කුණු - බොරුපන පාලම සහ නුවර පාර අවහිර කරයි | දිනමිණ

කුණු - බොරුපන පාලම සහ නුවර පාර අවහිර කරයි

වේයන්ගොඩ, දඩගමුව ප්‍රදේශයට කසල බැහැර කිරීමට විරුද්ධව ප්‍රදේශවාසීන් නුවර පාර අවහිර කරමින් විරෝධතාවයක නිරත වී සිටියි.

ඒ, කොළඹ - නුවර මාර්ගයේ කලගෙඩිහේන ප්‍රදේශයේ එක් මන්තිරුවක් අවහිර කරමිනි.

මේ අතර පිළියන්දල, කරදියානට බැහැර කිරීමට එරෙහිව අදත් පිරිසක් විරෝධතාවක නිරත වී තිබේ.

රත්මලාන, වේරහැර මාර්ගයේ බොරුපන පාලම අවහිර කරමින් ප්‍රදේශවාසීන් මෙළෙස විරෝධතාවයේ නිරත වන බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඒ හේතුවෙන් අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් ද පවතින අතර විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියි.

මීතොටමුල්ල, කුණු කන්ද නායයාම හේතුවෙන් ඊයේ අධිකරණය විසින් නියෝග කලේ කොළඹ කුණු කරදියානට මුදා හරින ලෙසයි.

 

නව අදහස දක්වන්න