නිශ්ශංක සේනාධිපතිට මේජර් ජනරාල් පාලිතට අධි චෝදනා | දිනමිණ

නිශ්ශංක සේනාධිපතිට මේජර් ජනරාල් පාලිතට අධි චෝදනා

සිරන්ජනි කුමාරි

දක්ෂිණ මුහුදු ති‍රයේ පාවෙන අවි ගබඩා‍වක් ස්ථාපිත කිරිම සදහා ලක්ෂ 355ක අල්ලස් මුදලක් තුටු පඩුරක් වශයෙන් පිරිනැමීම හා භාර ගැනිම සම්බන්ධ චෝදනාව මත ඇවන්ගාඩ් මැරිටයිම් සර්විස් පුද්ගලික සමාගමේ හිටපු සභාපති නිශ්ශංක යාපා සේනාධිපතිට හා විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනන්දු මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර ඇති බවට අල්ලස් කොමිසම ඊයේ (28) ‍කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා වෙත දැනුම් දුන්නේය.

නඩු අංක 25/2017 යටතේ මේ මස 3 වන දින මෙලෙස විත්තිකරුවන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර ඇති බව පැවසු අල්ලස් කොමිසම විත්තිකරුවන්ට ලබන මස 19 වන දින අධිකරණයේ පෙනී සිටින ලෙසට නොතිසි ‍නිකුත් කර ඇති බවට ද අධිකරණය වෙත දැන්විය.

නඩුව පසුගියදා (25) යළි කැඳවු අතර විත්තිකරුවන් වන ඇප මත සිටින නො.6/6 සුරම්‍ය මාවත,මහරගම පදිංචි වඩුගේ පාලිත පියසිරි ප්‍රනාන්දු හා නො.168/7 ,රජමහාවිහාර පාර,සිරිපුරවත්ත ,මිරිහාන ,කොට්ටේ පදිංචි ඇවන්ගාඩ් මැරිටයිම් සර්විස් පුද්ගලික සමාගමේ සභාපති හෙට්ටිපතිරන්නැහැලා‍ගේ නිශ්ශංක යාපා සේනාධිපති යන දෙදෙනා අධිකරණය හමුවේ පෙනි සිටියහ. මෙහිදි අල්ලස් හෝ දුෂණ චෝදනා කොමිෂන් සභාව නියෝජනය කරමින් ‍සැරයන් චන්ද්‍රසිරි මහතා වැඩිදුරවාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරමින් පැවසුවේ විත්තිකරුවන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ‍අධිචෝදනා ගොනු කර ඇති බැවින් මෙම අධිකරණයේ පවතින මෙම නඩුව බහා තබන ලෙසට ඉල්ලීමක් කළේය.

දක්ෂිණ මුහුදු තිරයේ පාවෙන අවි ගබඩාවක් ස්ථාපිත කිරිම සම්බන්ධ කරන ලද විමර්ශනයේ දි ලක්ෂ 355ක මුදලක් අල්ලස් වශයෙන් පිරිනැමු බවට හා ලබා ගත් බව කියන ඇවන්ගාඩ් සභාපතිට හා මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු යන අයට එරෙහිව අල්ලස් කොමිසම මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන 2016/9/6 කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රුපියල් මිලියන 10 බැගින් වු ශරිර ඇප හතරක් හා මුදල් දෙලක්ෂ පනස්දාහසක ඇපයක් මත පුර්වගාමි මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් මුදා හරිනු ලැබීය.

අදාළ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා විත්තිකරුවන් ට නොතිසි ලද විටෙක කොළඹ මහාධිකරණය හමුවේ‍ පෙනී සිටින ලෙසට අවවාද කරමින් නඩුව බහා තැබීමට නියම කළේය. 

නව අදහස දක්වන්න