මියන්මාරයෙන් ගෙනා ඇත් පැටවා දළදා මාලිගාවට රැගෙන එයි | දිනමිණ

මියන්මාරයෙන් ගෙනා ඇත් පැටවා දළදා මාලිගාවට රැගෙන එයි

අසේල කුරුළුවංශ

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මියන්මාර් රජයෙන් කරන ලද විශේෂ ඉල්ලීමකට අනුව මෙරටට ලබාදුන් ඇත් පැටවා පෙරේදා (19) අලුයම ශ්‍රී දළදා මාලිගාව වෙත රැගෙන ආවේය.

මියන්මාරයේ සිට නැව් මගින් මෙරටට ගෙන එන ලද ඇතා ඉකුත් 18 දා අලුයම ත්‍රිකුණාමල වරායෙන් ගොඩ බස්වා මහනුවරට රැගෙන එන ලද අතර ඇති ඉතා හොඳ ශරීර සෞඛ්‍යයෙන් පසුවන බව ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තිය භාර ප්‍රදීප් මියනපලාව මහතා පවසයි.

මෙම ඇතා ඉදිරි දිනක නිල වශයෙන් ජනපතිවරයා විසින් දළදා මාලිගාවට පූජා කීරීමට නියමිතය.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තිය නියෝජනය කළ ඒක දන්තයා හස්තියා මෙයට මාස කිහිපයකට පෙර හදිසියේ මිය යෑමෙන් පසු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතකු ලබා දෙන ලෙස ජනපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණි. එම ඉල්ලීම මත ජනපතිවරයා මියන්මාර් රජයට කළ යෝජනාවක් අනුව මෙම ඇත් පැටවා මෙරටට පරිත්‍යාග කර ඇත.

ශ්‍රී දළදා මාලිගා පෙරහරේ සධාතුක කරඩුව වැඩම කරන්න තරම් ගුණාංග වලින් මෙම ඇති පිරිපුන් බව ප්‍රදීප් මියනපලාව මහතා කීය. 

අදහස් 1ක් ඇත

athek barata wasthuwa obata dennam ; patiyata dalada pijitayi

නව අදහස දක්වන්න