මත්ද්‍රව්‍ය - සංවිධානාත්මක අපරාධකරුවන් ගැන කියන්න | දිනමිණ

මත්ද්‍රව්‍ය - සංවිධානාත්මක අපරාධකරුවන් ගැන කියන්න

මත්ද්‍රව්‍ය  පිළිබඳ සහ සංවිධානාත්මක අපරාධකරුවන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්යය බලකා මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් 24 පැය පුරා ක්‍රියාත්මක ස්ථාපිත කර ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ මත්ද්‍රව්‍ය  හා සංවිධානාත්මක අපරාධකරුවන් පිළිබඳ තොරතුරු ඇත්නම් 011 2 580 518, 011 2 058 552 සහ 011 2 081 040 යන දුරකථන අංක ඔස්සේ  දැනුම් දෙන ලෙස ඉල්ලා සිටින බවයි.

එමෙන්ම ෆැක්ස් අංක 011 2 081 044 හා 011 2 588 499 ඔස්සේත් එවැනි තොරතුරු දැනුම්දිය හැක.

විද්‍යුත් තැපෑල ඔස්සේ ද තොරතුරු ලබාදීමට පහසුකම් සලසා ඇති බව  ද සදහන්.
 

නව අදහස දක්වන්න