දඹුල්ල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමදා | දිනමිණ

දඹුල්ල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමදා

ශ්‍රී ලාංකීකයන් මෙරටදි මෙහි පවතින පොදු නීතිරීති උල්ලංඝනය කළත් පිටරටදි ඔවුන් නීති ගරුකව හැසිරෙනවා. එසේවන්නේ එම රටවල තරාතිරම නොබලා නීති උල්ලංඝනය කරන පුද්ගලයන්ට දඬුවම් කිරීමයි. එබැවින් මෙරටේ පවතින පොදු නීතිරීති උල්ලංඝනය කරන සෑම පුද්ගලයකු සඳහාම රටේ පවතින නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. එසේ නීතිය ක්‍රියාත්මක නොකර ජනතාව යහමඟට හැරවිය නොහැකි බව දඹුල්ල එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක සහ දඹුල්ල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපති ප්‍රියාන් විජේරත්න මහතා පැවැසීය.

සභාපතිවරයා එසේ පැවැසුවේ පසුගියදා දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදි පැවති සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගිවෙමිනි.

මෙහිදි හෙතෙම වැඩිදුරටත් මෙසේද සඳහන් කෙළේය.

වගාහානි මෙන්ම පොහොර සහනාධාර ගෙවීම් පිළිබඳ පැහැදිලි බවක් නොමැති කමින් ගොවීන් මෙන්ම නිලධාරින්ද අපහසුතාවට පත්වෙලා. එබැවින් එම මුදල් ගෙවීම පිළිබඳ අදාළ විස්තර නිවැරැදිව ගොවිජන සේවා අංශ වෙත ලබාගත යුතුයි. පසුගිය වතාවේ ස.තො.ස. විසින් මිලට ගත්තේ දඹුල්ලේ ලොකුලූනු නොවේ. එම ලූනු මිලදී ගැනීම් විනිවිදභාවයකින් සිදුවුණේ නෑ.එබැවින් මෙවර එය විධිමත්ව සිදුකළ යුතුයි.

එමෙන්ම සීගිරිය අභයභූමිය ආශ්‍රිතව ජීවත්වන පාරම්පරික පදිංචිකරුවන්ට මේ වනවිට සිදුව ඇත්තේ මහත් අසාධාරණයක්. ඔවුන්ගේ පාරමිපරික ගම්බිම්වල ඇති ඉඩකඩම් නිසි ලෙස සංවර්ධනය කිරීමට අද ඔවුන්ට හැකියාවක් නෑ. මේ සම්බන්ධයෙන් නිතරම පැමිණිලි දේශපාලන අධිකාරිය වෙත ලැබෙනවා. එබැවින් ඔවුන්ගේ එම ගැටලුව කඩිනමින් විසඳිය යුතුයි.

මාතලේ දිස්ත්‍රික් සමූහ ඒ. ඒ. එල්. ඩයස් 

නව අදහස දක්වන්න