පළාත් මැතිවරණ සභික නාම ලේඛනය ගැසට් කෙරේ | දිනමිණ

පළාත් මැතිවරණ සභික නාම ලේඛනය ගැසට් කෙරේ

පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කළ සභික නාම ලේඛනය සහිත ගැසට් නිවේදනය අද නිකුත් කිරීමට නියමිත බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව 25% ක කාන්තා නියෝජනය සහිතව සභික නාම ලේඛනය ගැසට් කෙරෙනු ඇති.

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 8690ක් වන අතර ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, කොට්ඨාස මට්ටමින් කාන්තාවන් 535 දෙනෙකු පළාත් පාලන ආයතන සඳහා තේරීපත්ව ඇති බවයි.

එ් අනුව කාන්තාවන් 1991 දෙනෙකු අතිරේක ලැයිස්තු හරහා නම් කිරීමට නියමිත ය.

මේ අතර උතුරු සහ නැගෙනහිර පළාත්වල පළාත් පාලන ආයතන 15ක කාන්තා නියෝජනය සම්පූර්ණ කිරීමට නොහැකි වී ඇත.

එම ආයතනවලට තරග කළ පක්ෂ සංඛ්‍යාව ඉහළ යාම ඊට හේතු වී ඇතැයි ද ජාතික මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.

කෙසේ වෙතත් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා පසුගියදා ප්‍රකාශ කළේ පළාත් පාලන ආයතන ලබන 20 වන දා ස්ථාපිත කරන බවයි.

නව අදහස දක්වන්න