කොළඹ කොටුවේ සිට වව්නියාව දක්වා ධාවනය කෙරෙන අංක 4085 රජරට රැජින සීඝ්‍රගාමී දුම්රියට මෙම 26 වැනිදිනට වසර 50 ක් සපිරෙයි.
මේ නිමිත්තෙන් චාම් උත්සවයක්දුම්රිය සාමාන්‍යාධිකාරි මහානාම අබේවික්‍රම මහතාගේ උපදෙස් පරිදි මෙම 26 වැනිදා කොටුව දුම්රිය ස්ථානයේදී පැවැත්වෙන බව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා පැවැසීය
මෙම දුම්රිය ගමන් ඇරඹුවේ 1968 පෙබරවාරි මස 26 වැනිදාය.ඒ කොළඹ කොටුවේ සිට වව්නියාව දක්වාය. එදා එතරම් මගී තදබ දයක් නොතිබූ මේ දුම්රිය අද විශාල මගීන් සංඛ්‍යවකට ගමන්පහසුව ලබාදෙනදෙන අත්‍යාවශ්‍ය දුම්රියක් බවට පත්ව තිබේ.
50 වැනි සංවත්සරය සමරන මෙම දුම්රියට විශේෂ දුම්රිය මැදිරි යොදා ධාවනය කරන අතර එම මැදිරි රත්මලානදුම්රිය අංගනයේදී නවීකරණය කර ඇතැයි සමරසිංහ මහතා පැවසිය. මේ දුම්රිය පස්වරු 1.45 ට කොළඹ කොටුවෙන් පිටත්ව රාත්‍රි 8.17 ට වව්නියාවට යයි. රජරට රජින දුම්රිය පිළිබඳ උනන්දුවක් දක්වන අයට මේ උත්සවයට සහභාගිවිය හැකි බවද සමරසිංහ මහතා කීය.
නව අදහස දක්වන්න