කැළණිවැලි සහ හලාවත මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් | දිනමිණ

කැළණිවැලි සහ හලාවත මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

හෝමාගම සහ කොට්ටාව දුම්රිය ස්ථාන අතර මාලපල්ල ප්‍රදේශයේදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පවතින බව වාර්තා වේ.

මේ අතර හලාවත මාදම්පේ ප්‍රදේශයේදී දුම්රියක ගවයෙක් ගැටීමෙන් හලාවත මාර්ගයේ ද දුම්රිය ප්‍රමාදයක් පැවති බවද වාර්තා වේ.

කෙසේ නමුත් කැළණිවැලි මාර්ගයේ කාර්මික දෝෂයට ලක්වූ දුම්රිය යථා තත්වයට පත් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.

 

නව අදහස දක්වන්න