නාමල්ට එරෙහි නඩුව ලබන 10 වනදා | දිනමිණ

නාමල්ට එරෙහි නඩුව ලබන 10 වනදා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 05 දෙනෙකු සහ ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගමට එරෙහි නඩුව ලබන මස 10 වනදා දක්වා කල් දැමුණි.

ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන්ගේ නියෝගයකට අනුවයි.

මෙම නඩුවේ දෙවන විත්තිකාරිය අධිකරණය හමුවේ පෙනී නොසිටීම ඊට හේතුවයි.

රුපියල් මිලියන 30ක මුදලක් අයුතු ලෙස උපයා ගැනීම මගින් මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත යටතට ගැනෙන වැරදි සිදුකළ බවට මොවුන්ට එරෙහිව චෝදනා එල්ල විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අයත් ගවර්ස් කෝපරේට් සමාගම, වෙනත් සමාගමක් සමඟ සිදුකළ ගණුදෙනුවකදී මෙලෙස අයථා ලෙස උපයා ගැනීම ඇතුළු අධි චෝදනා 11ක් යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබේ.

නව අදහස දක්වන්න