හම්බන්තොට වරාය ආශ්‍රිතව අලුතින් කර්මාන්තශාලා 30ක් | දිනමිණ

හම්බන්තොට වරාය ආශ්‍රිතව අලුතින් කර්මාන්තශාලා 30ක්

ජයසිරි මුණසිංහ

හම්බන්තොට වරාය ආශ්‍රිතව අලුතින් කර්මාන්තශාලා 30ක් බිහිවන බව විශේෂ කාර්ය භාර ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා අනාවරණය කළේය.

ඊට අමතරව මුළු දකුණු පළාතම ආවරණය වන පරිදි ප්‍රධාන ‍තාක්ෂණික පුහුණු මධ්‍යස්ථානයක් පිහිටුවන බව ද ඇමැතිවරයා කීය.

පාරම්පරික සංස්කෘතියේ සිට කෘෂිකර්මය මත පදනම් වූ සංස්කෘතියක සිට විපර්යාසයක් ඇති කිරීමට මේ පුහුණු මධ්‍යස්ථානය සමත්වනු ඇතැයි ද ආචාර්ය සරත් අමුණුගම මහතා පැහැදිලි කළේය.

මත්තල ගුවන්තොටුපළ ආශ්‍රිත ලොව ප්‍රකට සුවිසල් ගුවන් සේවා මධ්‍යස්ථානයක් පිහිටුවනු ලැබේ. මත්තල ප්‍රධාන ගුවන් සේවා පුහුණු මධ්‍යස්ථානයක් ගොඩනැඟේ. එහි මුළු ආසියාවේම රටවල තරුණ තරුණියන්ට පුහුණුව සඳහා බඳවා ගැනීමට අවස්ථාව සලසා දෙන බව ද සරත් අමුණුගම මහතා කීය.

ගුවන්යානා අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානයක් ද මේ කලාපය ආශ්‍රිතව ගොඩනැඟෙන බව කී ආචාර්ය සරත් අමුණුගම මහතා නව ආයෝජන පැමිණෙනුයේ චීනය ඉන්දියාව වැනි රටවලින් පමණක් නොවන බව ද කියා සිටියේය. 

නව අදහස දක්වන්න