මේ සතිය ඔබට | දිනමිණ

මේ සතිය ඔබට

පෙබරවාරි මස 21 සිට පෙබරවාරි මස 28 දක්වා

මේෂ

අධ්‍යාපනයට සුබයි

සුළු සුළු වශයෙන් ලබන හදිසි මුදල් වාසි ඇත. වෘත්තීය කටයුතුවලට සුබයි. ආනයන අපනයන ව්‍යාපාරවලට වාසිදායකය. රැකියා තත්ත්වය හා ස්ථාන වෙනස්වීමට කටයුතු යෙදිය හැක. නව වාසස්ථාන බලාපොරොත්තු වන අයට එය ඉටුවේ. අධ්‍යාපනයට හිතකර තත්ත්වයකි. කලාවේ නිරත වූවන්ට ඉස්මතුවීමට අවස්ථාව ලැබේ. ස්වාධීන වේ. අය පක්ෂය හොඳය. කොන්දේ ආබාධ ඇතිවේ.

වෘෂභ

හදිසි ධන ලාභ

තම සේවා ස්ථානයේ විශ්වසනීයත්වය පවත්වා ගනී. මුදල් පාලන කටයුතු ලැබිය හැක. හදිසි ධන ලාභ සේම හදිසි වියදම් ද වැඩිවේ. පාසල් අධ්‍යාපනයට බාධා ගෙන දේ. තම ව්‍යාපාරය වෙනුවෙන් ආදායම් යොදයි. විදේශ ගමන් කල් යයි. ව්‍යාපාරිකයන්ට සිවිල් නීති ප්‍රශ්නවලට මුහුණදීමට සිදුවිය හැක. සෙම් රෝග ඇතිවිය හැක. ප්‍රවේශම් වන්න.

මිථුන

ප්‍රභූන්ගෙන් උපකාර

විදේශ මූලාශ්‍රවලින් ලැබෙන ආදායම්වල වර්ධනයක් පෙන්වයි. උසස් විභාගවලින් සහ ශාස්ත්‍රීය කටයුතුවලින් සාර්ථකත්වයක් ලැබේ. කොන්ත්‍රාත් ව්‍යාපාරවලට සුබය. සෞන්දර්ය ආදී කලා කටයුතුවල නියුතු වූවන්ට ඉස්මතු විය හැක. අඹු සැමි සමාදානයට හොඳ වට පිටාවක් නොවේ. ගුරුවරුන්ගෙන්, ප්‍රභූන්ගෙන් උපකාර ලබයි. කෙටි ගමන් යෙදේ. ස්නායු ආබාධ ඇති විය හැක.

කටක

යුග දිවියේ ගැටුම්

සාර්ථක සතියක් නොවිය හැක. ගන්නා තීරණ අවාසියට හේතු වේ. ගමන් බිමන් අධිකය. ඒවා කෙටි ගමන් මෙන්ම දුරගමන්ද විය හැක. යුග දිවියේ ගැටුම් තවදුරටත් ඇතිවේ. පාසල් අධ්‍යාපනයට හිතකරය. උසස් අධ්‍යාපනයට අවහිරතා ඇතිවේ. විදේශීය ගමන් අපේක්ෂා කරන්නන්ට ප්‍රමාදවීම්වලට, කල්යෑම්වලට භාජනය වීමට සිදුවේ. රුධිර පීඩනය ඇතිවෙයි.

සිංහ

විදේශීය ගමන්

කාර්යයන් ඉෂ්ට කරගැනීමට දැඩි ආයාසයක් ගත යුතු වේ. ව්‍යාපාරිකයන් වැඩි වැඩියෙන් ආයෝජන යෙදීමට පෙළඹේ. වියදම් ඉතා අධිකය. අපේක්ෂා කළ කොන්ත්‍රාත් ආදිය තවදුරටත් ඇනහිටියි. සමාජ කටයුතු ආදියේ යෙදීමෙන් දුෂ්කරතා ඇතිවිය හැක. පාසල් හා උසස් අධ්‍යාපන කටයුතුවලට අවහිරතා නැත. දුර බැහැර ගමන් සහ විදේශීය ගමන් අපේක්ෂා කරන්නන්ට එය ඉෂ්ට කරගත හැක. සෙම් රෝග ඉස්මතු වේ.

කන්‍යා

පෙම් සබඳතා අලුත් ෙව්

අය පක්ෂය ඉදිරියෙන් සිටී. තම සේවා ස්ථානයේ ප්‍රතිවාදීන් සමඟ ඇතිවන ගැටුම්, තරග ආදියෙන් ජයගත හැක. අධ්‍යාපනයට නරක නැත. විශේෂයෙන්ම උසස් අධ්‍යාපනයට සුබදායකය. පැරණි පෙම් සබඳතා යළිත් ඇතිවිය හැක. විදේශීය මූලාශ්‍රවලින් ආදායම් ලබන්නන්ට ප්‍රගතියක් ඇත. පෙම් සබඳතා මල්ඵල ගැන්වෙයි. රුමෙටික් ආබාධ ඇති වේ.

තුලා

අයිතියට සටන් වදියි

කොන්ත්‍රාත් හා අඩමාන ව්‍යාපාරවලින් වාසිදායකය. කලාවේ නිරතවූවන්ට හිතකර සතියකි පාසල් අධ්‍යාපනයට බාධා ඇති වුවද නරකක් නැත. උසස් අධ්‍යාපනයට හිතකරය. විදේශීය මූලාශ්‍රවලින් මුදල් ලබන අයට යම් ප්‍රගතියක් පෙන්වයි. වෘත්තීමය වෙනස්කම්වලට පසුබිම සකස් විය හැක. තම අයිතිය වෙනුවෙන් සටන් වදියි. මධ්‍යස්ථව සිතයි. දියවැඩියාව ඉස්මතු වේ.

වෘශ්චික

වියදම් අධිකයි

අය පක්ෂය ඉදිරියෙන් ඇත. යම් යම් මුදල් හිරවීම් සුළුවශයෙන් සිදුවිය හැක. තම නිවසේ අලුත්වැඩියා සඳහා මෙන්ම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහාද මුදල් වියදම් වේ. ගමනා ගමන හා ප්‍රවාහන වියදම් අධික විය හැක. අධ්‍යාපනයට සුබ කාලයකි. වෘත්තීමය වශයෙන් වෙනස්වීම්වලට මග පෑදිය හැක. බුද්ධිය මෙහෙයවා කටයුතු කරයි. ස්නායු ‍රෝග ඉස්මතු විය හැක.

ධනු

පියා සමඟ ගැටුම්

ඒරාෂ්ටක තත්ත්ව යටතේ වුවද කෙසේ හෝ අදහස් ඉටුකර ගත හැක. උසස් අධ්‍යාපනයට යම් යම් බාධා ඇති විය හැකි වුවද පාසල් අධ්‍යාපනයට ඉතා හිතකර සතියකි. කලාවේ නිරතවූවන්ට සාර්ථක කාලයකි. සති අග සිට පෙම්වතුන්ට සුබය. පියා සමඟ සුළු වශයෙන් හෝ ගැටුම් ඇතිවිය හැක. අත්‍යවශ්‍ය ලියකියවිලි අස්ථානගත වේ. වකුගඩු ආබාධ ඇතිවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න.

මකර

රහස් කුමන්ත්‍රණ

පුරාවිද්‍යා අංශවල සේවය කරන්නන්ට දුෂ්කර කාලයකි. එහෙත් යම් සාර්ථකත්වයක් පෙන්වයි. වෘත්තීය හා ව්‍යාපාරික වශයෙන් විදේශගතවීමකට අවස්ථාව ලබයි. කලාවේ නිරතවූවන්ට ප්‍රබල තත්ත්වයකි. හවුල් හා ස්වාධීන ව්‍යාපාරිකයන්ටද ආයෝජන යෙදීමක් පෙන්වයි. තම ඥාති සහෝදරයන්ගෙන් උපකාර ලබයි. රහස් කුමන්ත්‍රණ, අනවින කොඩිවින ස්වරූපයෙන් පැමිණිය හැක. දියවැඩියාව ඉස්මතු වේ.

කුම්භ

කලාවට සුබයි

යෙදූ ආයෝජනයක් ඇත්නම් එහි ප්‍රතිලාභ ලැබීමට පටන් ගනියි. නිර්මාණශීලී කලාකරුවන්ට හිතකර කාලයකි. වෘත්තීමය කටයුතුවල ඉතා සාර්ථකත්වයක් පෙන්වයි. වෘත්තීමය ව්‍යාපාරමය ගිවිසුම් ඇතිකර ගැනීමට ඉතා යෝග්‍ය කාලයකි. පෙම්වතුන්ට වාසනා ගුණය ගෙන එන සතියකි. තම දරුවන්ගේ අධ්‍යාපනයේ ප්‍රගතියක්ද පෙන්වයි. විදේශීය මූලාශ්‍රවලින් ධනය ලබන්නන්ට සුබදායක කාලයකි. හිසේ රෝග ආදිය ඇතිවිය හැක.

මීන

ලොතරැයි ජය

හදිසි මුදල්වාසි මෙන්ම හිඟ මුදල්, රක්ෂණාවරණ අමතර දීමනා වැනි අමතර මුදල් ලබයි. ඉතා කැපවීමෙන් වෘත්තීමය කටයුතුවල යෙදේ. උසස්වීමකට සහ වේතන වැඩිවීමකට උත්සාහ කරයි. යුග දිවියේ සමගියට හානි කරවේ. වෘත්තීමය වශයෙන් විදේශ ගමන් යෑමට අවස්ථාව ලබයි. ලොතරැයි ජය ලැබීමේ වාසනාව ඇත. ව්‍යාපාරවලට ආයෝජන යොදයි. අපවාද ලබයි. හදවත් රෝග ඇති වේ.

ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී
පානදුරේ රෝහන් වීරරත්න

නව අදහස දක්වන්න