නත්තලේ නිස්කලංක අත්දැකීමකට බ්‍රවුන්ස් හෝටල් සහ නිකේතන | දිනමිණ

නත්තලේ නිස්කලංක අත්දැකීමකට බ්‍රවුන්ස් හෝටල් සහ නිකේතන

උත්සව සමයේ ඔබේ නිවාඩුව නිස්කලංක අමතක නොවන අත්දැකීමක් කරගැනීමට ඔබේ ආදරණීයයන් සමඟ බ්‍රවුන්ස් හෝටල් සහ නිකේතන වෙත පිවිසීමට සැලසුම් කරගන්න. කාර්යබහුලත්වයෙන් මිදී, සුවදායි විවේකයක් ගතකිරීම සඳහා මෙන්ම උත්සව සමය සැමරීමට අවස්ථාව සලසාදීමට බ්‍රවුන්ස් හෝටල් සහ නිකේතන හතරක් ඔබ වෙනුවෙන් සුදානමින් සිටී.

බේරුවල,‘දඊඩ්න් රිසෝට් ඇන්ඩ් ස්පා’, දික්වැල්ලේ දික්වැල්ල රිසෝට් ඇන්ඩ් ස්පා, පාසිකුඩා හි ‘ද කාම් රිසෝට් ඇන්ඩ් ස්පා’ සහ දඹුල්ලේ ‘දපැරඩයිස් රිසෝට් ඇන්ඩ් ස්පා, එම චිත්තාකර්ෂණීය නිකේතන හතරයි. උත්සවශ්‍රීයෙන් අලංකෘත ශ්‍රී ලාංකික රසයෙන් සහ සුන්දරත්වයෙන් යුත් මෙම නිකේතන ඔබ පිනවන සංචාරක පාරාදීසයන් වේ.

බ්‍රවුන්ස් හෝටල් සහ නිකේතන හතරම මෙවර නිවාඩු සමයේ ආකර්ෂණීය වැඩසටහන් රැසක් ඉදිරිපත් කරයි. නත්තල් උදාවේ දිවා හා රාත්‍රී ආහාර බුෆේ, සංගීතය, වාසනාවන්ත දිනුම් ඇදීම්, වටිනා තෑගි, නත්තල් ගීතිකා, විනෝදාත්මක ක්‍රීඩා මෙන්ම නව වසර උදාවේ දිවා හා රාත්‍රී ආහාරය, ගිනිකෙළි සංදර්ශන සහ තවත් විස්මය දනවන සිත් අමන්දානන්දයට පත් කරන අංග රැසකින් සමන්විත වේ. දිවයිනේ සුවිශේෂී ස්ථාන හතරක පිහිටා ඇති බ්‍රවුන්ස් හෝටල් සහ නිකේතන නිවාඩුවේ අසිරිය සැබෑ ලෙස අත්දැකීමට අලංකාරවත් ලෙසින් සකසා ඇති අතර එම සෑම නිකේතයකම සිටින ජාත්‍යන්තර මට්ටමේ සූපවේදීන් විසින් පිළියෙළ කළ රසාලිප්ත ආහාරපාන ඔබ සන්තර්පණය කරනු ඇත.

ලෝක ප්‍රකට නොඉදුල් බේරුවල ‘රන් සැතපුම’ වෙරළ තීරයේ පිහිටි බේරුවල, ‘දඊඩ්න් රිසෝට් ඇන්ඩ් ස්පා’,මනදොල සංසිදවන අතිවිශිෂ්ට තරු පහේ ආශ්වාදයක් විවේකීව විදගැනීමට ඔබට අවස්ථාව සලසයි. සරල, සුන්දරදේශීය ගම්මානයකින් වටවූ ‘දඊඩ්න්’ හි නෙත් පිනවන, සිත් අලවන අත්දැකිම් බොහෝය. චිත්තාකර්ෂණීය දිගු වෙරළ තීරයක පිහිටි දික්වැල්ල රිසෝට් ඇන්ඩ් ස්පා අද්විතීය සංචාරක පරාදීසයකි. පවුලේ නිවාඩුව ගතකරමින් නත්තල සැමරීමට අනගි මෙම නිකේතනය ජාත්‍යන්තර මට්ටමේ ‘ස්පා’ පහසුකම්, ‘පිසෙරියා’ - ඉතාලි අවන්හල සහ පොඩිත්තන්ගේ කෙළිසෙල්ලම් සඳහා වෙන්වූ වෙනම ස්ථානයකින් සමන්විතයි.

චමත්කාරජනක පසුබිමක් සහිත නිසල වෙරළ තීරයක පිහිටි ‘ද කාම් රිසෝට් ඇන්ඩ් ස්පා’සිත් ප්රසබෝධමත්කරන නිවාඩුවකට සුඛෝපභෝගී ගමනාන්තයකි. මෙහි පැමිණෙන අමුත්තන්ට ලොව දීර්ඝතම නොගැඹුරු වෙරළ තීරයක සක්මන් කිරීමටත්, විවිධ ජල ක්‍රීඩාවල නිරත වීමටත් අවස්ථාව සැලසෙන අතර නුදුරින් වූ චිත්තාකර්ෂණීය දේශීය ස්ථානවල සංචාරය කිරීමටත් අවස්ථාව සැලසෙනු ඇත. දේශීය උරුමය හා බැඳුනු සංස්කෘතික ත්‍රිකෝණයේ හදවත තුළ ස්ථානගත වූ දඹුල්ලේ ‘ද පැරඩයිස් රිසෝට් ඇන්ඩ් ස්පා, සිත් වසඟ කරන සංචාරක නිකේතනයකි. දපැරඩයිස් රිසෝට් ඇන්ඩ් ස්පා, මේ වසරේදී අලංකාරවත් ලෙසින් උත්සවසමය අබියස හැඩගන්වා ඇත.

නව අදහස දක්වන්න