මාල හෙ‍ාරා ඇල්ලූ තැපැල් මහත්තයාට උපහාර | දිනමිණ

මාල හෙ‍ාරා ඇල්ලූ තැපැල් මහත්තයාට උපහාර

කාන්තාවකගේ ගෙල බැදි රන් මාලයක් කඩාගෙන පලායමින් සිටි මංකොල්ලකරුවෙක් පසුපස කිලෝමීටර් එක හමාරකට වැඩිදුරක් ලුහුබැද අල්ලාගත් ආදර්ශමත් තැපැල් සේවකයෙක් පිළිබඳව පසුගිය දා දිනමිණ පුවත්පතෙන් කළ හෙළිදරව්වෙන් පසු එම තැපැල් සේවක මහතා ඇගයීමේ උත්සවයක් පසුගියදා කුරුණෑගලදී පැවැත්විණි.

මෙලෙස ඇගයීමට ලක්වූයේ කුරුණෑගල නියෝජ්‍ය තැපැල්පති කාර්යාලයේ පොත් බැදුම්කරුවෙක් ලෙස සේවය කරන රංජිත් ලොකුගේ මහතාය. වයඹ නියෝජ්‍ය තැපැල්පති එච්. එම්. පී. හේරත්, කුරුණෑගල උතුර ප්‍රාදේශීය තැපැල් අධිකාරි ඩී. එම්. ටී. සිරිනාග සහ කුරුණෑගල දකුණ ප්‍රාදේශීය තැපැල් අධිකාරි එච්. පී. එම්. එස්. දිසානායක ඇතුළු තැපැල් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරින් විසින් මල්දමක් පලදවා රංජිත් ලොකුගේ මහතා විසින් සිදුකළ වීර ක්‍රියාව අගය කළහ. එම අවස්ථාවට එක් වී සිටි කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියලුම තැපැල් ස්ථානාධිපතිවරු සහ උප තැපැල් ස්ථානාධිපතිවරුන් ඉදිරියේ සිය අත්දැකීම විස්තර කිරීමේ අවස්ථාවක්ද රංජිත් ලොකුගේ මහතාට හිමිවිය.

කුරුණෑගල අතිරේක බණ්ඩාර රත්නායක

නව අදහස දක්වන්න