දශක හතරක අභියෝගාත්මක දේශපාලන ගමනක ජාතික මෙහෙවර අැගැයුමට | දිනමිණ

දශක හතරක අභියෝගාත්මක දේශපාලන ගමනක ජාතික මෙහෙවර අැගැයුමට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දශක හතරක දේශපාලන දිවියේ සුවිශේෂී අවස්ථා ආවරණය කෙරෙන ඡායාරූප ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (17) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ කෙරිණි. 'හෙට දකින රනිල්' නමින් නම් කර තිබෙන ප්‍රදර්ශනය මෙම හෙට (20දා) දක්වා පෙ.ව 10.00 සිට ප.ව 8.00 දක්වා විවෘතව තැබේ.

ඡායාරූප ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිතුමා එය නැරඹීමට ද එක් විය. 1977 වසරේ එවකට ළාබාලතම මන්ත්‍රීවරයා ලෙස පාර්ලිමේන්තුවට පිවිසුණු රනිල් වික්‍රමසිංහ මහතා ලාංකේය දේශපාලනයේ තීරණාත්මක භූමිකාවක් හෙබ වූ අතර, දශක හතරක අභියෝගාත්මක දේශපාලන ගමන තුළ ඒ මහතා සිදුකළ ජාතික මෙහෙවර ඇගයීම මෙම ප්‍රදර්ශනයේ ප්‍රමුඛ අරමුණ වේ. රජයේ මැති ඇමතිවරු රැසක් ද, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ මහත්මින් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්ව සිටියහ.

ප්‍රදර්ශනය මහජනතාව සඳහා විවෘත කෙරුණු ඊයේ දිනයේ ප්‍රදර්ශනය විවෘත කෙරුණේ වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙනි. ප්‍රදර්ශනයේ ආරම්භක දිනයේ එහ නැරඹීමට විශාල ජනකායක් පැමිණ සිටියහ.

ජායාරූප සුදත් මලවීර, නිශ්ශංක ද සිල්වා සහ සරත් පීරිස් 

නව අදහස දක්වන්න