තිදෙනෙකු පමණක් කතා කරන පාකිස්තාන භාෂාවක් | දිනමිණ

තිදෙනෙකු පමණක් කතා කරන පාකිස්තාන භාෂාවක්

අප තුන්දෙනා මිය ගිය පසු  බදේෂි භාෂාවත් මිය යාවි

ලෝකයෙන්ම තිදෙනකු පමණක් කතා කරන භාෂාවක් පිළිබඳව පාකිස්තානය වාර්තා කරයි. ‘බදේෂි ලෙස නම් කර ඇති එම භාෂාව කතා කරන පවුල් 10ක් පමණ උතුරු පාකිස්තානයේ ඉතා දුෂ්කර, කඳුකර නිම්නයක පිහිටි ගම්මානයක සිට ඇති අතර මේ වන විට ඔවුන් වෙනත් භාෂා කතා කරන අය හා විවාහ වීම නිසා බදේෂි භාෂාව අභාවයට යමින් පවතී.

තවමත් බදේෂි භාෂාව කතා කරන තිදෙනා ගෙන් එක් අයකු වන සෙඩ් ගුල් පවසන්නේ ගම්වාසී පුරුෂයන් සිය මනමාලියන් ගමට කැන්දා ඒමත් සමග ඔවුන්ගේ දරුවන් සිය මවුවරුන්ගේ භාෂාව කතාකිරීමට හුරු වූ බවයි. එම නිසා මේ වන විට ගමේත් මේ ලෝකයෙත් එම භාෂාව කතා කරන්නේ තමන් ඇතුළු රෙහිම් ගුල් සහ අලි ශේර් පමණක් බව ඔහු පවසයි.

ඔවුන් තිදෙනා මියගිය විට බදේෂි භාෂාවත් මිය යනු ඇති බවත් එය මහත් කනගාටුවක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. 

 

නව අදහස දක්වන්න