය ඇති වෙන්නේ. ඉතින් කවුද මෙතැන පුහුණුව ලබා දෙන්නේ.
මෙතැන පුහුණුව ලබා දෙන්නේ ගුවන් හමුදාවේ විශ්‍රාමික වින් කමාන්ඩර් හරිස්චන්ද්‍ර හේරත්.
මොනවද මෙයාට තියන සුදුසුකම්.....
ඔහු තමා ගුවන් හමුදාවේ විශේෂ බල ඝණ යේ පැරිෂුට් පුහුණු ආයතනයේ හිටපු අණ දෙන නිලධාරියා වගේම එහි නිර්මාතෘ වරයා.
එසේම ඔහු දකුණු ආසියාවේම සිටින පැරිෂුට් පිම්ම පුහුණු කරන්නක් අතර වර්ණ ලාභියා. 
අන්න එවන් අයෙක් යටතේ තමා මේ කියන තැන සියලු ක්‍රියාදාමයන් සිදුවන්නේ. පුද්ගලිකවම ඔහුගේ අධීක්ෂණය යටතේ.
ඉතින් ජීවිතයට වෙනස්ම විදියක විවේකයක් වෙනසක් ලබන්න කැමති ඔබට යා හැකි කදිම තැනක් තමා මෙතැන.
ළගදිම දවසක ගමන් බිමන් අපිත් එක්ක යමු මෙතැනට අපූරුම දවසක් ගෙවලා එන්න.
එක් දින වැඩසටහන් වගේම සති ගණනක වුවත් කඳවුරු අද්දැකීම් ලබන්න අපූරුම තැනක් මෙතැන.
විශේෂම දෙය කඳවුරු අද්දැකීමකදි වැසිකිලි යාම. මෙතැන ඒ ගැටලුවත් විසඳලා තියන තැනක්. බොහොම සනීපාරක්ෂිතව වැසිකිලි කැසිකිලි  පරිහරණය කරන්න සියලු පහසුකම් පවා සකසලා තියනවා.
ක්‍රියාන්විත අද්දැකීමක් එක්ක වින්දනයක් ලබන්න සුපිරිම තැනක් මේ හුළුගඟ පුහුණු කදවුරු පරිශ්‍රය.
ඔන්න අපේ අද්දැකීමේ වීඩියෝවක් තමා පහත තියෙන්නේ. ඒකත් බලන්න. වෙනස වටහා ගන්න. සම්පුර්ණ අද්දැකීමම විනාඩි දහයකට කැටි කරලා වීඩියෝවේ තියනවා.
 

 

නව අදහස දක්වන්න