ඔබ ඇමතූ ජංගම දුරකථනය ක්‍රියා විරහිත කර ඇත | දිනමිණ

ඔබ ඇමතූ ජංගම දුරකථනය ක්‍රියා විරහිත කර ඇත

විද්‍යා ඝාතකයන් පෝරකයට යැවූ CID වික්‍රමය
8 කොටස

"මේ අංකය තියෙන ෆෝන් එක කාගේද?

"මගෙ තමයි සර්."

"මේක ගෙදර අනිත් අය යාළුවෝ වගේ අය පාවිච්චි කරනවද?

"නෑ සර්. මම විතරයි"

"මේකෙන් කාටද, මොන මොනවගේ අයටද කතා කරන්නේ ?

"රා බොන අයට තමයි. මාව හොයගෙන එන්නේ ඒ වගේ අයනේ"

ශිවලෝගනාදන් විද්‍යා ඝාතනට අදාළව මේවන විට කරුණු රැසක් අනාවරණය වී ඇතත් නිවරැදිව මෙම තොරතුරු අධිකරණය හමුවේ තහවුරු කරවීමේ භාරදූර කාර්යයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මුහුණදී සිටියි. එක් පසෙකින් ශිවදේවන් දුෂාන්තන් හෙවත් පෙරියම්බිගේ ප්‍රකාශය හරහා වැඩිදුර විමර්ශන සිදුකරමින් විද්‍යාගේ කණ්ණාඩි කුට්ටම සොයා ගැනීමත්, එය පවුලේ උදවිය මෙන්ම අසල්වැසියන් විසින් හඳුනාගැනීමත් වැදගත් සාක්ෂි ලෙස ඉතුරු වී තිබෙයි. අනෙක් පසින් වෙනත් නඩු කිහිපයක සැකකරුවකු වන මොහොමඩ් ඉෆ්ලාර්ට මෙම ඝාතන සිද්ධියේ මහමොළකරු ලෙස සැලකෙන ස්විස් කුමාර් විසින් අනාවරණය කර ඇති කරුණුය. එහෙත් එය තෙවන පාර්ශවක් විසින් කරනු ලබන කරුණු දැක්වීමක් නිසා ඔහු සාක්ෂියක් ලෙස සහය කරගැනීමේ ප්‍රායෝගික ගැටලු පවතියි. මේ නිසාම සිද්ධිය සම්බන්ධයෙන් තවත් මානයකින් පරීක්ෂණ මෙහෙයවීම තුළින් ඇසින් දුටු සාක්ෂියක් සොයාගැනීම පොලිස් පරීක්ෂකවරයාගේ උත්සාහය විය. මේ අතර මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, මාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදීම ආදී සිදුවීම් කිහිපයක පරීක්ෂණ කටයුතුද, ඔහු මත පැටවී තිබෙයි. මේ නිසාම විටෙන් විට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරිමේ අවශ්‍යතාවත් ඉතා අසීරු කටයුත්තක් බවට පත්ව තිබියදී එවක වැඩබලන නීතිපතිවරයා වූ දප්පුල ද ලිවේරා මහතා පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කළේය. වැඩබලන නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට යොමු කළ ලිපියේ අවධාරණය කර තිබුණේ කරුණු දෙකකි. පළමුවැන්න පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් සිදුකෙරෙන ලසන්ත වික්‍රමතුංග ඝාතන සිදුවීමේ විමර්ශන, කීත් නොයාර් සිදුවී‍මේ විමර්ශන ආදිය ඔහුගෙන් තාවකාලිකව ඉවත් කොට විද්‍යා ඝාතන සිදුවීමට අදාළව පමණක් විශේෂ රාජකාරියේ යොදවන ලෙසය. අනෙක් කාරණය වූයේ ඒ වනවිටත් යාපනය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිසපතිවරයා වූ ලලිත් ජයසිංහ මහතා එම ප්‍රදේශයෙන් මාරු කිරීමය. එම ඉල්ලීමේ කාලෝචිතභාවය කෙරෙහි අවධානය යොමු කළ පොලිස්පතිවරයා නීතිපතිවරයාගේ ඉල්ලීම සැලකිල්ලට ගෙන නිශාන්ත ද සිල්වාට 'විද්‍යා ඝාතන විමර්ශනය' විශේෂ රාජකාරියක් බවට පත්කොට සෙසු රාජකාරිවලින් තාවකාලිකව ඉවත් කිරීමට කටයුතු කළේය. එසේම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, උතුරෙන් ඌව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරු කරන ලදී.

සෙසු රාජකාරිවලින් නිල වශයෙන් තාවකාලිකව ඉවත්වූ නිශාන්ත ද සිල්වා වහාම ක්‍රියාත්මකවී තවත් අපරාධ පරීක්ෂණ නිලධාරීන් කණ්ඩායමක් ආවේක්ෂණ රාජකාරිවලට යාපනයට යැව්වේය. ඒ අනුව ‍විවිධ පාරිභෝගික භාණ්ඩවල වෙළඳ නියෝජිතයින්, රාජ්‍ය නොවන සංවිධානයක පිරිස් ලෙස කණ්ඩායම් දෙකක් යොමු කර ප්‍රදේශවාසීන්ගෙන් තොරතුරු එක්රැස් කරගැනීමට කටයුතු කළේය. ඒ වන විටත් තම විමර්ශන නිලධාරීන් කණ්ඩායම විසින් අපරාධ ස්ථානය හා ආසන්නයේ සිට මැයි මස 12, 13, 14 යන දින තුනෙහි සිය ජංගම දුරකථන වලින් ලබාගත් ඇමතුම් පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් අදාළ සංඥා කුලුනුවල විස්තර සටහන්ද සහිතව ඔහුට ලැබී තිබුණි. ප්‍රථමයෙන්ම ඒවා දින තුනට අදාළ වන සේ වර්ගීකරණය කරන ලදී. එක් සංඥා කුළුනකින් ඇමතුම් 2000-3000 ක පමණ වන ලෙස ‍තොරතුරු ලැබී තිබුණු අතර ඒවා කෙටි ලැයිස්තු ගත කිරීම බෙහෙවින් අසීරු කටයුත්තක් විය. මූලාරම්භයේදී අනුරාධපුරය, පොළොන්නරුව, ගාල්ල, මාතර ආදි ප්‍රදේශවලින් පැමිණි අයගේ අංකය කපා හරින ලද්දේ ඔවුන් ව්‍යාපාරිකයින් හෝ සංචාරකයින් ලෙස පැමිණියවුන් බව උපකල්පනය කළ හැකි නිසාය. අනතුරුව දෛනික රාජකාරිවල නිරත ආරක්ෂක අංශ, ප්‍ර දේශයේ රාජ්‍ය ආයතනවල සේවය කරන සේවකයින්ගේ, පූජ්‍ය පක්ෂයේ, සිසුන්ගේ, ව්‍යාපාරිකයින්ගේ යයි සැලකිය හැකි අංක කපා හැරිණි. ඒ අයුරින් අවසානයේ දින තුනට විස්ස බැගින් වන සේ කෙටි ලැයිස්තු සකස් කරගැනීමට හැකිවිය. ඒ වන විටත් සැකකරුවන්ගේ ජංගම දුරකථන අංක හඳුනාගෙන තිබුණු බැවින් එම අංක හා සම්බන්ධවූ වෙනත් අංක මොනවාදැයි අවධානයට ලක්කරමින් අංක විස්සකින් යුතු කෙටි ලැයිස්තුගත කිරීමේදී නිතර සටහන්වූ විශේෂ අංකයක් පහසුවෙන් හඳුනා ගැනීමට හැකිවිය. එම අංකය ප්‍රදේශයේ රාමදින්නෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුලන නඩරාජා කුගනේෂන් හෙවත් මාපිල්ලෙයි නම් පුද්ගලයෙකුට අයිතිය.

"මේ බලන්න මේ අංකය. මේ සැකකාරයෝ දෙන්නගෙ නම්බර්ස් වලට නිතර නිතර අරන් තියෙනවා"

"මටත් ඒක අහුවුණා. ඒ විතරක් නෙවෙයි, මේ ෆෝන් එක අපරාධය සිද්ධවෙච්චි මැයි 13 දා උදේ 10 න් පස්සෙ ඕෆ් වෙලා තියෙනවා"

පොලිස් පරීක්ෂකවරයාගේ තියුණු ඇසටත්, විමර්ශන අත්දැකීම්වලින් පොහොසත් මනසටත් එම අංකය වහාම ග්‍රහණය විය.

"මේ මනුස්සයගෙ පදිංචිය කොහේද? මේ වෙද්දි එයා මොනවද කරන්නෙ කියලා හොයල බලන්න"

මූලික තොරතුරු සොයාගැනීමේදී මොහු සුරාබදු දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචිව අවසර ලත් රා තැබෑරුම් සඳහා රා ලබාදෙන වෘත්තීය මට්ටමේ රා මදින්නෙකු බවත්, ඔහුගේ පදිංචිය පුංකුඩතිව් 09 වන කොටස බවත් හෙළිදරව් විය. 2016 වසරේ ජනවාරි මාසයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පිරිසක් ඔහු සොයා යයි. එදින රා මදින්නාට විශේෂ දිනයකි. වසරකට පමණ ඉහතදී මිය පරලොව ගිය සිය පියා සිහිපත් කොට ඊට පෙර දිනයේ පුණ්‍ය කටයුත්තක් හා විශේෂ දේව පූජාවක් පවත්වා නිවෙස අස්පස් කොට විවේකි සුවයෙන් සිටි දිනයයි.

"අපිට පොඩ්ඩක් කතා කරන්න ඕන. පුටුවක් අරන් මේ පැත්තෙන් වාඩිවෙන්න" ‍විමර්ශන නිලධාරියෙක් කීවේය.

මොවුන් කවුරුන්ද යන්නත්, ඇතැම් විටෙක කුමන හෝ මොහොතක මෙම පිරිස තමන් හමුවට පැමිණෙන බවත් ඔහු දැන සිටියේය. පොලිස් පරීක්ෂකවරයා ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය.

"මේ අංකය තියෙන ෆෝන් එක කාගේද?

"මගෙ තමයි සර්."

"මේක ගෙදර අනිත් අය යාළුවෝ වගේ අය පාවිච්චි කරනවද?

"නෑ සර්. මම විතරයි"

"මේකෙන් කාටද, මොන මොනවගේ අයටද කතා කරන්නේ ?

"රා බොන අයට තමයි. මාව හොයගෙන එන්නේ ඒ වගේ අයනේ"

"චන්ද්‍රකාසන් හා දුෂාන්තන් යන අය එක්කත් මේකෙන් කතා බහ කරලා තියෙනවද?

"ඔව් සර්. ඒ අයත් මගෙන් රා බොන්න එනවනේ?

"සාමාන්‍යයෙන් රා බොන්න එන කෙනෙක් එක්ක කොච්චර වෙලා කතා කරනවද?

විනාඩියක් දෙකක් වගේ සර්"

"මේ ගමේ විද්‍යා දැරිය ඝාතනය සිද්ධවෙච්චි දවස්වල විනාඩි දහය , දොළහ වගේ කාලයක් ඔහේ මේ දෙන්නා එක්ක අවස්ථා කීපයක්ම කතා කරලා තියෙනවා. මොනවද එච්චර කතා කෙරුවේ"

"ඒත් රා ගැන තමයි සර්. මොකද රා රස වුණාම ස්තූති කරන්න එහෙම එයාල කතා කරනවා."

ඒ වෙලාවේ තවත් විමර්ශන නිලධාරියෙක්, පොලිස් පරීක්ෂකවරයාගේ කනට ළං කර රහසින් යමක් කීවේය. එය මාපිල්ලෙයි ද හොඳින් දුටුවේය. තමාට තව දුරටත් මේ රංගනයේ නිරත වන්නට හැකියාවක් ඇත්දැයි ඔහු කල්පනා කළේය. පොලිස් පරීක්ෂකවරයා කුමන රහසක් ඇසුවද,ඔහු කලබලයට පත්වූ බවක් නොපෙනිණි.

" රා රස වෙන්නේ අගෝස්තු මාර්තු වගේ උෂ්ණ කාලවලදී නේද? මැයි මාසේ වගේ මෙහෙට වහින කාලයේ රා රස නෑ නේද? දැන් ඔහේ අපිව අන්දන්න හැදුවා ඇති නේද? මේ දැරිය ඝාතනය වූ ආසන්නයේ ඇති කුලුනෙන් තමයි ඔහේගේ ඇමතුම් සංඥා නිකුත් වෙලා තියෙන්නෙ. සිද්ධිය වෙච්චි මැයි 13 වෙනිදා උදේ 10 න් පස්සේ ඔහේගේ මේ ෆෝන් එක ඕෆ් වෙනවා. ඇයි ඊට පස්සෙ කවුරුත් රා බොන්න ආවේ නැද්ද? ඔහේගෙ රා මදින ගස් තියෙන පාරවල් තියෙන්නේ විද්‍යා ඉස්කෝලෙ යන එන පංති යන එන පාරවල් ළඟ. දැන් ඉතිං බොරු නොකියා මේ අපරාධය ගැන තමුන් දන්න සියලුම දේ කියන්න වෙනවා. නැත්නම් ඔහේට පස්සට කරදර වෙනවා"

පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා සෘජුව මාපිල්ලෙයිගේ ඇස් දෙස බලාගෙන දැඩිව ප්‍රශ්න කළේය. සැකකරුගේ ඇස් බියෙන් සළිත වෙනු සෙසු නිලධාරීන්ටද, හැඳිනිය හැකි විය. මොහොතක් නිහඬව සිටි ඔහු බියෙන් ගැහි ගැහී කතා කළේය.

"සර්ලා ඔය සිද්ධියෙන් පස්සේ මේ ගමට එනවා යනවා මං දැකලා තියෙනවා. මං බයෙන් හිටියේ. ඒත් කොයි වෙලාවක හරි සර්ලා මාව හොයාගෙන එන බව මං දැනගෙන හිටියා. ඒත් මං බයෙන් හිටියේ."

"විකාර කතා වැඩක් නෑ. අපරාධය වෙච්චි මැයි 13 වෙනිදා උදේ 10න් පස්සේ මේ ෆෝන් එක ඕෆ් කරලා තියන්නෙ ඇයි? දවස් 4ට පස්සෙ තමයි ආයෙම ඔන් වෙන්නෙ. එහෙම වෙන්නෙ ඇයි?

"මං කියන්නම් සර්. මට මේක ඕෆ් කරන්න කියලා කීවා"

"කවුද කීවේ? ඇයි කීවේ?

" මං මේ සිද්ධිය ඇස් දෙකට දැක්කා. චන්ද්‍රකාසනුයි දුෂාන්තනුයි තමයි මේක ඕෆ් කරන්න කීවේ. තාත්තගෙ දානෙ ඉවරවුණු අද දවසේ තාත්තට පිනක් හැටියට මං දන්න හැමදේම කියන්නම්"

සිය පියාට පිං පිණිස හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සෘජු ප්‍රශ්න කිරීම් හමුවේ මගහැරයාමට නොහැකි නිසා හෝ නඩරාජා කුගනේෂන් හෙවත් මාපිල්ලෙයි විද්‍යා ඝාතන සිදුවීමට අදාළ බොහෝ කරුණු කාරණා වමාරන්නට විය. ඒ සියල්ල නිවැරදිව, ක්‍රමානුකූලව සටහන් කරගන්නා ලෙස උප‍දෙස් දුන් නිශාන්ත ද සිල්වාට සියුම් සතුටක් දැනෙන්නට විය. ඒ පළමු වරට මෙම අපරාධයේ ඇසින් දුටු සාක්ෂිකරුවකු හමුවීම නිසාය.

වෘත්තිය මට්ටමේ රා මදින්නෙකු වූ මාපිල්ලෙයි දිනපතා රා මැද සංස්ථාවට අලෙවි කරනු ලබයි. එහිදී එක් රා බෝතලයකට ඔහුට ලැබෙන්නේ රු.25ක් වැනි මුදලකි. ඒ නිසාම සංස්ථාවට රා ලබාදීමට වඩා ඇණවුම් ලැබීමෙන් පසු පුංකුඩතිව්, 09 වන කොටසේ පිහිටි නිවසේදී රා අලෙවි කිරීමෙන් ඔහුට වැඩි වාසියක් සැලසෙයි. ඒ එහිදී රා බෝතලය රු. 100ක් වැනි මුදලකට අලෙවි කිරීමට හැකි නිසාය. ඒ නිසාම පිටස්තර ගැනුම්කරුවන් නිවසට ගෙන්වා ගැනීමටත්, ඔවුන් සමග කුළුපගව කටයුතු කිරීමෙන් ඔවුන් යළි යළිත් තමන් සොයා පැමිණෙනු ඇතැයි යන විශ්වාසයෙන් කටයුතු කිරීම ඔහුගේ පුරුද්දයි. විද්‍යා ඝාතන සිදුවීමේ සැකකරුවකු වන චන්ද්‍රකාසන් නමැති අයද, ඒ අයුරින් නිතර නිතර නිවසට පැමිණ ගිය රා ගැනුම්කරුවෙකි. මාපිල්ලෙයිගේ පියාගේ මරණය සිදුවීමෙන් පසු එකී අවමංගල්‍යයට චන්ද්‍රකාසන් සමග ඔහුගේ තවත් මිතුරන් දෙදෙනෙකු වූ දුෂාන්තන් හා උදය සූරියන් සුරේෂ්කුමාර් යන අයද පැමිණ තිබේ. ඒ අවුරුද්දකට පෙරාතුවය. එම හඳුනාගැනීම මත චන්ද්‍රකාසන් මෙන්ම සෙසු දෙදෙනාද, ක්‍රමයෙන් මොහුගේ ගැනුම්කරුවන් බවට පත්විය.

"ඒ ‍විදිහට එයාල අපේ ගෙදර එන්න යන්න මගෙන් රා බොන්න පටන් ගත්තට පස්සෙ අපි අතර යම් හිතවත්කමක් ගොඩනැඟුණා. එක දවසක් ඔය විදිහට චන්ද්‍රකාසන් මගෙන් ඇහුවා විද්‍යා ළමයා අඳුනවද කියලා. බොරු කියන්නෙ මොකටද මං ඔව් කීවා. ඊට පස්සේ ඒ ළමයා දැක්කම ආදරේ හිතෙනවා කියලා දුෂාන්තන් කීවා. ඒ ළමයා යාළු කරගන්න උදව් කරන්න පුළුවන්ද කියලා මගෙන් ඇහුවා. ඒ ළමයා ඇත්තටම හොඳ ළමයෙක්. මං එයාලගෙ ඉඩම්වල වැටවල් ගහන්න ගිහින් තියෙනවා. විද්‍යාගෙ අයියත් මං අඳුරනවා" මාපිල්ලෙයි කීවේය.

"ඉතිං ඔහේ කිසිම ප්‍රශ්නයක් නැතිව උදව් කරන්නම් කියලා ඉදිරිපත් වුණා. එහෙම නේද?

"නෑ සර්. විද්‍යාගෙ අයියා හරිම වසයි. මං ඉතිං මුලදිම මේකට මැදිහත්වෙන්න අකමැත්ත කීවා. ඒත් පස්සෙ පස්සෙ ඉඳ හිටලා යන එන තැන් දැක්කම ඒ ඒ තැන්වල ළමයා ඉන්න බව කීවා. එච්චරයි. එයාලගේ හිතේ මේ ළමයා ගැන වෛරයකින් මේ වගේ අපරාධයක් කරන්න ඉන්න බවක් මං දැනගෙන හිටියේ නෑ. අනිත් එක ඒ ළමයා එක්කලා ‍මගේ දුවත් ඉස්කෝලෙ යනවා. මට මගේ දුවක් වගේ . එහෙව් දෙයක් කොහොම විශ්වාස කරන්නද?

"ඊට පස්සෙ මොකද වෙන්නේ?

"මේ ගොල්ල ඔය විදිහට කෙල්ල යන එන තැන් බලලා කෙල්ලගෙන් යාළුවෙන්න අහන්න ඕන කිය කිය හිටියා. ඔය සිද්ධිය වෙච්චි කිට්ටුව ඒ කියන්නේ දුෂාන්තන්, චන්ද්‍රකාසන්, උදය සූරියන් සුරේෂ්කුමාර් යන අය කෙල්ල යන එන තැන නිතර සෝදිසියෙන් හිටියා. ඔය විදිහට මැයි මාසේ 11 වෙනිදා මේ අය මග රැකගෙන හිටියා. එදා විද්‍යා ඒ පාරෙන් ආවත් ආවේ තවත් ළමයි ගොඩක් එක්ක. ඒ හින්දා මේ අය කිට්ටු වුණේ නෑ. 12 වෙනිදත් මේ අය මග බලාගෙන හිටියත් එදා මේ ළමයා ආවේ නෑ. 13 වෙනිදා මේ ළමයා එනවත්, මේ කට්ටිය මග රැකගෙන ඉඳලා කෙල්ල අල්ලගන්නවත් මං බලාගෙන හිටියා.

මං ළඟට ගියා. ඒ වෙලාවෙ මුන් කෙල්ලවත් උස්සගෙන බයිසිකලයත් තල්ලු කරගෙන පාරෙන් කැලේ පැත්තට අරන් ගියා. මමත් පිටිපස්සෙන් ගියා. දුෂාන්තන් ඉස්සරලාම කෙල්ලගෙන් එයාට කැමතිද කියලා ඇහුවා. 'මං උඹට කැමති නෑ මාව අතෑරපන් මට ඉස්කෝලෙ යන්න ඕන කියලා කෙල්ල කෑගැහුවා. ඒ වෙලාවෙ එක්කෙනෙක් කෙල්ලගෙ කට අතින් වැහුවා. ඒ වෙලාවෙම දුෂාන්තන් කෙල්ලගෙ කම්මුලට පාරක් ගැහුවා. එතකොට එයාගෙ කණ්නාඩි කුට්ටම ගැලවෙලා බිමට වැටුණා. ඒ වෙලාවෙ දුෂාන්තන් ඒ කණ්නාඩි කුට්ටම අරන් සාක්කුවේ දාගත්තා. ඒ වෙලාවෙම මං කෑගහලා කීවා මං මෙතෙන්ට ආවේ මේව බලන්න මං ළඟට ගියා.ඒ වෙලාවේ උන් කෙල්ලවත් උස්සගෙන බයිසිකලයත් තල්ලු කරගෙන පාරෙන් කැලේ පැත්තට අරන් ගියා.

මමත් පස්සෙන් ගියා.දුෂාන්තන් ඉස්සරලාම කෙල්ලගෙන් එයාටකැමැතිද කියලා ඇහුවා.මං උඹට කැමැති නැහැ මාව අත ඇරපන් මට ඉස්කෝලෙ යන්න ඕනෑ කියලා කෙල්ල කෑ ගැහුවා. ඒ වෙලාවේ එක්කෙනෙක් කෙල්ලගේ කට අතින් වැහුවා ඒ වෙලාවෙම දුෂාන්තන් කෙල්ලගේ කම්මුලට පාරක්ගැහුවා එතකොට එයාගෙ කණ්ණාඩි කුට්ටම ගැලවිලා බිමට වැටුණා ඒ වෙලාවේ දුෂාන්තන් ඒ කණ්ණාඩි කුට්ටම අරන් සාක්කුවේ දා ගත්තා.ඒ වෙලාවේ මං කෑගහලා කීවා මං මෙතැනට ආවේ මේවා බලන්න නෙවෙයි ඔය කෙල්ලව අතෑරපල්ලා කියලා. ඒත් එතකොටම දුෂාන්තන් මට පිහියක් පෙන්නලා තර්ජනය කෙරුවා. 'තෝ කටවහපිය මෙතනින් පල. මෙතන වෙන කිසි දෙයක්

තෝ දන්නෙ නෑ " කියලා. ඉතිං

ය හින්දම මේ ගැන කාටවත් කීවේ නෑ.".

හෙට ඇසින් දුටු සාක්ෂි දෙකක්

රංජිත් විජේබණ්ඩාර

නව අදහස දක්වන්න