මාතලේ ඩෙංගු බෝවන ස්ථාන 45ක් | දිනමිණ

මාතලේ ඩෙංගු බෝවන ස්ථාන 45ක්

පුද්ගලයන් 45කට නඩු පවරයි

මාතලේ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන ගිය පුද්ගලයන් 45 දෙනකු වෙත නඩු පවරා මදුරුවන් බෝවිය හැකි ස්ථාන පවත්වාගෙන ගිය ස්ථාන 120ක් වෙත රතු නිවේදන නිකුත් කර ඇතැයි මාතලේ පොලිසිය පවසයි.

පසුගිය මාසයක කාලයකදී මෙම වැටලීම් මාතලේ පොලිස් බල ප්‍රදේශය තුළ හුලංගමුව එම් . සි . පාර විහාරපාර අගලවත්ත අලුවිහාරේ ඩෝලේපාර මල්වත්ත පාර යන ප්‍රදේශයන්හි සිදු කරන ලද පරික්ෂාවන්ට අනුව නඩු පැවරිමට හා රතු නිවේදන නිකුත් කිරීම පොලිස් පාරිසරික ආරක්ෂණ ඒකකය විසින් සිදු කර ඇත.

මාතලේ පොලිස් පරිසර ආරක්ෂක එ්කකයේ ස්ථානාධිපති එන් බී . ඒකනායක් පොලිස් සැරයන්වරුන්වන (56404) අතපත්තු (53702) සේනාධීර පොලිස්කොස්තාපල්වරුන්වන (49411)නන්දසිරි (57175) ආනන්ද (46796) අම්සාර් හා කාන්තා පොලිස් කොස්තාපල් (5544)අශෝකා යන නිලධාරීන් විසින් මෙම වැටලීම් සිදු කර තිබේ. 

මාතලේ මධ්‍යම සමුහ සිරි අබයසිරි

නව අදහස දක්වන්න