මැතිවරණ ප්‍රතිඵලය තේරුම් ගෙන ජනතා අපේක්‍ෂා ඉටු කරනවා | දිනමිණ

මැතිවරණ ප්‍රතිඵලය තේරුම් ගෙන ජනතා අපේක්‍ෂා ඉටු කරනවා

පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය දෙස අවධානය යොමු කර පැවැති වැරදි හා අඩුපාඩු නිවැරදි කර ගනිමින් ජනතා අපේක්‍ෂා මුදුන්පත් කරලීම උදෙසා පියවර ගන්නා බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ(23) අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවක දී පැවසීය.

ජනතාව ලබා දුන් ජන වරම අනුව ඒ රාමුව තුළ සිටිමින් අවශ්‍ය සංශෝධන, යායුතු වේගය, වැරදි හා අඩුපාඩු, සංශෝධනය විය යුතු කරුණු සහ අළුතෙන් කළ යුත්තේ කුමක්ද කියා සාකච්ඡා කර තීරණයට එළැඹෙන බව ද එහිදි ජනතාව ලබාදී ඇති ජනවරම තුළ සැමවිටම ක්‍රියා කරන බවත් කිසි ලෙසකින්වත් ඒ රාමුවෙන් පිට නොයන බවද රනිල් වික්‍රමසිංහ මහතා එහිදී අවධාරණය කෙළේය.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා කණ්ඩායමක් ලබන සතියේදී පත් කරන බවද මාසයක් තුළදි මේ වැඩකටයුතු සිදු කර ඉදිරියට යෑම බලාපොරොත්තුව බවද අගමැතිවරයා මෙහිදි සඳහන් කෙළේය.

එක්සත් ජාතික පක්‍ෂයේ සහ ආණ්ඩුවේ ඉදිරි වැඩකටයුතු පිළිබඳව එම පක්‍ෂයේ අැමැතිවරු පිරිසක් සමඟ ඊයේ (23) අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවක දී හෙතෙම මේ බව සඳහන් කෙළේය.

ඉතා කෙටි කාලයක් තුළ රට ඉදිරියට ගෙන යාම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ගැනීමට අදාළ යෝජනා සහ අදහස් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස මෙහිදී සාකච්ඡා කළ අතර එම අදහස් හා යෝජනා ඇතුළත් වාර්තාවක් ඉදිරියේ දී අගමැතිවරයා වෙත අැමැති කණ්ඩායම ලබා දීමට නියමිතය.

මෙම අවස්ථාවට අැමැතිවරුන් වන සජිත් ප්‍රේමදාස, නවීන් දිසානායක,හරීන් ප්‍රනාන්දු, ඉරාන් වික්‍රමරත්න, හර්ෂ ද සිල්වා මහත්වරුන්ද සහභාගි වුහ. 

නව අදහස දක්වන්න