මේ සතිය ඔබට | දිනමිණ

මේ සතිය ඔබට

පෙබරවාරි මස 14 සිට පෙබරවාරි මස 20 දක්වා

මේෂ
ප්‍රභූන්ගෙන් උදව්

ආනයන අපනයන වැනි ව්‍යාපාරවලට සම්බන්ධ වී සිටින්නන්ට හිතකර සතියකි. පරිපාලන ආදී වෘත්තීමය සේවයේ යෙදී සිටින්නන්ට හිතකර නැත. අවලාද, අභියෝග එල්ල වෙයි. විදේශීය ගමන් යා හැක. ප්‍රවාහන, ගමනාගමන පහසුකම් ලබයි. තම ඥාති සහෝදරයකු හා විරසක විය හැක. ප්‍රභූන්ගෙන් උදව් ලබයි. කලා ක්ෂේත්‍රයේ නිරතවූවන්ට ඉස්මතුවීමට අවස්ථාව ලැබේ. උසස් අධ්‍යාපනයට සුබයි. ආමාශගත ආබාධ ඉස්මතු වේ.

වෘෂභ
අධ්‍යාපනයට බාධා

තම වෘත්තීය කටයුතු කාර්යක්ෂම ලෙසත්, තීක්ෂණ ලෙසත් කළ හැක. සේවයේදී කැපවීම පෙන්වයි. ප්‍රවාහන පහසුකම් ලබයි. අපේක්ෂක විදේශීය ගමන් කල් යැවෙයි. පාසල් අධ්‍යාපනයේ අමතර වියදම් පෙන්වයි. හවුල් ව්‍යාපාරවලට යම් සැනසිලිදායී තත්ත්වයක් ඉස්මතු වේ. කලාවට සුබයි. යුග දිවියේ වාද විවාද ඇතිවිය හැක. උසස් අධ්‍යාපනයට අවහිරතා ඇත. දියවැඩියා රෝගය ඉස්මතු විය හැක. ප්‍රවේසම්වන්න.

මිථුන
ක්‍රීඩාවට සුබයි

හදිසි මුදල් වාසි ඇත. විදේශ මූලාශ්‍රවලින් මුදල් ලබන්නන්ට වාසිදායකය. කොන්ත්‍රාත් ව්‍යාපාරයේ යෙදෙන්නන්ට නව කොන්ත්‍රාත් ලැබිය හැක. ගනු ලබන තීරණ බොහෝදුරට නිවැරැදි වේ. යුග දිවියේ සමඟිය බාධා පැමිණේ. සිනමා, ක්‍රීඩා ක්ෂේත්‍රවලට විශේෂයෙන් සුබදායී වේ. උසස් අධ්‍යාපනයට බාධා ඇතිවේ. පෙම්වතුන්ට සුබ සතියකි. ඥාති සහෝදරයන් හා ගැටුම් ඇතිවේ. හදිසි මුදල් වියදම් පෙන්වයි. ස්නායු, අත් හා උරහිස් ආබාධ ඇතිවෙයි.

කටක
හදිසි වියදම්

උසස් නිලධාරීන් හා ගැටුම් ඇතිවේ. පියා සමඟ ද සුව පහසු වාසස්ථාන ලබාගැනීමට අවස්ථාව උදාවේ. අය පක්ෂය හොඳ නැත. හදිසි වියදම් පෙන්වයි. උසස් අධ්‍යාපනයට නරක නැත. පාසල් අධ්‍යාපනයට බාධා අවහිරතා ඇතිවේ. යුග දිවියේ සමඟියට එතරම් සුබ සතියක් නොවේ. හවුල් ව්‍යාපාරවලට පාඩු ලැබේ. අ‍පේක්ෂිත විදේශ ගමන් යා නොහැක. රුධිර දෝෂ ඇතිවේ.

සිංහ
රැවටීමට ලක්වේ

ලොතරැයි ජයග්‍රහණ ඇතිවිය හැක. අධ්‍යාපනයට හිතකර කාලයකි. දර්ශනවාදී අදහස් ඉස්මතු වේ. කොන්ත්‍රාත්, අඩමාන ව්‍යාපාර ආදියේ යෙදීමට පෙළඹේ. පෙම්වතුන් රැවටිලිවලට භාජනය වේ. මංගල කාරණාවලට යෝග්‍ය සතියක් නොවේ. විදේශීය මූලාශ්‍රවලින් ආදායම් ලබන්නන්ට යහපත්ය. සමාජ හා දේශපාලන කටයුතුවලට අනුගතවීමේ ප්‍රවණතාවක් ඇත. ස්නායු රෝග ඇතිවිය හැක.

කන්‍යා
අධ්‍යාපනයට සුබයි

කොන්ත්‍රාත්, ව්‍යාපාර ආදියට හිතකර සතියකි. සමස්තයක් වශයෙන් අය පක්ෂය හොඳය. පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රයට මෙන්ම උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට ද සුබදායකය. ලේඛකයන්ට ඉස්මතු විය හැක. ගුරුවරුන්ගෙන්, ආචාර්යවරුන්ගෙන් උපකාර ලබාගැනීමේ හැකියාව ඇත. ප්‍රතිවාදීන් අභිබවයි. යුග දිවියේ සංහිඳියාව පෙන්වන ග්‍රහචාරයක් පෙන්වයි. සමේ රෝග ඇතිවේ.

තුලා
ප්‍රධානීන්ගේ ඇගයුම්

අය පක්ෂය සුබයි. නිවාස, ගොඩනැගිලි ආදිය වෙනුවෙන් වියදමක් හෝ අ‍ායෝජනයක් යෙදීම පෙන්වයි. වෘත්තීමය වශයෙන් ප්‍රධානීන්ගේ ඇගයීමට ලක්වේ. වාසස්ථාන වෙනස් කිරීමට හේතු සාධක ඇතිවිය හැක. අධ්‍යාපනයේ ප්‍රගතියක් පෙන්වයි. විදේශීය මූලාශ්‍රවලින් ආදායම් ලබන්නන්ට සුබදායකය. දානමය පුණ්‍ය කටයුතු සඳහා මුදල් වැය කරයි. කොන්ත්‍රාත්, ව්‍යාපාර සඳහා අවශ්‍ය කරන මුදල් ලබාගැනීමේ වාසනා ගුණය ඇත. රුධිර පීඩනය ඇතිවේ.

වෘශ්චික
වෘත්තීය වෙනස්වීම්

ලැබීමට නියමිත මුදල් කොටස් වශයෙන් ලැබේ. හදිසි දුරබැහැර ගමන් යෙදේ. විදේශීය චාරිකා යාමට ද අවස්ථාව ලබයි. කොන්ත්‍රාත් කටයුතු, ව්‍යාපාර වැඩවලට ආයෝජන යොදයි. විදේශීය මූලාශ්‍රවලින් ආදායම් ලබන්නන්ට සුබ කාලයකි. වෘත්තීය වෙනස්වීම් ඇතිවිය හැක. කලාවේ නිරතවූවන්ට මේ සතියේ යහපත් වේ. මංගල කටයුතුවලට සුබ නැත. ස්නායු රෝග ඉස්මතු විය හැක. ප්‍රවේසම් වන්න.

ධනු
පෙම්වතුන් විරසත වේ

අය පක්ෂය වාසිදායක වුවද එය රඳවා ගැනීමට අසීරු වෙයි. ලියකියවිලි, පොතපත අස්ථානගතවිය හැක. හදිසි වියදම් වැඩිවේ. වංචනිකයන්ට අසුවිය හැක. අපවාද, විවේචන එල්ල වේ. පැරණි කෝන්තර ඉස්මතු විය හැක. ව්‍යාපාර, නඩු හබ ආදිය ඇතිවෙයි. පාසල් අධ්‍යාපනයට සුබයි. උසස් අධ්‍යාපනයේ ප්‍රගතියක් නැත. පෙම්වතුන්ගේ විරසකබවක් පෙන්වයි. ‍පාදයේ ආබාධ ඇතිවිය හැක.

මකර
ප්‍රතිවාදීන් අභිබවයි

තම වෘත්තියේදී වන අවාසිදායක බව රැකගෙන අවංකභාවය රැකගැනීමට උත්සාහ දරයි. අධ්‍යාපනයට සුබ කාලයකි. බුද්ධිමය බලය යොදා නිවැරැදි තීරණය ගනු ලබයි. ප්‍රතිවාදීන් අභිබවයි. විදේශීය මූලාශ්‍රවලින් ආදායම් බලන්නන්ට වාසිදායකය. විදේශීය ගමන් යෙදේ. ඥාතීන්ගෙන් උපකාර ලබයි. සුබසාධන හා දානමය කටයුතුවල නිරත වේ. සූක්ෂම බුද්ධිය බොහෝ කාරණා සාර්ථක කරගැනීමට යෙදිය හැකි දෘෂ්ඨිදෝෂ ඇතිවිය හැක.

කුම්භ
විවාදවල පැට ෙල්

නව ව්‍යාපාර කටයුතු හා ඉඩම් වතුපිටි සඳහා ආයෝජන යොදයි. වෘත්තීමය කටයුතුවලට බාධා ගෙන දේ. දැඩි වාද විවාද ඇතිවේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ශාස්ත්‍රීය කටයුතු වෙනුවෙන් අධික වියදම් පෙන්වයි. අධ්‍යාපනයට බාධා නැත. කලාවේ නිරතවූවන්ට ජනප්‍රියත්වය ලැබේ. ප්‍රතිවාදීන් පැරදවිය හැක. පෙම්වතුන් අන් අය රවටවයි. ආකර්ශනීය ගුණය ඇත. ළය පීනස, සෙම් රෝග උත්සන්න වීමෙන් රෝහල්ගතවීමකට පවා මුහුණදීමේ ප්‍රවණතාවක් ඇත. ප්‍රවේසම් වන්න.

මීන
නීති ගැටලු

හදිසි ධන වාසි ඇත. විදේශීය මූලාශ්‍රවලින් ලබන ආදායම්වල වැඩිවීමක් පෙන්වයි. හිමිවීමට තිබූ මුදලක් ද ලැබේ. ප්‍රභූන් හා දේශපාලනඥයින් හා ඇසුරට වැටේ. නීති ප්‍රශ්නවලට මුහුණදීමට සිදුවේ. පෙම්වතුන් රැවටීම්වලට භාජනය වේ. විදෙස්ගතවීමකට අවස්ථාවක් ඇත. විශේෂයෙන් අධ්‍යාපන කටයුතු සඳහා මේ අවස්ථා උදාවේ. කොන්ද ආශ්‍රිත අමාරුකම්, හදවත් රෝග ඉස්මතු විය හැක. ප්‍රවේසම් වන්න.

ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී
පානදුරේ රෝහන් වීරරත්න

නව අදහස දක්වන්න