සංහිඳියාවට අකුල් නොහෙලන්න | දිනමිණ

සංහිඳියාවට අකුල් නොහෙලන්න

යහපාලන රජය දිගින් දිගටම ජාතීන් අතර සාමය, සමගිය හා සංහිඳියාව වැඩිදියුණු කිරීමට යත්න දරයි. එය අගය කළ යුතුය. රජයේ එම ප්‍රයත්නය ජනතාව අතරේ යම් පිළිගැනීමකට ලක් වී ඇති බව පෙනී යයි.

එහෙත් එම තත්ත්වය නුරුස්නා කොටසක් ද වෙයි. එය දේශීය වශයෙනුත්, විදේශීය වශයෙනුත් ක්‍රියාත්මක වෙයි. පටු දේශපාලන අරමුණු සාක්ෂාත් කර ගැනීමට පටු අරමුණු සඳහා සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ රට තුළ සාමය, සංහිඳියාව ගොඩනැ‍ඟෙන අයුරු විවේචනයට ලක් කරන බවක් පෙනේ. ඇත්ත වශයෙන්ම දැන් බෞද්ධ ආගමික උත්සවවලදී සර්ව ආගමික නායකයින් දැකිය හැක. එය කලින් යුගවල අපට දක්නට නොලැබුණ අත්දැකීමකි.

කතෝලික පියතුමන්ලා, හින්දු -මුස්ලිම් පූජකතුමන්ලා භේදයෙන් තොරව එකට එක් වී සුබපැතුම් එක් කරති. මෙය සාමයේ සහ සංහිඳියාවේ සුබ ලකුණකි.

එෙහත් ඇතැම් සමාජ වෙබ් අඩවි අසත්‍ය පතුරවමින්, මඩ අවලාද නගමින් රජයේ මෙම උත්සාහයට අකුල් හෙළීම සිදුකරනු ලබයි. එවිට ජාත්‍යන්තරය කැලැඹේ. ඔවුනට අවශ්‍ය වන්නේද එයමය. යහපාලන රජයෙන් මවාපාන පුරසාරම් දොඩන සංහිඳියාවක් සාමයක් රට තුළ නොමැති බව පෙන්වීම ඔවුන්ගේ අරමුණයි. රජය වහාම මෙයට මැදිහත් වී සාමය ඇති කිරීමට ගන්නා උත්සාහය සේම මේ වෙබ් අඩවිවල ක්‍රියාදාමය නැවැත්වීමට ද උපක්‍රම යෙදිය යුතුය. නො එසේ නම් ජාත්‍යන්තරය තුළින් අපට ප්‍රශ්න ඒම වැළැක්විය නොහැක.

ඉන්දික උපේන්ද්‍ර නම්මුනි
මහවැව

නව අදහස දක්වන්න