රෝගියෙක් වෙනුවෙන් ගිලන් රථයක් පැදවූ රාජාංගන වෛද්‍යවරයා | දිනමිණ

රෝගියෙක් වෙනුවෙන් ගිලන් රථයක් පැදවූ රාජාංගන වෛද්‍යවරයා

රිය අනතුරකට ලක්වී රාජංගනය යාය 11 ප්‍රාදේශිය රෝහටල රැගෙනා ගැබිනි මවකගේ හා දරුවාගේ ජීවිතය මරණයෙන් බේරා ගැනීමට ගිලන් රථයේ රියදුරා නොමැතිව ගිලන් රථය අනුරාධපුර ශික්ෂණ රෝහලට රැගෙන ආ වෛද්‍යවරයෙකුට එරෙහිව වහාම විගණනයක් පවත්වන ලෙස ගිලන් රථ වෘත්තිය සංගමයේ නිළයක් හොඹවන සේවකයෙකු අද  (17) උතුරුමැද පළාත් සෞඛ්‍ය විගණන ඒකකයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
 
රාජංගනය යාය 11 ප්‍රාදේශිය රෝහලේ ස්ථානභාර වෛද්‍ය ගයාන් දිල්රැක් මහතාගේ දැඩි කැපවීම නිසා ජීවිත දෙකක් බේරා ගැනීමට හැකිවූවත් රෝහලේ ගිලන් රථ රියදුරා නොමැතිව පිටස්තර රියදුරෙකු මගින් රෝගියා රෝහලට රැගෙන ඒම නිසා කූපිතවූ වෘත්තිය සමිති නායකයා ඉතා පහත් අයුරින් කටයුතු කර තිබුණි. වෛද්‍යවරයා රෝගියාව අනුරාධපුර ශික්ෂණ රෝහලට රැගෙන ඒමට පෙර සිටම විගණන ඒකකයේ නිළධාරින් එම ස්ථානයේ රැදිසිටි බව වාර්ථාවිය.
 
අද (17) උදෑසන සැමියා සමගින් යතුරු පැදියෙන් ගමන්කරමින් සිටියදී යතුරු පැදියෙන් ඇදවැටුණු සති 36 දරු ගැබක් සහිත මව රෝගාතූරවී අසාධ්‍ය තත්වයෙන් රෝහලට ඇතුලත්කර ඇති අතර ඇගේ කුසතුල සිටින දරුවාගේ හෘද ස්පන්ධනය ඉතා වේගයෙන් අඩුවීම පිළිබදව වෛද්‍යවරයා දැඩි අවධානය යොමුකර ඇත. බිරිදගේ කුසතුල වසර හතකට පසුව වැඩුණු කුලුදුල් දරුවාව බේරා දෙන ලෙස ඉල්ලමින් ඇගේ සැමියා රෝහල දෙවනත් කර තිබේ.
 
මවගේ ජීවිතය හා නූපන් දරුවාගේ ජීවිතය බේරා ගැනීමටනම් වහාම තරුණ ගැබිනි මව අනුරාධපුර ශික්ෂණ රෝහලට ගෙනයා යුතුබව වෛද්‍යවරයා තීරණය කලත් ගිලන් රථ රියදුරා නිවාඩු ලබා තිබීම නිසා රථය පැදවීමට රියදුරෙකු නොමැතිවීම නිසා ඔහු දැඩි ගැටළුවකට මුහුණදී තිබුණි. වහාම ඒ පිළිබදව උතුරුමැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට වාචිකව පවසා පිටස්තර රියදුරෙකු සමග කිලෝමීටර් 35ක් පමණ දුරින් පිහිටි අනුරාධපුර ශික්ෂණ රෝහලට රෝගියා ගිලන් රථයෙන් ගෙනඒමට කටයුතු කර තිබුණි.
 
පවුල් සෞඛ්‍ය සේවිකාවක් ඇගේ සහායිකාව රිය සහයක හා වෛද්‍යවරයා ගිලන් රථයේ නැගී විදුලි වේගයෙන් අනුරාධපුර රෝහලට පැමිණෙද්දී රෝහලේ කිසියම් සේවකයෙකු නිවාඩු ලැබූ ගිලන් රථයේ රියදුරාට වෛද්‍යවරයා රෝගියෙකු සමග වෙනත් රියදුරෙකු සමග අනුරාධපුර රෝහලට පැමිණි බව පවසා ඇති අතර ඉන් කිපුණු ගිලන් රථ රියදුරා වහාම ඒ සම්බන්ධයෙන් වෘත්තිය සමිති නායකයාට දන්වා තිබේ.
 
ඔහු ඒ පිළිබදවා උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා විගණන ඒකකයට දන්වා ඇති අතර වහාම ක්‍රියාත්මක වූ එම ඒකකය වෛද්‍යවරයා රෝහට පැමිණි අවස්ථාවේ ගිලන් රථය අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලිමත ප්‍රශ්න කර තිබුණි.
 
ගිලන්රථ වෘත්තිය සංගමයේ නායකයා වෛද්‍යවරයාට ගිලන් රථය අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ලැජ්ජා වියයුතු බව පවසමින් අවලාද නගා ඇති අතර තමන් ලැජ්ජා වීමට පෙර ජීවිත දෙකක් බේරා ගැනීමට ගත් උත්සහය අවභාවිතයක් යැයි කියන මනුස්සකමක් හදවතේ නැති වෘත්තිය සමිතිනායකයන් ලැජ්ජා වියයුතු බව වෛද්‍යවරයා ඔහුට පවසා තිබේ.
 
ජීවිත දෙකක් මරණයෙන් බේරා ගැනීමට කටයුතුකල වෛද්‍යවරයාට රාජංගනය ගම්නයෙන් දැඩි පැසසුම් ලැබී ඇති අතර ඔහු ඕනෑම පරික්ෂණයකට මුහුණදීමට සූදානමින් සිටිබව වාර්ථාවිය.
 
වෛද්‍යවරයා අප්‍රමාදව කටයුතු කිරීම නිසා අද  (17) සවස් වන විට මව හා කුසතුල සිටි දරුවා යහපත් සෞඛ්‍ය මට්ටමකින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ සිටිබව වාර්ථාවිය.    
 
(අනුරාධපුර මධ්‍යම විශේෂ)

නව අදහස දක්වන්න