ලංකාවට ඇති අවදානම පහව යයි -UPDATE | දිනමිණ

ලංකාවට ඇති අවදානම පහව යයි -UPDATE

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ප්‍රදේශය ආශ්‍රිතව හටගත් භූ කම්පන තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකාවේ වෙරළාශ්‍රිත ජනතාව ඒ පිළිබඳ අවධානයෙන් පසු විය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ අනතුරු ඇඟවීම මේ වන විට ඉවත් කරගෙන තිබේ.

ඒ අනුව මෙම භූ කම්පන තත්ත්වයෙන් සුනාමි අවදානම් තත්ත්වයක් ඇති වීමේ අවදානම පහව ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

භූ කම්පනයක් හේතුවෙන් වෙරළබඩ අවදානයෙන් සිටින්න - update

ඉන්දුනීසියාවේ - සුමාත්‍රා දිවයිනට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ භූ කම්පනයක් සිදුවී ඇති නිසා ශ්‍රී ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශවල ජනතාව විමසිල්ලෙන් සිටිය යුතු බව ආපදා කළමණාකාරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

ආදාල භූ කම්පනය රික්ටර් පරිමාණයේ 6.5ක භූ කම්පනයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

නව අදහස දක්වන්න