දිල්රූට රඟපාන්න ආසා හිතුණේ ඇයි? | දිනමිණ

දිල්රූට රඟපාන්න ආසා හිතුණේ ඇයි?

නෙතු ටෙලි සිතුවමේ චංවිව ඔබට අමතක වෙලානම් නැතුව ඇති පි‍්‍රයන්ත සෙනෙවිරත්නගේ දියණිය ලෙසට රංගනයේ යෙදුණ ඇගේ සැබෑ නම දිල්රූ ලියනගේ. කෑගල්ල සොඳුරු ගම් පියසක සිට කොළඹට පැමිණි ඇය සිය රංගන හීනය මේ වන විට සැබෑවක් බවට පත්කරගෙන හමාරය.

මං පුංචි කාලෙ ඉඳලා සරසවිය පත්තරය බලනවා. ඒකෙ යන නළුනිළියන්ගෙ විස්තර මං හරිම ආසාවෙන් කියවන්නෙ රංගනයට කැමැත්ත ඇති වුණොත් ඒ හින්දා. ඒත් මං හීනෙකින්වත් හිතුවෙ නැහැ මං එදා ආදරයෙන් කියවපු සරසවියක පත්තරේ මගේ ආර්ටිකල් එකක් පළ වේවි කියලා.

 

 

දිල් රූ සරසවියට සිය ගෞවාදරය පිරිනමමින් එලෙස කතාව පටන් ගත්තා.

මගේ ගම කෑගල්ල. කොළඹින් ටිකක් දුර නිසා කලාලොවට සම්බන්ධවීමට ඇති ඉඩ ප්‍රස්ථාව අඩුවුණා. හඳුනන අය කවුරුවත්ම නැහැ. ඔය අතරෙ මං රූප රැජිනියන් තෝරන තරඟවලට අයැදුම්පත් යොමු කළා. එහෙම ගිය අවස්ථාවකදී ඇති වු දැන හැඳුනුම්කම්ක් ඔස්සේයි මං රංගනයට මග විවරකරගත්තෙ.

දිල්රූගෙ පළමු ටෙලි නාට්‍ය වුණේ ද්විත්ව (පසුව එහි නම වෙනස්කොට චිත්‍රපටයක් දක්වා පරිවර්ථය කොට තිබෙනවා) එහෙත් ඇය රඟ පෑ ටෙලි නාට්‍ය අතරින් මුලින්ම විකාශය වුයේ හිරු නාලිකාවේ සෙවනැලීය.

මට මතකයි මං මුලින්ම රඟපාන්න ආව මොහොත. මොන දේ වුණාත් බය වුණේ නැහැ. හැබැයි පස්සේ ටිකක් බැනුම් ඇහැව්වා. ක්‍රමයෙන් රංගනයට හුරු වුණා. ආසාවෙන් සිටිය වෘත්තියේ නියැලෙන්නට ලැබුණම කවුද අකමැති. ක්‍රම ක්‍රමයෙන් පිරිස හඳුනාගත්තට පස්සේ දිගන් දිගටම මට රඟපාන්න කත කළා. හංස පිහාටු, සිත නිවන කතා වැනි නාට්‍ය වලත් බ්‍රේකිං නිවුස් වගේ චිත්‍රපටවලත් මං රඟපෑවා. මේ වන විට මං මියුසික් වීඩියෝ හයක පමණ රඟපෑවා. ඒ අතරින් ගාමිණි මාතරගේ හදපු සඳපායා ගීතය විෂේතයි. මං එහි ප්‍රධාන චරිතය රඟපෑවෙ. ඒ වගේම ඒක ගොඩක් ජනපි‍්‍රයත් වුණා. මේ දිනවල ඉරේෂ් ලොකු බණ්ඩාරගේ අලුත් නාට්‍යයේ රඟපානවා.

නෙතු නාට්‍යහි චංචිලෙසින් තමයි දිල්රූ ජනපි‍්‍රය වුණේ. මේ වනවිට ඇගේ චරිතයට අදාළ කොටස් විකාශය වී හමාර වුණත් ජනපි‍්‍රයත්වය නම් එහෙම්මලු.

මං ඉතින් පි‍්‍රයන්ත අයියගෙ දුවනෙ. ගයනා සුදර්ශනි අක්කා අම්මට හිටියෙ. ඒ දෙන්නත් ගොඩාක් ජනපි‍්‍රය නිසා සහ පි‍්‍රයන්ත අයියගෙ රංගනයට මිනිස්සු පි‍්‍රය නිසා මටත් ජනතාව අතරට යන්න පහසු වුණා. ඒ වගේම නෙතු නාට්‍යයත් ජනපි‍්‍රයයි. දැන් මගෙ යාළුවෝ පවා මට කතා කරන්නෙ චංචිං කියලා. චරිතයේ ඇත්ත නම චංචලා.කෙටි කරලයි චංචි කියන්නෙ.

දිල්රූ ඉගෙන ගෙන තියෙන්නෙ කෑගලු බාලිකා විදුහලෙන්. වර්තමානයේ පදිංචිවෙලා ඉන්නෙ බොරලැස්ගමුවෙ. උපන් දිනය 1992 / 01 / 09 ගෙදරින් ලොකු කැමැත්තක් තිබුණේ නැහැ. මං රඟපාන්න එනවට මොකද මං පවුලේ වැඩිමල් කෙනා. අනික කොළඹ එන්නත් වෙනවා. වාසනාවට මට කොළඹ බොරලැස්ගමුවේ ඥාති නිවසක් ලැබුණා නවතින්න. ඒක කලා කටයුතුවලට ලොකු පහසුවක්. ටී.වි. එකේ මගේ නාට්‍ය විකාශය වෙන්න පටන් ගත්තු වෙලාවෙ ඉඳලා එන්න එන්න ගෙදරට අයට තිබු බය නැතිවෙලා ගියා. අද මට ගෙදරින් ලොකු සපෝර්ට් එකක් දෙනවා.

මං මහේන්ද්‍ර පෙරේරා මහත්මයා සහ කෞශල්‍යා ප්‍රනාන්දු මහත්මිය යටතේ රංගනය ඉගෙන ගත්තා. ඒ වගේම ඉදිරියේදී අනෝජා මිස් ගාවටත් යන්න හිතාගෙන ඉන්නවා. රංගනයේ යෙදන අතරතුරදි මට හිතුණු දෙයක් තමයි හැදැරීමක් සිදුකළ යුතුයි කියන එක මං ඒ වෙනුවෙන් කාලය කැප කළා. එහෙම තැන්වලින් ඉගෙන ගද්දී තමයි දැනේනෙ අපි රඟපාන්නෙ මෙලෝ දෙයක් දන්නෙ නැතුවනෙ කියලා හිතෙන්නෙ.

දිල්රූ අවසන් කොට තමන්ට උදව් කළ පිරිස මතක් කළා

ඉනෝකා රුහුණගේ, මැණික් හේමචන්ද්‍ර, ක්‍රිෂාන්ත රුවංගන කියන අය තමයි මුල දී මට මේ කේෂත්‍රයට එන්න පාර පෙන්නුවේ. ඔවුන් ඇතුළු මට උදව් කළ සියලු දෙනාට තුති පුදනවා.

 

අදහස් 1ක් ඇත

hoda wada

නව අදහස දක්වන්න