MBSL වෙතින් ‘ඩබල් වීල් ලීසිං’ මෝට­ර්බ­යි­සි­කල් සහ ස්කූටර් සඳහා එක්දින ලීසිං සේවා­වක් | දිනමිණ

MBSL වෙතින් ‘ඩබල් වීල් ලීසිං’ මෝට­ර්බ­යි­සි­කල් සහ ස්කූටර් සඳහා එක්දින ලීසිං සේවා­වක්

 ලංකා බැංකුවට අනුබද්ධ, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මුල්‍ය ආයතනයක් වන මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා ඇන්ඩ් ෆයිනෑන්ස් පීඑල්සී (MBSL) ආයතනය පිළිගත් වෙළෙඳ නාම යටතේ එන බ්‍රෑන්ඩ් නිව් මෝටර්බයිසිකල් සහ ස්කූටර් සඳහා එක්දින ලීසිං සේවාවක් හදුන්වාදී ඇත. MBSL ‘ඩබල් වීල් ලීසිං’ ලෙස නම් කර ඇති මේ නවතම සේවාව එම ආයතනයේ සභාපති ආචාර්ය සුජීව ලොකුහේවා මහතාගේ සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස නිෂාමන් කරුණාපාල මහතාගේ උපදෙස් සහ මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක වේ.

MBSL ‘ඩබල් වීල් ලීසිං’ සේවාව යටතේ හොන්ඩා, බජාජ්, යමහා, TVS, සුෂුකි සහ හීරෝ යන පිළිගත් වෙළෙඳ නාම යටතේ එන බ්‍රෑන්ඞ් නිව් මෝටර්බයිසිකල් සඳහා ලීසිං පහසුකම් ලබා ගත හැකිය. එක් දිනකින් ලබාගත හැකිවීම, කඩිනම් සහ සුහදශීලී සේවාව, අවම ලියකියවිලි, අඩුම වාරික ගෙවීම්, තරගකාරී පොලී අනුපාතය සහ වසර 5ක් දක්වා ගෙවීමේ පහසුකම් මේ ලීසිං සේවාවේ ඇති සුවිශේෂත්වය වේ. 

නව අදහස දක්වන්න